රසවත් කට්ලට් හදා ගන්න රෙසිපි 3ක්.

කෑම මේසයේ රසය වැඩි කරන්න කට්ලට් වර්ග කිහිපයකුත් තිබුණොත් අපූරුයි නේද? සිංහල තාලේ කෑම වේලකට වගේම නූඩ්ල්ස්, ෆ්‍රයිඩ් රයිස් වගේ මෙනු එකකටත් කට්ලට් එකක් තිබ්බම රසය ඉහළ යන්නේ හිතන්නත් බැරි වේගයෙන්.

ඉතිං, අපි හදමු කට්ලට්.

පොළොස් කට්ලට්

අවශ්‍ය දේවල්:
පොළොස් 500g

  • අරතාපල් 200g
  • රතු ළුණු ගෙඩි 10 (සිහින්ව කපා ගන්න ලද)
  • කැලි මිරිස්‌ මේස හැදී 02
  • මිරිස් කුඩු මේස හැදී 1/2
  • ගම්මිරිස් කුඩු තේ හැදී 1
  • අමුමිරිස්‌ කරල් 04
  • උම්බලකඩ කුඩු මේස හැදී 02
  • එනසල් කරල් 02
  • සුදුළුණු බික් 02(සිහින්ව කපා ගන්න ලද)
  • කරපිංචා ස්වලපයක් සහ ලුණු
  • කහ කුඩු
  • පාන්පිටි 250g
  • බිස්කට් කුඩු 200g
  • බැදගැනීමට අවශ්‍ය තෙල්

සාදාගන්නා ආකාරය:

කටු ඉවත් කර පොළොස් කැබලි වලට කපා මැටි වළදක් ගෙන එයට ගොරකා කෑලි 02/03 දමා ප්‍රමාණවත් පරිදි වතුරද, ලුණුද, දමා හොදින් තම්බාගන්න.
ඉන්පසු අර්තාපල් ද හොදින් තම්බාගන්න.
ඉන්පසු තම්බා ගත් පොළොස් සහ අර්තාපල් වෙන වෙනම පොඩි කරගන්න.භාජනයක් ලිප තබා එයට තෙල් ස්වල්පයක් දමා රත්වූ පසු එයට සුදුළූණු,රතු ළූණු, කරපිංචා, දමා තෙම්පරාදු කර ගන්න.
උම්බලකඩ කුඩු ද එකතු කර විනාඩියකට පසු පොඩි කරගත් පොළොස් සහ අර්තාපල් එකතු කර හොදින් කලවන් කර ටික වෙලාවකට පසු එයට මිරිස් කුඩු, කැලි මිරිස්‌ සහ ගම්මිරිස් කුඩු දමා රස පරිදි ලුණුද එකතු කර ලිපෙන් බාගන්න.
භාජනයක් ගෙන එයට වතුර එකතු කර පාන් පිටි එකතු කර කහ කුඩු ස්වල්පයක් දමා හොදින් මිශ්‍ර කර මිශ්‍රණයක් (බැටරයක්) සදා ගන්න.
සකසා ගත් පොළොස් මිශ්‍රණය අතින් පොඩි රවුම් ගුලි සේ සකසා ගන්න.
එය සාදාගත් පාන් පිටි මිශ්‍රණයේ දවටා ගෙන ඉන්පසු බිස්කට් කුඩු තවරා ගන්න.
භාජනයක් ලිප තබා රත්වූ පසු තෙල් දමා, තෙල් රත්වූ පසු සදා ගත් පොළොස් කට්ලට් එයට දමා හොදින් රන්වන් පැහැය වනතුරු බැදගන්න

මස්/මාළු/ සැමන් යෙදූ කට්ලට්

අවශ්‍ය දේවල්:

