හොඳින් නිදා ගන්න ගමන් ඇගේ බර අඩු කරගන්න කැමති නම් මේ දේවල් කරන්න.

ඔබේ සිරුරේ බර අඩු කරගැනීම ගැන නිතරම හිතන ඔබ ආහාර පාලනය , ව්‍යායාම වගේ දේවල් කරනවා ඇති. රාත්‍රී නින්දට පෙර මෙන්න මේ දේවල් කලොත් ඔබේ ශරීරයේ බර අඩු කරගැනීම ඔබට තවත් ඉක්මන් කරගන්න පුලුවන්

රාත්‍රියේදි අපේ ශරීරය විසින් කැලරි 300 – 400 ත් අතර ප්‍රමාණයක් දහනය කරනවා.මෙය පැයක් පුරා ඔබ වැය කරන ශක්තියට සමාන වෙනවා.ඒ නිසා ශාරීරික ව්‍යායාම වගේම සුව නින්දකුත් බර අඩු කරගන්න අත්‍යවශ්‍යයම දෙයක් කියලයි පර්‍යේශන මගින් තහවුරු වෙලා තියෙන්නෙ. මේ ලිපියෙන් කියන්න යන්නේ හොද සුවදායී නින්දක් ලබා ගෙන ඔබේ බර අඩු කරගන්නෙ කොහොමද කියලයි. නින්දක් ලබාගන්න ගමන් බර අඩු කර ගන්න කැමති ඔබට අද ඉදන්ම රාත්‍රී නින්දට යන්න කලින් බොහොම ලේසියෙන්ම කරන්න පුලුවන් දේවල් කීපයක් ගැනයි මේ කියන්නෙ. ඉතින් මෙයින් කීපයක් හෝ ඔබ අත් හදා බැලුවොත් ඔබ පුදුම කරවන ප්‍රතිඵල ඔබට ලැබේවී

යෝගා කිරීම

නින්දට පෙර ව්‍යායාම කිරීම සෞඛ්‍ය ගැටලු ඇති කරනවා.ඒ නිසා නින්දට යාමට පෙර භාවනා කිරීම ,සන්සුන් කිරීම සහ පහසු යෝගා ඉරියව් අනුගමනය කිරීම වඩාත් සුව නින්දක් ඔබට ලබා දෙනවා

උණුසුම් වතුර ස්නානය කරන්න

ඔබ නිදාගන්න විනාඩි විස්සකට පමණ කලින් උණුසුම් වතුර ස්නානය කරන්න. එමඟින් ඔබේ මාංශ පේශීන් සහ නහර ලිහිල් කරනවා.ශරීරයේ උශ්ණත්වය පහල වැටීම නිසා ඔබට සහනයක් දැනෙනවා වගේම ඔබ නින්දට ගිය පසුව ශරීරයේ විශබීජ නාශක ක්‍රියාවලියත් ආරම්භ වෙනවා

නින්දට පෙර ගෘහ චීස් ( Cottage cheese ) කන්න

ඔබ නිදාගන්න කලින් cottage cheese ආහාරයට ගැනීම ඉතා හොඳ දෙයක්. මෙම චීස් වල අඩංගු ට්‍රිප්ටෝෆාන් නැමති ඇමයිනෝ අම්ලය අඩංගු වෙනවා. එමගින් ඔබට හොඳ නින්දක් ලැබෙනවා වගේම ඔබට නින්දට යාමට ගතවන කාලය අඩු කරනවා.

නින්දට පෙර ජංගම දුරකථන භාවිතයෙන් වලකින්න

දුරකතන තිරයේ නිල් එළිය මඟින් මෙලටොනින් නිශ්පාදනය ප්‍රමාද කරන බව ඔප්පු වෙලා තියනවා.එම නිසා ඔබට නිදාගැනීමට වැඩි කාලයක් ගත වෙනවා වගේම ඔබ අවදි වන්නේත් දැඩි වෙහෙසකාරි බවකින්. ඒ නිසා නින්දට යන්න පැය දෙකකට කලින්වත් දුරකථන තිරයෙන් ඈත් වෙන්න සැලකිලිමත් වෙන්න

ප්‍රෝටීන් සහිත ආහාර ගන්න

ග්‍රීක යෝගට් ,අඩු මේද cottage cheese , රටකජු බටර් වැනි ප්‍රෝටීන් සහිත ආහාර නින්දට පෙර ගත්තාට කිසිම වරදක් නෑ. ඒවා ඔබේ පරිවෘත්තිය වේගය වැඩි කරනවා වගේම මාංශ පේශි වර්ධනයට උදවු වෙනවා

Green tea

නින්දට පෙර ග්‍රීන් ටී එකක් පානය කරන එකත් ගොඩක් වැදගත්.ග්‍රීන් ටී වර්ග රාත්‍රියේදි ඔබේ බර අඩු කරගැනීමට ගොඩක් උපකාරි වෙනවා.මෙමගින් ආහාර ජීර්ණය වැඩි දියුණු කරනවා වගේම ඔබේ ස්නායු ලිහිල් කරනවා.

