ඔසප් වීමේදී පිටවන රුධිරය අපට කියන අනාවැකි.

කාන්තාවකගේ ඔසප් වීමේදී පිටවන රුධිර ප්‍රමාණය වගේම වර්ණය මගින් ඇයගේ සෞඛ්‍යය ගැන තොරතුරු රැසක් අනාවරණය කරගැනීමට සමත් බව පර්යේෂකයන් විසින් සොයාගෙන තිබෙනවා.ඉතින් ආර්ථවය සිදුවන කාලයේදී සිදුවන වෙනස්කම් ගැන සැලකිලිමත්වීම හරිම වැදගත්.සුදු පැහැයෙන් පමණක් යුතු සනිපාරක්ෂක තුවා එම කාර්යය වඩාත් පහසු කරනවා

  • සාමාන්‍යයෙන් ඔසප් වීම ආරම්භ⁣යේදී හෝ අවසානයේ දී රුධිරය කළු පැහැයක් ගැනීමට ඇති ඉඩකඩ වැඩියි.ඒ වගේම එයින් දුර්ගන්ධයක් පිටවෙනවා නම් වගේම ශරීර උෂ්ණත්වය ඉහළ ගොස් ඇති නම් කිසියම් ආසාදන තත්ත්වයක් ද විය හැකි නිසා ඒ ගැන සැලකිලිමත් වීම විය යුතුයි.
  • රුධිරය දුඹුරු හෝ තද රතු පැහැයෙන් නිකුත් වීමෙන් පවසන්නේ ඔසප් වීම ආරම්භය හෝ අවසානයයි.
  • සමහර අවස්ථාවලදී තද දුඹුරු පැහැති ශ්‍රාවයක් නිකුත්වීමෙන් ගබ්සාවීම් හෝ අභ්‍යන්තර රැධිරය වහනයක් පිළිබඳ ඉඟි ද නිකුත් කරන අවස්ථා තිබෙනවා.
  • ඒ වගේම දරු ප්‍රසූතියකින් පසු පිටවන රුධිරය ද මෙම වර්ණය ගන්නවා.
  • ඒකාකාරව රුධිර වහනය සිදුවන විට දීප්තිමත් රතු පැහැයෙන් යුතු රුධිරය පිටවීම දකින්නට පුළුවන්.නමුත් අසාමාන්‍ය ලෙස බිඳිති ආකාරයෙන් රුධිර වහනය සිදු වෙනවානම් එය කිසියම් රෝගයක් පිළිබඳ ඉඟියක් ද විය හැකියි.ඒ නිසා ඒ ගැන පරික්ෂා කිරීම හරිම වැදගත්.
  • ගැබ් ගෙල තරලය සමග රුධිරය මිශ්‍ර වූ විට රෝස පැහැයෙන් වගේම පැල්ලම් ලෙස රුධිරය සටහන් වෙනවා.ඒ වගේම හෝමෝන උපත් පාලනය නිසාද ඊස්ට්‍රජන් අඩුවීම නිසාද මෙ⁣ම තත්ත්වය ඇතිවීමේ ඉඩකඩ තිබෙනවා.ඒ වගේම සෞඛ්‍යය සම්පන්න ආහාර නොගැනීම නිසා ඇතිවෙන රක්ත හීන තාවය වැනි තත්ත්වයන්ද මේ මගින් පෙන්නුම් කල හැකි නිසා පරීක්ෂාකාරී වීම ඉතාමත් වැදගත්.
  • තැඹිලි පැහැයෙන්ද රැධිරය පිටවිය හැකි අතර එය කිසියම් ආසාදනයන් පිළිබද අනාවැකියක් ද කියනවා විය හැකියි.ඒ වගේම ගැබ්ගෙල තරලය සමග මුසු වූ විට බොහෝ විට තැඹිලි වර්ණය ඇතිවෙන්නට පුලුවන්.කැසීම ,දුර්ගන්ධය, ආතතිය ආදීන්ගෙන්ද ඔබව පෙලෙනවා නම් ඉතා ඉක්මනින්ම වෛද්‍යවරයෙකු මුණ ගැසීම කළයුතුයි .

ඉතින්,සුදු පැහැ මතුපිටක් තිබෙන සනීපාරක්ෂක තුවා භාවිතා කරනවානම්.

  • රුධිරයේ සහ යෝනි ශ්‍රාවයේ ඇති මෙවන් වෙනස්කම් පහසුවෙන් හඳුනා ගන්නට පුළුවන්.
  • ඊටත් අමතරව සනීපාරෂක තුවායේ වර්ණ සමග මුසුවී ඔබේ රුධිරයේ ඇති වන වර්ණ වෙනස්කම ඔබව අනවශ්‍ය ආතතියකටද ඇද දැමීමේ ඉඩකඩ ඇති කරනවා.

ඉතින්, සුදු පැහැය සහ සනීපාරක්ෂාව අතර සම්බන්ධය ඔබට දැන් වඩාත්ම පැහැදිලි බව අප දන්නවා.සනීපාරක්ෂක තුවායක් තෝරාගැනීමේදී සුදු පැහැයෙන් යුතු සනීපාරක්ෂක තුවාය ඔබට ඔබේ නිරෝගීතාවය ගැන නිතැතින්ම මතක් කරන මිතුරෙක් ද වනු නොඅනුමානයි.

මූලාශ්‍ර :

https://www.healthline.com/health/womens-health/period-blood

https://www.medicalnewstoday.com/articles/324848

Related Articles

Don't Miss


Latest Articles