විවිධ රසට ගෙදරදීම කොත්තු හදමු.

කොත්තු කියන්නේ අපි හැමෝම ඉතා ප්‍රිය කරන රසවත් ආහාරයක්. ස්ට්‍රීට් ෆුඩ් එකක් විදියට වගේම සුපිරි අවන්හල් වලින් වුණත් කොත්තු රස බලන්න අපි කවුරුත් හරි ආසයි.ඒත් රසකාරක සහ පිරිසිදුකම සම්බන්ධයෙන් කොත්තු වලට එතරම් හොඳ ළකුණක් ලැබිලා නෑ.

ඒත් කටට රසට කන්න පුලුවන් කොත්තු නොකා ඉන්න ඕනෑත් නෑ.අපිට පුලුවන් ගුණදායක විදියට ගෙදරදීම කොත්තු හදන්න. මේ කියන්නේ ඒ ගැන.

ඕට්ස් කොත්තු.

අවශ්‍ය ද්‍රව්‍ය

  • ස්ටීම් කරගත් ඕට්ස්
  • චිකන්/ෆිෂ් කැබලි සහ හොද්දක්
  • කැරට්
  • ලීක්ස්.
  • සුදුළූණු
  • ළූණු
  • ලුණු
  • බිත්තර
  • ගම්මිරිස්

සාදා ගන්නා ආකාරය

  • තෙල් ටිකක් රත් කර එයට එළවළු සහ ළූණු, සුදුළූණු එකතු කර තෙම්පරාදු කරගන්න.
  • එයට බිත්තරය එකතු කර ස්ක්‍රැම්බල් කරන්න
  • චිකන් කැබලි එක් කරගන්න.
  • ලුණු සහ ගම්මිරිස් එකතු කරන්න
  • ස්ටීම් කරගත් ඕට්ස් එකතු කර හොදි එක් කර මිශ්‍ර කරගන්න.

කොස් කොත්තු

අවශ්‍ය ද්‍රව්‍ය

  • සිහින්ව කපා තම්බා ගත් කොස්
  • සිහින්ව කැපූ කැරට් සහ ලීක්ස්
  • රවුමට කපාගත් ළූණු
  • චොප් කළ ඉඟුරු සහ සුදු ළූණු
  • කරපිංචා
  • කෑලි මිරිස්
  • චිකන් හෝ ෆිෂ් හොද්දක් ( වෙජිටේරියන් නම් තක්කාලි හොද්දක්)
  • සෝයා සෝස්

සාදාගන්නා ආකාරය.

  • තෙල් රත් කර එයට කරපිංචා, ඉඟුරු සුදු ළූණු එක් කරගෙන තෙම්පරාදු කරගන්න.
  • එයට ළූණු සහ කැරට් එක් කර තෙම්පරාදු වෙන්නට හරින්න.
  • එයට කෑලි මිරිස් සහ සෝයා සෝස් එක් කර ගන්න
  • ඉන්පසු හොදි අවශ්‍ය පමණ එක් කර හොඳින් කලවම් කරගෙන ලීක්ස් සහ තම්බා ගත් කොස් එක් කර කලවම් කරගෙන ලිපෙන් ඉවත් කරගන්න.

චයිනීස් කොත්තු

අවශ්‍ය දේවල්:

  • කපාගත් පරාටා රොටී
  • කපාගත් ළූණු
  • කපාගත් කැරට්
  • කපාගත් මාළු මිරිස් කරල් 2ක්
  • ලියා ගත් ළූණු කොළ හෝ ලීක්ස්
  • තක්කාලි සෝස්
  • සෝයා සෝස්
  • ගම්මිරිස් කුඩු, කෑලි මිරිස්, ලුණු
  • සීනි
  • සේර
  • චොප් කරගත් ඉඟුරු සහ සුදු ළූණු
  • බිත්තර 2

සාදාගන්නා ආකාරය

  • බඳුනක් ලිප තබා තෙල් එක්කර රත්කරන්න.
  • එයට ඉඟුරු, සුදු ළූණු සහ සේර කැබැල්ල දමා තෙම්පරාදු කරගන්න.
  • ළූණු,මාළු මිරිස් සහ කැරට් එක් කර තරමක් බැදගෙන බිත්තර දෙක එක් කර බිත්තර ස්ක්‍රැම්බල් වන තුරු හොඳින් මිශ්‍ර කරන්න.
  • තෙම්පරාදු කරගත් මිශ්‍රණයට කපාගත් රොටී එක් කර කලවම් කර ගන්න.
  • භාජනයකට සෝස් සහ වතුර එකතු කර රස අනුව ගම්මිරිස්, කෑලි මිරිස්, සීනි එක් කර මිශ්‍ර කර ගන්න.
  • එය රොටි මිශ්‍රණයට එක් කර හොඳින් කලවම් කරගන්න.
  • ළූණු කොළ හෝ ලීක්ස් එක් කර නැවත මිශ්‍ර කරගන්න.
  • කොත්තුව සූදානම්.

ඔබට මේ සඳහා චිකන්, ෆිෂ්, පෝක් වැනි ඕනෑම දෙයක් එකතු කරන්නත් පුලුවන්.

Related Articles

Don't Miss


Latest Articles