ඔබේ සම පැහැපත් හා දීප්තිමත් කර සම වියපත් වීම වලකන විටමින් වර්ග

සම පැහැපත් කරගන්න ඔබ බාහිරින් සත්කාර කලත් , වඩාත් ප්‍රතිඵල ගන්න ඔබට පුලුවන් වෙන්නේ ශරීර අභ්‍යන්තරයෙන් ලබාගන්න විටමින් සහ පෝශකයන් වලින්.අද අපි ඔබට කියන්න යන්නේ ශරීරයේ අභ්‍යන්තරයෙන් ලබා ගතයුතු සම පැහැපත් කරන සම වියපත් වීම වලකන විටමින් වර්ග ගැන.

බාහිර සත්කාර වලින් සමට පෝශණයක් ලබා දෙනවා වගේම අභ්‍යන්තරයෙනුත් ඔබේ සමට පෝශණයක් ලබා දීම ඉතා වැදගත්.එමගින් සම පැහැපත් කරනවා වගේම සම වියපත් වීමත් වළක්වනවා.ඒ වගේම සමේ රැළි වැටීම් ,අවපැහැ ගැන්වීම් වගේ දේවලුත් අවම කරනවා.පෝශණ අතිරේක මගින් හෝ ආහාර මගින් ඒ විටමින් ලබාගන්නෙ කොහොමද කියලා දැන් අපි බලමු

විටමින් A

විටමින් A නැතිනම් රෙටිනෝල් කියන්නේ ඉතාමත් ප්‍රභල සම වයසට යාම පමා කරන විටමින් වර්ගයක්. විශේෂයෙන්ම සමේ පැහැපත් බව වැඩිකර ගැනීම සදහා සහ සමේ ඇදෙන බව වැඩි කර ගැනීම සදහා විටමින් A වැදගත් වෙනවා. විටමින් A අඩංගු ආලේපන සහ අනෙකුත් රූපලාවන්‍ය ද්‍රව්‍ය භාවිතා කරන්න ඕන රාත්‍රී කාලයේදී නින්දට පෙරයි.

විටමින් A අඩංගු ආහාර මොනවද ?

තලපත් මාළු

බටර්

චීස්

කැරට්

බතල

නිවිති

විටමින් B5

පැන්තිනෝල් සහ පැන්තොතෙනික් අම්ල ලෙස විටමින් B5 හදුන්වනු ලබනවා.මෙය සමේ සහ හිසකෙස් වල පෝෂණය සදහා අත්‍යවශම විටමින් වර්ගයක්. විටමින් B5 මගින් සම සිනිදු කරන අතරම සමේ තෙතමනයත් රදවා ගන්නවා. සමේ නැතිනම් මුහුනේ ඇතිවන තුවාළ ඉක්මනින් සුව වීම සදහාද විටමින් B5 වැදගත් වෙනවා. විශේෂයෙන්ම වියළි සහ නිතර කසන හෝ සුළු ආසාධන තත්වයන් ඇති සම සදහා විටමින් B5 ඉතා වැදගත් වෙනවා.

විටමින් B5 අඩංගු ආහාර වර්ග මොනවද ?

අලිගැටපේර

හතු

බතල

ඇට වර්ග

පරිප්පු

කිරි

බිත්තර

විටමින් C

විටමින් C සම පැහැපත් කරන සහ සම දීප්තිමත් කරන ප්‍රධානතම විටමින් වර්ගය ලෙස හඳුන්වන්න පුලුවන්.අදුරු කැලැල් වලට එරෙහිව ක්‍රියා කරන ප්‍රධානතම විටමින වර්ගය ලෙසද විටමින් C සැලකෙනවා.. විටමින් C මගින් කොලැජන් නිශ්පාදනය වැඩි කරන අතර සමේ පැහැපත් බව එකම ආකාරයකින් පවත්වාගෙන යනු ලබනවා.විටමින් සී පෙති සහ පව්ඩර් වශයෙන් වෙළඳසැල්වලින් මිළදී ගන්නට තිබෙන නිසා වෛද්‍ය උපදෙස් මත ඒවා ලබාගන්නට ඔබට පුලුවන්

විටමින් C අඩංගු ආහාර වර්ග මොනවද ?

අඹ

දොඩම්

ස්ට්‍රෝබෙරි

අන්නාසි

මල් ගෝවා

නිවිති

තක්කාලි

විටමින් E

ටොකොපීරෝල් නැතිනම් විටමින් E වල ප්‍රති ඔක්සිකාරක සංයෝග රාශියක් අඩංගු වෙනවා. විශේෂයෙන්ම සමේ ඇති අදුරු කැළැල් ඉවත් කර ගැනීම සදහා සහ සමේ වියළි බව නැති කිරීම සදහාද විටමින් E ඉතා වැදගත් වෙනවා. තවද අහිතකර හිරු කිරණ වලින් සමට ඇති බලපෑමද විටමින් E මගින් අවම කරනු ලබනවා. විශේෂයෙන් වයසට යාමේදී සම රැළි වැටීම විටමින් E මගින් අවම කරනු ලබනවා.

විටමින් E අඩංගු ආහාර මොනවද ?

