පළතුරු වලින් හදන රසවත් අතුරුපස වර්ග 3 ක්

ප්‍රධාන ආහාර වේලකින් පස්සේ පොඩි අතුරුපසක් රස විඳින එක අපි කාගෙත් පුරුද්දක්.ඉතින් පවුලේ අය එක්ක රස විඳින්න හෝ නිවසට අමුත්තන් එන වෙලාවක පිළිගන්වන්න ලේසියෙන්ම හදාගන්න පුලුවන් රසවත් අතුරුපස කීපයක් තමයි අද අපි ඔබට ගෙනාවේ

Frozen Chocolate Banana

අවශ්‍ය වෙන්නේ මේ දේවල්

ඉදුන කෙසෙල්
කුකින් චොකලට් කෝප්ප 2
කුඩාවට කපාගත් කජු

හදන්නේ මෙහෙමයි

මුලින්ම කුකින් චොකලට් ටික භාජනයකට එකතු කරගෙන අඩු ගින්දරේ හොඳින් දියකරගන්න
ඉන්පසුව ලෙලි ඉවත් කරගත් කෙසෙල් , දියකරගත්චොකලට් වල දවටාගන්න
දැන් ඒ මතට කජු ඉස විනාඩි 30ක් ෆ්‍රීසර් එකේ තබාගන්න

Fruit Tart

අවශ්‍ය වෙන්නේ මේ දේවල්

  • පේස්ට්‍රි ශීට් එකක් (ඕනම සුපිරි වෙළඳසලකින් මිලදි ගන්න පුලුවන් )
  • අන්නාසි/ ස්ට්‍රෝබෙරි/ ඇපල් වැනි ඔබ කැමති පලතුරක් හෝ පළතුරු වර්ග කීපයකින් ග්‍රෑම් 450ක්
  • සීනි රස අනුව

හදන්නේ මෙහෙමයි

මුලින්ම පේස්ට්‍රි ශීට් එක අවශ්‍ය ප්‍රමාණයට දිගහැරගෙන එහිවටෙන් අඟල් බාගයක් පමණ උසට හිටින සේ නවාගන්න.
පසුව එය ඔයිල් පේපර් එකක් දමාගත් ට්‍රේ එකක තබා ඒ මැදට කපාගත් පළතුරු පෙති ඔබට අවශ්‍ය ලෙස ලස්සනට අතුරාගන්න
දැන් එයට උඩින් සීනි උණුකර සදාගත් පැණි, රස අවශ්‍ය පරිදි ඉසගන්න
දියකරගත් සීනි ටිකක් පේස්ට්‍රි එක වටේටද බ්‍රශ් එකක් ආධාරයෙන් ගාගන්න
සෙල්සියස් අංශක 200ට ප්‍රීහීට් කරගත් අවන් එකක දමා විනාඩි 18-20ක් හෝ පේස්ට්‍රි එක රන්වන් පාට වනතුරු බේක් කරගන්න
නිවෙන්නට හැර පිලිගන්වන්න

Steamed Biscuit Cake

අවශ්‍ය වෙන්නෙ මේ දේවල්

  • බටර් ග්‍රෑම් 150g
  • බිස්කට් ග්‍රෑම් 150g
  • අයිසින් සීනි ග්‍රෑම් 120g
  • කොකෝවා පව්ඩර් ග්‍රෑම් 30g
  • බිත්තර 3
  • ලුණු ස්වල්පයක්
  • බේකින් පව්ඩර් මේස හැඳි 1/4

හදන්නේ මෙහෙමයි

මුලින්ම ග්‍රයින්ඩර් එකක් ආධාරයෙන් බිස්කට් හොඳින් කුඩු කරගන්න
කුඩු කරගත් බිස්කට් වලට බේකින් පවුඩර් , ලුණු සහ කෝකෝවා පව්ඩර් එකතු කර හොඳින් මිශ්‍ර කරගන්න
තවත් භාජනයක් ගෙන එයට බටර් සහ අයිසින් සීනි එකතු කර හොඳින් මිශ්‍ර කරගන්න
එයටම බිත්තර එකතු කරමින් දිගින් දිගටම මිශ්‍ර කරන්න
දැන් එයට කලින් සකස් කරගත් බිස්කට් මිශ්‍රණය එකතු කර මිශ්‍ර කරන්න
බටර් තවරාගත් තැටියකට මෙම මිශ්‍රණය එකතු කර පැය භාගයක් පමණ ස්ටීම් කරගන්න
අවශ්‍ය නම් පිලිගන්වන විට කේක් එක උඩින් චොකලට් සිරප් එකතු කරගන්න

Related Articles

Don't Miss


Latest Articles