සේල් වලදි හරියට වාසි ගන්න නම් සේල් වලට යන්න කලින් මේ කරුණු දැනගෙන යන්න.

සිංහල අවුරුදු ලං ලං වෙනකොට අපි කවුරුත් තොග අවසන් කිරීමේ මහා සේල්, ව්ශේෂ දීමනා, ව්ශේෂ වට්ටම් කියන්නේ රෙදි පිලි වෙළද සල් වලට අමුතු දෙයක් නෙවෙයි.රෙදිපිළි සම්බන්ධයෙන් උනන්දුවක් දක්වන කාන්තා පාර්ශවයට මේ කාලය වසන්ත කාලයක් වගේ.පත්තරේ දැක්කත්, රූපවාහිනී වෙළඳ දැන්වීම් දක්කත් ,පෝස්ටර් දැක්කත් ,සමාජ මාධ්‍ය ජාලවල දැක්කත් මේ වගේ තොරතුරු සිය යෙහෙළියන් සමඟ බෙදා ගන්නත් අපේ ස්මාට් ලේඩිස්ලා අමතක කරන්නේ නැහැ. සේල් , විශේශ වට්ටම් කියන්නේ හරිම ආකර්ෂණීය දෙයක්. මේ අත්දැකීම විදින්න යන ඔබ සැලකිලිමත් විය යුතු කරුණු තමයි අපි අද කතා කරන්නේ.

සේල් නැත්නම් මිල අඩු කිරීම් වර්ග කීපයක් ප්‍රදාන වශයෙන් පවතිනවා

ප්‍රතිශතයක් වශයෙන් මිල අඩු කිරීම

“සියලුම සාරි සඳහා 50% ක මිල අඩු කිරීම.”
මෙහිදී පෙර පැවති මිලෙන් මිලෙන් සියයට පනහක් මිල අඩු කෙරේ. රුපියල් දාහකට පැවති සාරිය මෙහිදී රුපියල් පන්සීයකට මිලදී ගත හැක. මෙවැනි අවස්ථාවලදී අවස්ථාවලදී සඳහන් කරන සියලූම භාණ්ඩ සඳහා එකම මිල අඩුකිරීමක් හිමිවේ. මෙහි තවත් අවස්ථාවක් ලෙස

“සියලුම භාණ්ඩ සඳහා සියයට පනහක් දක්වා මිල අඩුකිරීම් හිමිවේ “
යන අවස්තාව දැක්විය හැක. මෙහිදී ඔබ මිලදී ගන්නා භාණ්ඩ සෑම එකකටම 50% මිල අඩු කිරීමක් නොලැබෙන නිසා ඒ ගැන විමසිලිමත් වන්න.

මෙවනි වට්ටම් වලදී ඔබ මිලදී ගන්නා ඇතැම් භාණ්ඩයකට 10% ක මිල අඩු කිරීමක් ද, ඇතැම් භාණ්ඩයක් සඳහා සියලු 50% ක මිල අඩු කිරීමක් ද වශයෙන් වෙනස් විය හැක. කෙසේ වෙතත් උපරිම මිල අඩු කිරීම දිවයන්නේ 50% දක්වා පමණි. එම නිසා දැන්වීම නිවැරදිව කියවා ගත යුතු වේ.නැතිනම් ඔබ නොදැනුවත්ව විශාල මුදලක් වැය වෙන්න පුලුවන් මෙවැනි මිලදී ගැනීම් වලදි.

ආකර්ශනීය මිල අඩු කිරීම්

මෙහිදී භාණ්ඩය මිලෙන් අඩු වන ප්‍රතිශතය මුදල් වශයෙන්ම දක්වයි.එවිට පාරිභෝගික ඔබට එම තොරතුර ලැබෙන්නේ

” පෙර රුපියල් 1000යි, දැන් රුපියල් 500 යි “

” earlier 1000. Now 500″

ලෙස හෝ පෙර මිල තනි කිරකින් හෝ රතු ඉරකින් කපා දමා නව මිල ලොකු අකුරින් ප්‍රද‍ර්ශනය කරමිනි.තවද සියලුම භාණ්ඩ සඳහා රුපියල් සීයක , දාහක ,දෙදාහක මිල අඩු කිරීම් ලෙසද වාසි ලබා ගත හැක. මෙවැනි අවස්ථා වලදී එක් එක් භාණ්ඩය සඳහා වෙන වෙනම මිල ප්‍රදර්ශනය කරයි.