අමන්ඩ්

රටකජු

අලිගැටපේර

බටර්

සැමන්

අඹ

ෆෝලික් අම්ලය

ෆෝලික් අම්ලය මගින් පැහැපත්, සුසිනිදු සහ නිරෝගි සමක් ඔබට ලබා දෙනවා. ෆෝලික් අම්ල වල ප්‍රති ඔක්සිකාරක විශාල ප්‍රමාණයක් අඩංගු වෙන නිසා සම වයසට යාම පමා කරන අතර සමේ වර්ණය එකම ආකාරයකින් පවත්වාගෙන යාමට උපකාරි වෙනවා ඇන්ටි ඒජින් ආලේපන වර්ග වල ෆෝලික් අම්ලය බහුල වශයෙන් අඩංගු වෙලා තිබෙනවා.

ෆෝලික් අම්ලය අඩංගු ආහර වර්ග මොනවද ?

ගස්ලඹු

මිදි

ස්ට්‍රෝබෙරි

කොළ පැහැති පළා වර්ග

පරිප්පු

බිත්තර

බීට් රූට්

ලෙමන්

දොඩම්

ප්‍රෝ බයෝටික්

සිනිදු සහ පැහැපත් දිදුළන සමක් ලබා ගැනීම සදහා ප්‍රෝ බයෝටික් ඉතා වැදගත් වෙනවා. ප්‍රෝ බයෝටික් යනු මිනිස් ශ‍රීරයට හිතකර බැක්ටීරියා විශේෂයක් වන අතර මෙම බැක්ටීරියාව සම මතුපිට සහ සම ඇතුළත ඇති සමට අහිතකර බැක්ටීරියා විනාශ කරන අතර සමේ කුරුළෑ සහ අනෙකුත් ආසාධන සදහා හේතු වන බැක්ටීරියා සමෙන් ඉවත් කරනවා.

ප්‍රෝ බයෝටික් අඩංගු ආහාර මොනවද ?

යෝගට්

චීස් වර්ග

ඔලිව්

ඔමේගා 3 සහ මේද අම්ල

බොහෝ මේදය ශරීරයට අහිතකර වුවත් ඔමේගා 3 සහ මේද අම්ල සමේ ලස්සන සහ ගුණාත්මක බව වැඩිකර ගැනීම සදහා ඉතා වැදගත් වෙනවා. ඔමේගා 3 සහ මේද අම්ල මගින් සම වයසට යාමේදී සමේ ඇති වන රැළි වැටීම අවම කරන අතර විශේෂයෙන්ම ඔමේගා 3 මගින් සමේ තෙතමනය ඒකාකාරව පවත්වාගෙන යාම සදහා උපකාරි වෙනවා.

ඔමේගා 3 සහ මේද අම්ල අඩංගු ආහාර මොනවද ?

වෝල්නට්
ටෝෆු
සැමන්
තලපත්
සෝයා බෝංචි

විටමින් K2

විටමින් K2 මගින් කොලැජන් නිශ්පාදනය වැඩි කිරීම මගින් සමේ තරුණ බව රැක දෙනවාවිටමින් K2 මගින් සමේ ඇදෙන ස්වභාවය වැඩි කරන අතරම සමේ පැහැපත් බව පවත්වාගෙන යාම සදහා බෙහෙවින් උපකාරි වෙනවා.

විටමින් K2 අඩංගු ආහාර මොනවද ?

මස්
කිරි

ඇල්ෆා ලිපොයික් අම්ල

ඇල්ෆා ලිපොයික් අම්ලය ප්‍රති ඔක්සිකාරකයක් වන අතර සමේ ප්ලාස්මා පටලටයට සිදු වන හානිය අවම කර සම වයසට යාම පමා කරවනවා. ඇල්ෆා ලිපොයික් අම්ල සමේ දීප්තිමත් ගතිය වැඩි කරන අතර රන්වන් පැහැ සමක් ඔබට ලබා දීම සදහා ඇල්ෆා ලිපොයික් අම්ලය ඉතා වැදගත් වෙනවා.

ඇල්ෆා ලිපොයික් ඇති ආහාර මොනවද ?

බීට්
තක්කාලි
අල
කැරට්
රතු මස් වර්ග.

විටමින් D

විටමින් D අහිතකර පාරජම්බුල කිරණ නැතිනම් UVB කිරණ මගින් සමට ඇතිවන අහිතකර බලපෑම් අවම කරනු ලබනවා.සමේ නැතිනම් මුහුනේ ඇති හානියට පත් සෛල සුවපත් කරන අතරමත් මුහුනේ කුරුළෑ ඇති වීම වළක්වනු ලබනවා. විටමින් D මගින් මෙලනින් නිශ්පාදනය ඉහළ දමන අතර එම නිසා හිරුඑළියෙන් සමට ඇති බලපෑම් අවම කරනවා.

විටමින් D අඩංගු ආහාර මොනවද ?

සැමන්
සර්ඩින්
සමහර හතු වර්ග
බිත්තර කහ මදය

අතුරු ආබාධ වලට ලක් නොවී පැහැපත් සහ දීප්තීමත් සමක් හිමි කරගන්න පුලුවන් විටමින් වර්ග ගැන දැන් ඔබ දන්නවා.මේ විටමින් වර්ග නිසි ආකාරයෙන් ශරීරයට ලබා ගැනීමෙන් ලස්සන සමක හිමිකාරියක් වන්න ඔබටත් පුලුවන්. ඒ වගේම ප්‍රමාණවත් තරම් වතුර පානය කිරීමත් නිරෝගි සමකට අත්‍යවශ්‍යයම දෙයක් කියලා ඔබ මතක තියාගන්න ඕන

Related Articles

Don't Miss


Latest Articles