දියණිය අපයෝජන කල සල්ලාල තරුණයන් හඹා ගොස් දඬුවම් දුන් මවකගේ කතාව – Mom

අම්මා කෙනෙකුට තමන්ගේ දියණිය වෙනුවෙන් මොනතරම් කැපකිරීම් කරන්න පුලුවන්ද? ඒත් කුඩම්මා කෙනෙකුට ? ඔව්.ඇයටත් තමන්ගේ නොවෙන දියණියක් වෙනුවෙන් ඕනම දෙයක් කරන්න පුලුවන්. ඒ තමයි සෑබෑ අම්මා කෙනෙකුගේ ආදරේ !

2017 ජූලි මස තිරගත වීම ආරම්භ වන Mom නම් මේ චිත්‍රපටයේ අම්මාගේ චරිතයට පණ පොවන්නේ ශ්‍රී දේවියි. චරිතයට මනා සාධාරණයක් ඉශ්ට කරන ඇයගේ අවසන් චිත්‍රපටය මෙය වන බවත් අන්තර්ජාලයේ සඳහන් වෙනවා.

විද්‍යා ගුරුවරියක් වන දේවකී කියන්නේ දියණියන් දෙන්නෙකුගේ අම්මා කෙනෙක්.නමුත් වැඩිමහල් දියණිය ඇගේ සැමියාගේ පලවන විවාහයේ දියණියයි.දේවකී එම දියණියට තමන්ගේම දියණියට මෙන් සැලකුවත් ආර්‍යා නැමති එම දියණිය නම් කිසි දිනකත් දේවකීට තමන්ගේ මවට මෙන් සලකන්නෙ නෑ. ඇයට දේවකීව රුස්සන්නේම නැති අතර ඇගේ නපුරුකම් දේවකී ඉතාමත් ඉවසීමෙන් දරාගන්නවා.
මේ අතර ,
ආර්‍යාගේ ආදරය බලාපොරොත්තුවෙන් ඇගේ පන්තියේම ඉගෙනුම ලබන සල්ලාල තරුණයෙක් වන මෝහිත් ඇයව හඹා එන්නට පටන් ගන්නවා.ආර්‍යා හැමවිටම ඔහුව ප්‍රතික්ෂේප කලත් ඔහු ඔහුගේ උත්සහය නම් අත හරින්නෙ නෑ.ඒ නිසා ඇය ගැන ඔහු පසුවෙන්නේ ඉතා කෝපයෙන්.මේ අතර ආදරවන්තයන්ගෙ දිනය වෙනුවෙන් පන්තියේ මිතුරු මිතුරියන් එක්ව සාදයක් සූදානම් කරනවා. දෙමව්පියන්ගේ අවසර ගෙන ආර්‍යාත් ඊට සහභාගි වෙනවා.
එය ආර්‍යාගේ ජිවීතයේ අවාසනාවන්ත දිනයක් සටහන් කරාවි කියා ඇය මොහොතකට වත් සිතන්නෙ නැතුව ඇති.
පසුදින උදෑසන කානුවක තිබී ආර්‍යාගේ සිරුර සොයාගන්නා විටත් සියල්ල සිදුවී අවසන්. කීප දෙනෙකුගේම අතවර වලට ලක්ව දැඩි තුවාලද ලබා සිටි ඇයව රෝහල් ගත කෙරෙනවා. ඒ අඳුරු හෝරා කීපයේ සිදුවූ සිදුවීමෙන් ආර්‍යා ඇතුලු පවුලේ හැමදෙනාම දැඩි කම්පනයකට ලක්වෙනවා.ඉන්පසු නිහඬ චරිතයක් වන ආර්‍යාගේ මේ හැසිරීම දේවකීට බොහෝ වේදනාවක් වෙනවා.ඉන්පසු ඇය දක්ශ රහස් පරික්ශකයෙකු වන දයාශංකර්ගේ සහය පතා යනවා.

ඉන්පසු සිදුවන්නේ කුමක්ද?
ආර්‍යාට මේ අපරාධය සිදු කලේ කවුරුන්ද ?
සැබැවින්ම සාදය පැවැත්වුනු දින රාත්‍රියේදි ආර්‍යාට සිදුවුනේ කුමක්ද ?
දේවකී ආර්‍යාට සිදුවූ අපරාධය වෙනුවෙන් කුමක් කරයිද ?
අපරාධකරුවන්ට දඬුවම් ලැබෙයිද ?

මේ දේවල් දැනගන්න නම් ඔබට මේ චිත්‍රපටය නරඹන්නම වෙනවා.Crime thriller ගනයට අයත් වන මේ චිත්‍රපටය Ravi Udayawar විසින් අධ්‍යක්ශනය කරන අතර ප්‍රවීණ සංගිතඥ A R Rahman ගෙ සංගීතයෙන් මෙය සංගීතවත් කෙරෙනවා.
මිනිත්තු 146 ක් පුරා කුතුහලය ,බිය ,මවකගේ ආදරය ,මවකගේ ශක්තිය සහ කඳුලු අතර දෝලනය වන මෙම චිත්‍රපටය ඔබ අනිවාර්යයෙන්ම නැරඹිය යුතුම චිත්‍රපටයක්.
අම්මා කෙනෙකුගේ ආදරයට කල නොහැකි දෙයක් නැත.ඇය තමන්ගේ දරුවන් වෙනුවෙන් ඕනෑම දෙයක් කරයි.ඒ ඇගේ ආදරයයි.මේ චිත්‍රපටයේ ඇති අපූරු දෙබසක් මගින් එය ප්‍රේක්ෂකයා වෙත මැනවින් කියාපානවා.

” දෙවියන්ට හැමතැනම ඉන්න බෑ ඩී කේ මහත්තයා “

” දන්නවා.ඒකයි උන්වහන්සේ අම්මාව මැව්වේ “

Related Articles

Don't Miss


Latest Articles