එකක් ගත්තොත් එකක් නොමිලේ

මෙය ඉතාම ආකර්ෂණීය අවස්ථාවකි. ඔබ මිලදී මිලදී ගන්නා සෑම භාණ්ඩයක් සඳහා ම ඒ හා සමානම තවත් භාණ්ඩයක් හෝ නම් කරන ලද වෙනත් භාණ්ඩයක් ඔබට හිමි වේ.උදාහරණයක් ලෙස ඔබ සාරියක් ගත්තොත් තවත් සාරියක් ද ,එසේත් නොවේ නම් සාරියක් සමඟ කුඩයක් ද හිමිවිය හැක.ඉතා ඉහළ පාරිභෝගික අවධානයක් දිනා ගන්නා මෙම අවස්තාවේදි නොමිලේ ලැබුණු භාණ්ඩය ගැන සිතා තමන්ට අවශ්‍යාවයක් නොමැති භාන්ඩද පාරිභෝගිකයන් මිලදී ගනියි. මෙහිදී විශේෂ විශේෂයෙන් සැලකිලිමත් විය යුතු කරුණ වන්නේ නොමිලේ දෙන හාණ්ඩය ඔබට තෝරාගත හැකි ද නැති ද යන්නයි. බොහෝ විට එය ඔවුන්ගේ කොන්දේසි යටතේ සඳහන් වේ.

Bunddle offer නොහොත් මිටි වශයෙන් මිලදී ගැනීම් වලදී හිමිවන වට්ටම්

“මේස් කූට්ටම් දෙකක් ගත්තොත් 20% ක වට්ටමක්”

“මේස් කුට්ටම් තුනක් ගත්තොත් 40% ක වට්ටමක්”

වශයෙන් එකම භාන්ඩයෙන් කීපයක් මිලදී ගන්නා විට වට්ටම් හිමි වේ. එවිට පාරිභෝගියා වට්ටම ලබා ගැනීමට ඇති ආශාව නිසා එකම භාන්ඩයෙන්ම කීපයක් මිලදී ගනී. ඉතාම අඩු මිලට ඇති භාණ්ඩ වල සිට මිල ඉතා වැඩි භාණ්ඩ දක්වාම මෙවැනි මිටි වශයෙන් මිලදී ගැනීමේදී වට්ටම් ලබා දීමේ අවස්තා දැකිය හැක.උදාහරණයක් ලෙස කොන්ඩ කටු සාරි කටු වල සිට සාරි, ෂල්වාර්,මේස් ඩෙනිම් වැනි ඇඳුම් දක්වාම මේ වට්ටම වර්ගය වෙළෙන්දා භාවිතා කරයි.

Seasonal offer නොහොත් උත්සව අවස්තා සඳහා වන දීමනා

ලංකාවේ ඉතාමත් සුලබ සුලභ වන දීමනා වර්ගයයි

” සිංහල අවුරුදු සඳහා 50%ක මිල අඩු කිරීමක් “

” අවුරුදු සඳහා ක්‍රෙඩිට් කාඩ් වලින් මුදල් ගෙවන ඔබට 60% ක වට්ටමක් “

” වසර මැද මහා සේල්”

” වසර මැද මහා මිල අඩු කිරීම්”

“රුපියල් 4000ක භාණ්ඩ මිලදීගතහොත් රුපියල් 1000ක මිල අඩු කිරීමක්”

වශයෙන් විවිධාකාර ප්‍රචාරණ ක්‍රමවේද ඔබට හුරු ඇති. ලංකාව වැනි සෘතු වශයෙන් විශාල වෙනස්කම් නොමැති රටක මෙහිදී සිදුවන්නේ හඳුනාගත් උත්සව අවස්ථාවන් සඳහා හෝ වසර කොටස් කීපයකට වෙන් කර දීමනා ලබා දීමයි. ප්‍රධාන වශයෙන් සිංහල අවුරුදු , නත්තල්, රාමසාන්,තයිපොන්ගල් වැනි එක් එක ජාතීන්ගේ උත්සව අවස්තාවන් සදහා සුලු කාලයක් ආකර්ශනීය බවින් ඉහල මෙම දීමනා ලබාදෙයි.ප්‍රතිශත, මිටි වශයෙන් ගැනීමේදී වාසි, මිල අඩු කිරීම් වැනි ක්‍රම කීපයක් එකවර භාවිතා කරයි.

