මේ දවස්වල පරිසරය හරිම රස්නෙයි.නිතර දහඩිය දමන නිසා කුණු දූවිලි මුහුණේ රැඳෙන්නට ඇති ඉඩත් හරිම වැඩියි.ඒ වගේම අධික උෂ්ණාධික බව නිසාම ඇක්නි සහ පිම්පල්ස් මුහුණට එන්නේ පියාඹගෙන වගේ.වෙනදා වගේම අපි හිතුවා මේ ප්‍රශ්නයට ස්වභාවික විසඳුම් කිහිපයක් අරන් එන්න.වැඩි වියදමක් නැතිව ඒත් ඉතා පහසුවෙන් කළ හැකි ස්වභාවික සත්කාර කිහිපය වැදගත් වෙන්නේ අධික රස්නය සහ උෂ්ණාධික බව නිසා මුහුණට වෙලා තියන හානි වලටයි
කෝමාරිකා පැක් එක.

- කෝමාරිකා පිත්තක් කපාගෙන පැයක් පමණ උඩු අතට කිරි බේරෙන්නට තබන්න.
- එය සෝදා පොතු ඉවත් කර ජෙල් එක සෝදා බ්ලෙන්ඩ් කර ගන්න.
- මුහුණේ ගෝස් එකක් අතුරා ඊට උඩින් කෝමාරිකා පැක් එක දමා ගන්න.
පිපිඤ්ඤා මද පැක් එක

පිපිඤ්ඤා ගෙඩිය සෝදා පිරිසිදු කර මද ලබා ගන්න
මුහුණේ ගෝස් එකක් අතුරා ඊට උඩින් පිපිඤ්ඤා මද තබා ගන්න.
කොමඩු

කොමඩු බ්ලෙන්ඩ් කර යුෂ ලබා ගෙන ටෝනර් එකක් ලෙස පාවිච්චි කරන්න
ගස්ලබු යුෂ

ගස්ලබු හොඳින් බ්ලෙන්ඩ් කර යුෂ ලබාගෙන ටෝනර් එකක් ලෙස පාවිච්චි කරන්න.
අලිගැටපේර පැක් එක

අලිගැටපේර හොඳින් පොඩි කරගෙන දෙහි බිංදු දෙකක් දමා ගන්න.
එය මුහුණේ ආලේප කර විනාඩි විස්සක් තබා සෝදා හරින්න.
කෙසෙල් ප්‍රතිකාරය

කෙසෙල් ගෙඩි කැබලි කබා ශීතකරණයේ දමා කූල් කර ගන්න
ඒවා මුහුණේ අතුලන්න.
මෙය රස්නය නිසා මුහුණේ ඇතිවන බිබිලි වලට හොඳම ප්‍රතිකාරයක්.
ග්‍රීන් ටී

ග්‍රීන් ටී පොඟවා ශීතකරණයේ තබන්න
හොඳින් සිසිල් වූ පසු මුහුණ මත තබාගෙන සිටින්න
තේ මණ්ඩි
තේ මණ්ඩිවලට බේබි ක්‍රීම් මික්ස් කර මුහුණේ ගෑමත් රස්නය නිසා හට ගන්නා බිබිලි වලට හොඳ ප්‍රතිකාරයක්.
දැඩි ලෙස අව්වට නිරාවරණය නොවී සන් ක්‍රීම් එකක් භාවිතා කිරීම, හොඳින් වතුර බීම සහ කොමඩු, පිපිඤ්ඤා වැනි එළවළු පළතුරු ආහාරයට ගැනීමෙන් ඔබට රස්නය නිසා ඇති වෙන බිබිලි වළකා ගන්න හැකියාව තිබෙනවා.ඊට අමතරව දැඩි රස්නයට නිරාවරණය වූ ඕනෑම මොහොතක මේ ප්‍රතිකාර කිරීමෙන් මුහුණට වෙන හානි වළක්වා ගන්න ඔබට පුලුවන්.
තොරතුරු සැපයීම -ප්‍රවීණ රූපලාවණ්‍ය ශිල්පිනී මධූ ජයවීර| 07764633308
