ආප්ප හදන්න ක්‍රම කිහිපයක්

ආප්ප කියන්නෙ කොයි කවුරුත් අතර ජනප්‍රිය ආහාරයක්. නිවසේ අයට වගේම ඔබ කැමති නම් අමතර ආදායම් මාර්ගයක් ලෙසත් මේ කර්තව්‍ය කරන්න පුලුවන්. මොකද හෝම් මේඩ් ආප්ප වලට තියෙන ඉල්ලුම අමුතුවෙන් කියන්න ඕනි නෑනෙ.

අවශ්‍ය දේවල්:

  • කොටාගත් කැකුලු හාල් තෙත පිටි ග්‍රෑම් 500
  • පොල් ගෙඩියක කිරි අඬු කෝප්ප 5
  • සීනි මේස හැඳි 1
  • හොඳින් කුඩුකරගත් මාරි බිස්කට් 3
  • පොල් වතුර ටිකක්

ක්‍රම කිහිපයකටම හදන්න පුලුවනි කියලා අපි කිව්වනෙ. එහෙනම් බලමු ඒ කොහොමද කියලා

පළමුවන ක්‍රමය

හාල් පිටි සමග මෝල්ට් තේ හැන්දක් දමන්න. කිරි වලින් කෝප්ප දෙක හමාරක් දමන්න. අනා පැය පහකට පමණ පසු ලුණු ස්වල්පයක් සහ ඉතිරි කිරි කෝප්ප දෙක හමාර ටික ටික එකතු කරන්න. ආප්ප පදමට ගන්න. ආප්ප පදම කියන්නෙ උඩ සිට මිශ්‍රනය වත්කරන විට නූලක් ලෙස එක දිගට නොකැඩී වත්කිරීමට හැකි වීමයි

දෙවන ක්‍රමය

හාල් පිටි වලට මාරි බිස්කට් සහ පොල් වතුර, සීනි දමා අනා පැය පහකට පමණ පසු උකු කිරි කෝප්ප 3 ක් දමා ලුණු ටිකක් එකතු කර මිශ්‍රනය සකසා ගන්න.

තෙවන ක්‍රමය

හාල් පිටි වලට මාරි බිස්කට් සහ ආප්ප සෝඩා ඇඟිලි තුඩුවලින් අල්ලන ප්‍රමාණයට ටිකක් එකතුකර කිරිවලින් කෝප්ප දෙක හමාරක් දමා අනා පැය පහකට පසු ඉතිරි කෝප්ප දෙක හමාර දමා ලුණු දමා මිශ්‍ර කරන්න.

සිව්වන ක්‍රමය

උකුවට සකස් කරගත් කැරට් යුෂ ටිකක් හෝ බීට් යුෂ ටිකක් එකතු කරන්න. සාමාන්‍ය පරිදි ඉතිරි මිශ්‍රනය සකසා ගන්න. කුඩා දරුවන්ට කදිමයි. නිවිති යුෂ ද ගෙන කොළ වර්ණයද සාදා ගන්නට පුලුවනි.

තාච්චිය සකසන්නේ මෙහෙමයි

ආප්ප පිසීම සඳහා අලුත් තාච්චියක් පාවිච්චියට ගන්නේ නම් ගොරකා මිටක් සමග වතුර ටිකක් දමා පැයක් තම්බන්න. ඉන්පසු තාච්චිය සෝදා මඳ ගින්දරේ තාච්චිය ලිප තබා ටිකක් රත් කරන්න. ඉන් පසු ආප්ප මිශ්‍රනයෙන් හැන්දක් දමා ආප්පය කරකවා මූඩියකින් වසන්න. ටික වේලාවක් තබා ආප්පය ගලවන්න. ආප්ප ගැලවෙන්නේ නැති නම් තල තෙල් හෝ පොල් තෙල් ටිකක් තාච්චියේ ආලේප කරන්න.

– ඉරේෂා –

Related Articles

Don't Miss


Latest Articles