Loyalty programme

බොහෝ වෙළෙඳ සල් වල මේ වන විට loyalty programme එකක් ක්‍රියාත්මක වේ. එමගින් නිතර එන ආයතනයට හිතැති පාරිභෝගිකයට විශේෂ අවස්තා ලබා දෙමින් තම ආයතනය වෙතම රඳවා ගැනීම බලාපොරොත්තු වේ.

” loyalty කාර්ඩ් පත් සඳහා 60% ක මිල අඩු කිරීමක්”

” loyalty කාර්ඩ් හිමි ඔබට සියලු මිලදී ගැනීම් සඳහා විශේෂ ලකුනු”

” loyalty කාර්ඩ් හිමියන්ට පමනක්ම තෝරාගත් භාන්ඩ සඳහා සුවිශේෂ වට්ටම්”

වැනි අවස්තා ලබා දෙමින් සෙසු පාරිභෝගිකයට වඩා කැපී පෙනෙන විශේෂ වට්ටම් හෝ ලකුනු ලබා දීම් කරයි.

කොන්දේසි දන්නවාද?

අතිශය ආකර්ශනිය වූ වට්ටම් හෝ විශේෂ දීමනා යටතේ මිලදී ගැනීම් කරන ඔබ විශේෂයෙන් සැලකිලිමත් විය යුතු කරුණක් වන්නේ ඊට අදාළ වන කොන්දේසි මොනවාද යන්නයි. බොහෝවිට සේල් යනුවෙන් පළකරන විශාල වෙළෙඳ දැන්වීම් පුවරුවක පහළ කෙළවර ඉතා කුඩා අකුරෙන් තරු සලකුණක් සමඟ “කොන්දේසි අදාළ වේ”. යන්න සඳහන් කළ ඇත. ඒ කොන්දේසි ඔබට අදාල වෙළඳසැල සේවක මහතුන්ගෙන් විමසා දැනගත හැක. බොහෝ විට එම කොන්දේසි වන්නේ

  • නම් කරන ලද කාල සීමාවකට පමනක් වලංගු වන බව
  • අදාල තොග අවසන් වන තුරු පමනි.
  • හුවමාරු නොකරන බව
  • නම් කරන ලද භාණ්ඩය හෝ අදාල වර්ණයට පමනක් බව (උදා, buy one get one free අවස්තාවකදී ඔබට නොමිලයේ ලැබෙන්නේ නම් කරන ලද භාණ්ඩ අතරින් එකකි)
  • මුදලින්, කාර්ඩ් පත් වලින්, loyalty කාර්ඩ් හිමියන්ට පමනක් අදාල වන බව.
  • එක අයෙකු සඳහා වට්ටම් හිමිවන්නේ උපරිම සීමාවක් සහිත බව. (20%ක වට්ටම් හිමි වන්නේ රුපියල් 25000ක් දක්වා පමනක් බව)

මෙම කොන්දේසි ආයතනයෙන් ආයතනයට වෙනස් විය හැක.කෙසේ නමුත් මිලදී ගැනීම් වලට පෙර ඔබ ගෙවන මුදලට එම දීමනාව වටිනා බව, ඔබට එම භාණ්ඩය අවශ්‍ය බව, භාන්ඩයේ ජීවිත කාලය හා මිලදී ගැනීමට අදාළ කොන්දේසි පිලිබද සැලකිලිමත් වීමෙන් විශේෂ දීමනා ඔබේ පොකට්ටුවට ආශිර්වාදයක් කරගත හැක.

මේ ගැනත් විශේෂයෙන් සැලකිලිමත් වෙන්න.

ඔබේ කාර්‍ය බහුල ජීවිතයත් එක්ක වෙළඳපලට යන්න පෙර ස්මාර්ට් විදිහට දුරකතනයෙන් හෝ සමාජ ජාල හරහා මේ පිලිබඳ අදාල කොන්දේසි දැනගෙන ගියොත් රස්තියාදු වීමකින් තොරව ඔබට අවුරුදු වාසි අත්විදින්න පුලුවන්. ඒ වගේම කාඩ් සඳහා වන දීමනා වලදී විශේෂයෙන් සැලකිලිමත් වෙන්න කියලාත් මතක් කරනවා

Related Articles

Don't Miss


Latest Articles