අලුත් අවුරුද්දට රසවත් කේක් වර්ග 2ක්.

අවුරුදු කෑම මේසයට රසවත් කේක් වර්ගත් නැතුවම බෑ කියලා ඔබ හොඳාකාරවම දන්න නිසා මේ දවස්වල කේක් රෙසිපි ගැන හරිම උනන්දුයි නේද? ඉතින් අපි අද රසම රස කේක් ජාති දෙකක් හදන්නයි යන්නෙ.මේ වීඩියෝ සහ රෙසිපි වල කේක් හදන හරිම රහස් හොයා ගන්න පුලුවන්

චොකලට් කේක්

ග්‍රෑම් පන්සීයක කේක් එකට අවශ්‍ය දේවල්

  • පිටි 125g
  • සීනි 125g
  • බටර් 125g
  • බිත්තර 3
  • චොකලට් පවුඩර් තේ හැඳි 3
  • බේකින් පවුඩර් තේ හැදි එකයි කාලයි
  • ආප්ප සෝඩා තේ හැඳි 1/4
  • ෆ්‍රෙෂ් මිල්ක් හෝ ටිං කිරි තේ හැදි 3
  • කෝන් පිටි තේ හැදි 2
  • වැනිලා තේ හැදි එකහමාරයි

සාදන්නේ මෙහෙමයි

  • පිටි හලා ගන්න කලින් තේ හැදි හතරක් අයින් කර ගන්න.
  • ඒ වෙනුවට චොකලට් හැදි තුන එකතු කරන්න
  • කෝන් පිටි, බේකින් පවුඩර්,ආප්ප සෝඩා ගත් ප්‍රමාණවලින් එකතු කරන්න.
  • මේවා තුන්වරක් හලා ගන්න.
  • ට්‍රේ එකේ බටර් ගා ගන්න.
  • හලා ගත් පිටි ටිකක් ට්‍රේ එක ඉස සකසා ගන්න.
  • කැට නැති වෙන සේ තැටිය ගසා සකසා ගන්න
  • බටර් එකතු කරන්න, සීනි කලවම් කරන්න.දෙක මිශ්‍ර කර බීට් කර ගන්න.
  • බිත්තර එක බැගින් කලවම් කරන්න
  • ඒ බැටර් එකට පිටි මිශ්‍ර කරන්න.
  • ටික ටික පිටි මිශ්‍ර කරන්න
  • වැනිලා සහ කිරි ගත් ප්‍රමාණවලින් එකතු කරන්න.
  • අවන් එක විනාඩි පහක් pre heat කරන්න
  • කේක් බැටර් එක තැටියට දමා ගන්න.
  • අංශක 180 මිනිත්තු හතලිස් පහක් බේක් කර ගන්න.

මාබල් කේක්

අවශ්‍ය දේවල්

  • පිටි 250 g
  • සීනි 250g
  • බිත්තර 5
  • බේකින් පවුඩර් තේ හැදි 2 1/2
  • වැනිලා තේ හැදි 2 1/2
  • කලරින් පාට 2,3
  • බටර් ග්‍රෑම් 250
  • ෆ්‍රෙෂ් මිල්ක් හෝ ටින් කිරි තේ හැදි 3

සාදා ගන්නේ මෙහෙමයි

  • පිටි සහ බේකින් පවුඩර් කලවම් කර තුන්වරක් හලා ගන්න
  • සිනී, බටර් කලවම් කර බීට් කරගන්න
  • විනාඩි පහක් පමණ බීට් කරන්න
  • ඒ අතර බිත්තර එකතු කරන්න
  • සිනී කැට දියවෙන්නේ නැත්නම් බ්ලෙන්ඩ් කරන්න
  • ඉන්පසු එයට පිටි කලවම් කරන්න
  • විසිරී යන පරිදි පිටි එකතු කරමින් ටික ටික පිටි එකතු කරන්න
  • ඉන්පසු මුලින් වැනිලා ද ඉන්පසු කිරිද එකතු කරන්න
  • මේ බැටර් එක කොටස් තුනකට හෝ දෙකකට වෙන් කරන්න
  • ඒවාට කලරින් ස්වල්පයක් බැගින් එකතු කර කලවම් කරන්න
  • අවන් එක pre heat කරන්න.අංශක 175ක් මිනිත්තු හතලිස් පහක් මේ කේක් එක බේක් කරන්න
  • තැටියේ බටර් ගා පිටි ඉස සකසන්න.
  • බැටර් තුන තැටියේ තැනින් තැනට දමමින් තැටියට බැටරය දමා ගන්න
  • ඉන්පසු බේක් කර ගන්න.

තොරතුරු සැපයීම – සන්ධ්‍යා සමන්මලී – සමන්මලී කේක් ඇකඩමි

Related Articles

Don't Miss


Latest Articles