නින්දට පෙර විවේකයක් ගන්න

ඔබේ දවස අධික කාර්‍යබහුල සහ වෙහෙසකාරි එකක් නම් ඔබේ මනස ආතතියෙ සහ නොසන්සුන් බවින් පෙලෙනවා.එය ඔබේ සුව නින්දට බාධාවක්. ඒ නිසා නින්දට යන්න කලින් පොතක් කියවීම ,චිත්‍රයක් ඇඳීම්,දිනපොතක් ලිවීම හෝ මනස සන්සුන් කරන සංගීතයකට සවන් දීම වැනි සුලු ක්‍රියාකාරකමක යෙදෙන්න

නිදන කාමරයේ උණුසුම අඩු කරගන්න

ඔබේ ශරීරයේ හොඳ මේදය සහ නරක මේදය වශයෙන් කොටස් දෙකක් තියෙනවා.බර අඩු කරගන්න නම් ශරීරයේ හොඳ මේදය තිබීම ගොඩක් වැදගත්.දුඹුරු මේද පටකය ( brown adipose tissue ) කියන්නේ බාහිර පරිසරයේ වෙනස්කම් අනුව හැඩගැහෙන පටකයක්. සීතල පරිසරයකදි මෙය ක්‍රියාත්මක වී ශරීරයේ මේදය දහනය වීම ආරම්භ වෙනවා.ඒ නිසා සීතල පරිසරයක නිදාගැනීමත් ඉතා වැදගත්

අඳුරේ නිදාගැනීම

අපගෙ නින්ද සඳහා උපකාරි වෙන හෝමෝනයක් වෙන මෙලටොනින් ජනනය වීම ආරම්භ වන්නෙර් අඳුරේදියි.සුලු ආලෝක තත්වයකදි පවා එය ජනනය වීම අඩාල වෙනවා. ඒ නිසා ඔබේ නිදන කාමරය විදුලි පහන් නිවා දැමීමෙන් අඳුරු කිරීමට පමණක් නෙමෙයි ජනෙල් තිර රෙදි හොඳින් වසා අඳුරු කරගැනීමත් වැදගත්

කලින් නින්දට යන්න

ඔබ ගැඹුරු නින්දක ඉන්නකොට ඔබේ ශරීරයේ කැලරි දහනය වන ප්‍රමාණය වැඩියි. ඒ වගේම ඔබ වැඩිපුර නිදාගන්න එකත් ඉතා හොඳයි .ඔබ ගැඹුරු නින්දේ ඉන්නවිට මොළයේ ක්‍රියාකාරිත්වය හොඳින් සිදුවෙනවා.එසේ වීමට අවශ්‍ය ශක්තිය ජනනය කිරීමට මේදය දහනය වෙන නිසා හොඳ නින්දක් කියන්නෙ ඔබට අත්‍යවශ්‍යයම දෙයක්

එකම වෙලාවක නින්දට යන්න

එකම වෙලාවක නින්දට නොයෑම ශරීරයේ බර වැඩිවීම හා සම්බන්ධ බව පරික්ශණ වලින් සොයාගෙන තියෙනවා.කැලරි දහනය වීමට උපකාරි වෙන දුඹුරු මේද සෛල ක්‍රියාත්මක වීමට උපකාරි වන මෙලටොනින් හෝමෝනය නිපදවීමට බාධා වීම මේ එකම වෙලාවක නින්දට නොයෑම නිසා වෙනවා.එමගින් ඔබ උදේ කාලයේ අධිකව වෙහෙසට පත්වෙනවා වගේම කැලරි සහිත ආහාර වැඩිපුර ගැනීමට ඔබේ මනස පොළඹවනවා.ඒ නිසා එකම වෙලාවක නින්දට යාමත් ඉතා වැදගත්

මේ ක්‍රම අනුගමනය කිරීම ඔබට ඔබේ ශරීරයේ අනවශ්‍ය බර අඩු කරගන්න ගොඩක් උපකාරි වෙනවා. හැබයි ඉක්මනින් කෙට්ටු වෙන්න ඕන නම් අනිවාර්යයෙන් නිසි පරිදි ව්‍යායාම කිරීම ,ආහාරය පාලනය ඔබ කලයුතුම දේවල් බව අමතක කරන්න එපා. ඒ අතරම මේ කරුණුත් ඔබේ ශරීරයේ බර අඩු කරගැනීම සඳහා අතිශයින්ම වැදගත් වේවි.

Related Articles

Don't Miss


Latest Articles