හිසකෙස් අග පැලීම කියන්නේ පාසල් යන වයසේ ගැහැණු දරුවන්ගේ සිට බහුතරයක් කාන්තාවන් අතර ගැටලුවක්. ඉතින් මේ හිසකෙස් අග පැලීමට හේතු සහ ඒ වෙනුවෙන් කල හැකි සත්කාර ගැන කියන්න අපි හිතුවා.නීරෝගී කෙස් කළඹක් ගැන සිහින් දකින කාන්තා ඔබට මේ ලිපිය ගොඩක් වැදගත් වේවි
හිසකෙස් අග පැලෙන්නේ ඇයි ?
කාලයක් පුරාවට කොණ්ඩය අග නොකැපීම

ඔබ සුන්දර කෙස් කළඹක් බලාපොරොත්තු වන කෙනෙක් නම් මාසයකට වරක් හෝ මාස දෙකකට වරක් ඔබේ කොණ්ඩයේ අග කැපිය යුතුයි.එසේ කැපීමෙන් හානි වූ කෙස් ඉවත් වීම සිදුවෙනවා.ඒ වගේම කෙස් අග පැලී ඇත්නම් එය කේශ මූලය දක්වාම පැතිරීමෙන් හිසකෙස් වියළීමට ලක්වී කැඩි යාම සිදු වෙනවා.ඒ නිසා මාසයකට වරක් වත් ඔබේ කොණ්ඩයේ අග කැපීමට සැලකිලිමත් වන්න
තෙත් කොණ්ඩට දිගු වෙලාවක් ගැට ගසාගෙන සිටීම
හිසකෙස් තෙත් ගතිය බොහෝ වේලාවක් තිබීම හිසකෙස් වියළී ,අග පැලීමට ලොකු හේතුවක් වනවා.ඒ වගේම කෙස් වල තෙත් ගතිය තිබෙන විට කේශ මූලය බුරුල් වන නිසා කෙස් ගස කැඩී යාමටත් හැකියාව තියනවා.ඒ නිසා ඔබ ස්නානය කිරීමෙන් පසු කොණ්ඩට ගැට ගසාගෙන සිටීම , පිරීම වැනි දේවල් කිරීමෙන් වැළකිය යුතුයි
උණුසුම් කාලගුණය
අධික රස්නය සහිත කාල වලදි ඔබේ හිස් කබල රත්වීමකට ලක් වෙනවා.එහිදි කෙස් ගස මුලින්ම ගැලවී යාමක් සිදුවිය හැකියි.ඒ වගේම අධික රස්නය නිසා හිසකෙස් වල වියළි ස්වභාවය වැඩි වී හිසකෙස් වල අග පැලීමද සිදුවෙනවා.ඒ නිසා අධික රස්නය සහිත කාල වලදි හිසකෙස් වලට තෙල් සත්කාර කිරීම , කන්ඩිශනර් කිරීමට විශේශයෙන්ම ඔබ සැලකිලිමත් විය යුතුයි

විවිධ රසායනික ද්‍රව්‍ය ඇතුලත් නිශ්පාදන හිසකෙස් වලට භාවිතා කිරීම
හිසකෙස් ස්ට්‍රේට් කිරීම , රිබොන්ඩින් කිරීම ඇතුලු කාර්‍යයන් වලදි කෘතිම රසායනික ද්‍රව්‍ය අධික ලෙස හිසකෙස් වල ගල්වනවා.මෙහිදි හිසකෙස් වල ස්වාභාවික ගතිය නැතිවී යනවා.එමගින් හිසකෙස් වල වියළි බව වැඩිවී අග පැලීම සිදුවිය හැකියි.
ඒ වගේම ඔබ හෙයා ස්ප්‍රේ සහ හෙයා ජෙල් භාවිතා කරනවා නම් නිසි වෙලාවට හරි ආකාරයෙන් ඒවා ඉවත් කිරිමටත් වග බලා ගත යුතුයි. ඒවායේ ඇති රසායනික ද්‍රව්‍ය හිසකෙස් වලට ඉක්මනින් උරාගෙන හිසකෙස් වල ඇති ස්වාභාවික ගතිය ඉවත් වී හානිවීම සිදුවෙනවා
අග පැලුනු හිසකෙස් වලින් ඇතිවිය හැකි අහිතකර තත්වයන් මොනවද ?
හිසකෙස් කැඩී යාම