  • අර්තාපල් 500g
  • ලොකු අමු මිරිස් කරල් 10ක්
  • බී ළූනු ගෙඩියක් හෝ රතු ළූණු
  • ඉඟුරු
  • සුදු ළූණු
  • කරපිංචා
  • තෙල් ටිකක්
  • අබ ටිකක්
  • සැමන්/ මස්/ මාලු
  • කහ කුඩු තේ හැදි භාගයක්
  • ගම්මිරිස් කුඩු තේ හැන්දක් හෝ දෙකක්
  • ලුණු
  • අර්තාපල් 500g හොදින් තබා පොතුහැර කුඩා කැබැලි හිටින පරිදි පොඩි කරගන්න.
  • ලොකු අමු මිරිස් කරල් 10ක්, බී ළූනු ගෙඩියක් හෝ රතු ළූණු ඉතා සිහින්ව කපාගන්න
  • භාජනයක් ලිපේ තියලා තෙල් ටිකක් දාලා හොදට රත් වුනාට පස්සෙ අබ ටිකක් දාගන්න.
  • ඊලගට ළූනු ටික දාගන්න. ලූනු රන්වන් පාට වනතුරු හොදින් බැදෙන්න දෙන්න.
  • අමු මිරිස් එකතු කරගන්න.
  • මිනිත්තුවකට පමණ පසු සැමන්තුර ඉවත් කර එකතු කරගන්න.
  • මස් හෝ මාළු නම් තම්බා බ්ලෙන්ඩ් කර ගන්න
  • එයට පොඩි කරගත් අල, කහ කුඩු තේ හැදි භාගයක්, ගම්මිරිස් කුඩු තේ හැන්දක් හෝ දෙකක් (තමන්ගෙ රස අනුව) සහ ලුනු එකතු කර හොඳින් කවලම්කර මිනිත්තු කිහිපයකින් ලිපෙන් බාගෙන නිවෙන්න තබන්න.
  • නිවුණු පසු මිශ්‍රණයෙන් ටික ටික ගෙන බෝල සාදාගන්න.
  • බිත්තර දෙකක් බෝල් එකකට කඩා පොඩ්ඩක් හැන්දෙන් ගසා ගන්න.
  • බිස්කට් කුඩු පැතලි භාජනයකට දාගන්න.
  • සාදාගත් කට්ලට් බෝල බිත්තර සාරු වල ඔබා බිස්කට් කුඩු තවරා ගන්න.
  • තෙල් රත් වූ පසු බැද ගන්න

පාන් කට්ලට්

අවශ්‍ය දේවල්:

  • පාන් පෙති 4ක්
  • කිරි මේස හැඳි දෙකක්
  • තෙල් ස්වල්පයක්
  • චොප් කරගත් ළූණු
  • ගා ගත් කැරට්
  • සිහින්ව ලියාගත් ලීක්ස්
  • කෑලි මිරිස්
  • ලුනු
  • ගම්මිරිස් කුඩු
  • තම්බා පොඩි කරගත් අල ගෙඩියක්
  • පොඩි කරගත් සැමන් හෝ තම්බා ගත් මාළු

සාදාගන්නා ආකාරය:

පාන් පෙති හතරක් වාටි ඉවත් කර කුඩාවට කඩා ගෙන කිරි මේස හැඳි දෙකක් එක් කරගන්න.
තෙල් ස්වල්පයක් ලිපේ තබා එයට චොප් කරගත් ළූණු ගා ගත් කැරට්, සිහින්ව ලියාගත් ලීක්ස් එක් කර කෑලි මිරිස්, ලුනු සහ ගම්මිරිස් කුඩු ටිකක් දමා තෙම්පරාදු කරගන්න.
එයට තම්බා පොඩි කරගත් අල ගෙඩියක්, පොඩි කරගත් සැමන් හෝ තම්බා ගත් මාළු එක් කර හොඳින් මිශ්‍ර කරගන්න. කිරි එක්කරගත් පාන් මිශ්‍ර කර ලිපෙන් බාගන්න.
කුඩා කොටස් ගෙන අතින් බෝල සාදා පැතලි කර බිත්තර සාරු වල දවටා පාන් කුඩු තවරා අඟල් 1/2ක් පමන උසට තෙල් දමා ගත් පෑන් එකක දමා දෙපැත්ත බැදගන්න.

Related Articles

Don't Miss


Latest Articles