කරවෙලා අඩිය අල්ලපු සෝස් පෑන් පහසුවෙන් පිරිසිදු කරන ක්‍රම.

ස්මාර්ට්ලේඩි වෙබ් අඩවිය කියවන අලුත් මනමාලියන්ට මේ ටොපික් එක දැකපු ගමන් ලස්සන හිනාවක් එන්න ඇති කියලා මට හිතෙනවා. ඔව්, ඔබ වගේම උයන්න පුරුදු වෙන කාලේ මටත් තිබ්බ ලොකුම ගැටලුව අඩිය අල්ලපු සෝස් පෑන් සහ භාජන.අලුත් අලුත් රෙසිපි වර්ග ට්‍රයි කරන්නත් ඕනෑ.හැබැයි පොඩ්ඩක් එහෙමෙහෙ වුණු ගමන් භාජනය කර වෙලා.හැබැයි හැමදෙයක්ම ස්මාර්ට් විදියට විසඳා ගන්නත් ක්‍රම සහ විදි නැතුවම නෙවෙයි.

ඉතින් අද අපි ඔබට කියන්නේ හරිම ලේසියෙන් භාජන පිරිසිදු කරන ස්මාර්ට් ට්‍රික්ස් ටිකක්.නිකම්ම නිකම් භාජනත් නෙවෙයි. කරවෙලා අඩිය අල්ලපු භාජන.

බේකින් සෝඩා ක්‍රමය

ගෙදරක මුළුතැන්ගෙයි බේකින් සෝඩා නැති වෙන්නේ නෑ.අපි බේකින් සෝඩා දාලා භාජනයේ අඩිය මෙන්න මෙහෙම පිරිසිදු කරගනිමු.

අවශ්‍ය වෙන්නේ මේ දේවල්

  • විනාකිරි
  • බේකින් සෝඩා
  • ස්පොන්ජ් එකක්.

පිරිසිදු කරගන්නේ මෙහෙමයි.

  • මුලින්ම භාජනයට වතුර දමා ගන්න.
  • ඊට පස්සේ විනාකිරි කප් එකක් එකතු කරන්න
  • පොඩ්ඩක් රත් කර ගන්න.
  • ඊට පස්සේ මෙයට බේකින් සෝඩා හැඳි දෙකක් එකතු කරන්න
  • ටික වෙලාවක් එහෙම තියලා හොඳින් අතුල්ලා ගන්න

ස්මාර්ට් විදියට භාජනය පිරිසිදු වෙලා නේද?

ලුණු වලින් පිරිසිදු කරන්න.

ලුණු වලින් විතරක්? විශ්වාස නැහැ වගේද? ඒත් මේ ක්‍රමය අත්හදා බලන්න.ඊට පස්සේ ඔබට වැටහෙයි ලුණුත් ඔබේ ගැලවුම්කාරයෙක් කියලා.හැබැයි මෙය ගැලපෙන්නේ තරමක පිළිස්සීම් වලට විතරයි.

  • භාජනයේ ඇති පිළිස්සීම් වලට ලුණු දමා ගන්න.
  • තෙත් කරගත් ස්පොන්ජ් එකකින් තදින් පිස දමන්න.

මෙය තරමක පැල්ලම් සහ පිළිස්සීම් වලට ඉතා හොඳින් ගැළපෙනවා.

කෝලා වර්ග යොදා ගැනීම.

බීමට ගන්න කෝලා වර්ගයක් අරගෙන භාජන පිරිසිදු කර ගන්නත් අපිට පුලුවන්.

  • මුලින්ම ඔබේ භාජනයට කෝලා පුරවන්න.
  • පෙඟෙන්නට පැය කිහිපයක් තබන්න.
  • ඉන්පසු ස්පොන්ජ් එකකින් තදින් අතුල්ලමින් පිරිසිදු කරන්න.

ලෙමන් යුෂ භාවිතා කිරීම

දෙහි හෝ ලෙමන් යුෂ භාවිතා කරලත් අපිට මේ ප්‍රශ්නය සාර්ථකව විසඳා ගන්න පුලුවන්.කරන්න තියෙන්නේ මෙන්න මේකයි.

  • දෙහි හෝ ලෙමන් කුඩා කැබලි වලට කපා වතුර එක් කර මිනිත්තු 10ක් පමණ තම්බන්න.
  • එය සෝස් පෑන් එකට එක් කර හොඳින් අතුල්ලා ගන්න.

උණු වතුර යොදා පිරිසිදු කිරීම

  • අඩිය ඇල්ලූ පෑන් එකට නටන උණු වතුර දමන්න හෝ එයට වතුර ටිකක් දමා ලිප තබා රත් කරගන්න ඔබට පුලුවන්.
  • මෙයට භාජන සෝදන ලික්විඩ් එකකින් බිංදු කීපයක් හෝ විනාකිරි එකතු කරන්න.
  • විනාඩි කිහිපයක් තිබෙන්න හැර වතුර ඉවත් කර හොඳින් අතුල්ලා ගන්න

සරල ක්‍රම වලින් අපේ ලොකු ප්‍රශ්නවලට ඉක්මන් විසඳුම් අරන් එනවා නේද? මේ හැම දෙයක්ම ගෙදර තියෙන දේවල් නිසා ඔබට තැවෙන්න කිසිම හේතුවක් නෑ.පිළිස්සීමට කරවීමට ලක් වෙන ඕනෑ භාජනයක් ඉක්මනින් සෝදාගෙන පිරිසිදු කරගන්න ඔබට පුලුවන්. මේ ක්‍රම හතර ඒ සඳහා හොඳම ක්‍රම පහක්

ඉතින් අලුත් රෙසිපි ට්‍රයි කරලා වරද්දා ගන්න දැන් ඔබට බය වෙන්න දෙයක් නෑ!

Related Articles

Don't Miss


Latest Articles