අග පැලුනු හිසකෙස් තිබීමෙන් ඉතා ඉක්මනින් හිසකෙස් ගැටගැසීම සිදුවෙනවා.එවිට කොණ්ඩය පිරීම ඉතා අපහසු වන අතර එහිදි අධික ලෙස හිසකෙස් කැඩීයාමට හැකියාව තිබෙනවා
පෝෂණය උරා නොගැනීම
ඔබේ හිසකෙස් වල අග පැලී තිබෙනවා නම් ඔබ හිසකෙස් වලට මොනතරම් සත්කාර කලත් ඒවායේ ප්‍රතිඵල ලබා ගැනීම ඉතා අපහසු වෙනවා.ඔබ සිදුකරන තෙල් සත්කාර ඇතුලු ඕනෑම සත්කාරයක පෝශණ කොටස් හිසකෙස් වලට උරා ගන්නේ ඉතා අඩුවෙන් නිසා අග පැලුනි හිසකෙස් වලට තවත් එක් අවාසියක් ලෙස මෙය සලකන්නට පුලුවන්
කෙස් කළඹෙහි අසුන්දර බව
ඔබ අග පැලුනු හිසකෙස් සහිත කෙස් කළඹක් හිමි අයෙක් නම් ඔබට අවශ්‍ය අවස්ථාවකදි කොණ්ඩය මුදා හැර යන්නට හැකියාව නැති වෙනවා.ඊට හේතුව හානිවූ හිසකෙස් සහ ස්වාභාවික නීරෝගී හිසකෙස් අතර වෙනස එහිදි හොඳින්ම දක්නට ලැබෙන නිසා.
හිසකෙස් අග පැලීමට නිවසේදි කල හැකි සත්කාර මොනවද ?
සත්කාර 1

ඔලිව් තෙල් , එඬරු තෙල් සහ විටමින් ඊ මිශ්‍ර කර හිසකෙස් වල ගල්වා හොඳින් සම්බාහනය කරන්න
ඉන්පසු හිසකෙස් වලට හුමාලය අල්ලන්න ,නැතිනම් උණුසුම් තුවායකින් විනාඩි තිහක් පමණ හිසකෙස් ආවරණය කර තබන්න
ඉන්පසු සාමාන්‍ය පරිදි ශැම්පු කර හිසකෙස් සෝදා හරින්න.මෙහිදි තරමක තෙල් ගතියෙන් යුතු ශැම්පු එකක් සහ කන්ඩිශනර් එකක් භාවිතා කිරීමෙන් හිසකෙස් නැවත වියළීම වළක්වා ගත හැකියි
මෙම සත්කාරය මාසයකට දෙවතාවක් පමණ කල හැකි නම් ඉතා හොඳ ප්‍රතිඵල ලබා ගත හැකියි
සත්කාර 2

මී කිරි , ඔලිව් තෙල් , විටමින් ඊ මිශ්‍ර කර පැක් එකක් සාදා තෙත් කල හිසකෙස් වල ගල්වන්න
මින්ත්තු 15 – 20 ක් අතර කාලයක් තබා සෝදා හරින්න
සත්කාර 3

ඉදුණු අලිගැටපේර ගෙඩියක් සහ බිත්තරයක් හොඳින් මිශ්‍ර කර තෙත් කල හිසකෙස් වල සහ හිස් කබලෙහි හොඳින් ආලේප කරන්න
මිනිත්තු 20 ක් පමණ තිබෙන්නට හැර සෝදා හරින්න
සත්කාර 4
මී කිරි , එඬරු තෙල් සහ විටමින් ඊ මිශ්‍ර කර පැක් එකක් සාදා තෙත් කල හිසකෙස් වල ගල්වන්න
මිනිත්තු 15 – 20 ත් අතර කාලයක් තබා සෝදා හරින්න
මෙම සත්කාර වලින් කැමති සත්කාරයක් තෝරාගෙන ඔබට කල හැකියි.ඒ වගේම එම සත්කාර වලින් පසුව නිසි ලෙස ශැම්පු කිරීම කන්ඩිශනර් කිරීමත් වැදගත්. එහිදි වියළි හිසකෙස් වලට ගැලපෙන ශැම්පු වර්ග සහ කන්ඩිශනර් වර්ග භාවිතා කරන්නත් ඔබ සැලකිලිමත් වෙන්න

තොරතුරු සැපයීම – ප්‍රවීණ රූපලාවණ්‍ය ශිල්පිනී මධූ ජයවීර
