ප්‍රතිශක්තිකරණය වැඩි කරන පළතුරු පාන වර්ග.

මේ දවස්වල අපිට වඩාත්ම වැදගත් වෙන්නේ සිරුරේ ප්‍රතිශක්තිකරණය හොඳින් පවත්වාගෙන යාම කියන කාරණාවට ඔබ දෑතම ඔසවලා එකඟ වෙනවා නේද?  ප්‍රතිශක්තිකරණය හොඳින් පවත්වා ගන්නා ආහාර වර්ග ගැන අපි කතා කරන නිසා ප්‍රතිශක්තිකරණ සහිත පාන වර්ග කීපයක් සකසා ගන්න හැටි ගැන ඔබට කියන්න අද හිතුවා.

පිපිඤ්ඤා ලෙමනේඩ්

අවශ්‍ය ද්‍රව්‍ය

  • උණු කර නිවා ගත් වතුර
  • පිපිඤ්ඤා ගෙඩි දෙකක් චොප් කර
  • ලෙමන් ගෙඩි දෙකක යුෂ
  • මී පැණි තේ හැඳි 4
  • ග්‍රීන් ටී
  • අවශ්‍ය නම් අයිස් කැට

සාදා ගන්නා අන්දම

  • චොප් කළ පිපිඤ්ඤා වලට වතුර එකතු කරන්න
  • ලෙමන් යුෂ වලට මී පැණි එකතු කර ග්‍රීන් ටී ස්වප්ලයක් එක් කරන්න.
  • පිපිඤ්ඤා වතුර සහ ඒ මිශ්‍රණය කලවම් කර ගන්න
  • ඔබට සෙම් අමාරු නැතිනම් පමණක් අයිස් කැට එකතු කර පානය කරන්න.

දෙළුම් පානයක්

අවශ්‍ය ද්‍රව්‍ය

  • දෙළුම්
  • දෙහි යුෂ කෝප්පයක්
  • මී පැණි තේ හැන්දක්
  • ඉඟුරු ඉස්ම තේ හැන්දක්
  • මින්ට් කොළ

සාදා ගන්නා ආකාරය

  • දෙළුම් යුෂ වන සේ බ්ලෙන්ඩ් කර ගන්න
  • එයට දෙහි හෝ දොඩම් යුෂ, ඉඟුරු ඉස්ම සහ මී පැණි එකතු කරන්න.
  • මින්ට් කොළ උඩින් ඉස ගන්න.

පොල් වතුර සහ දොඩම් ස්මූති

අවශ්‍ය ද්‍රව්‍ය

  • පොල්වතුර හෝ තැඹිලි වතුර 100ml
  • දොඩම් ගෙඩියක යුෂ
  • යෝගට් එකක්
  • කුඩාවට කපා ගත් රතු බෙල් පෙපර් කරලක්
  • ඉඟුරු ඉස්ම
  • ආමන්ඩ්
  • ලුණු ස්වල්පයක්

සාදා ගන්නා ආකාරය

  • මේ සියල්ල හොඳින් බ්ලෙන්ඩ් කරන්න
  • පෙරා පානය කරන්න

මෙය විටමින් වර්ග ගණනාවක් අඩංගු පානයක් නිසා සිරුරේ ප්‍රතිශක්තිකරණය වර්ධනය කරගන්නට බටහිර රටවල මේ දිනවල බහුලව පානය කරන පානයක් වෙනවා.

මීට අමතරව ඔබ දිනකට වතාවක් නෙල්ලි යුෂ, මී පැණි දැමූ දොඩම් යුෂ ආදිය පානයකිරීමත් සිරුරේ ප්‍රතිශක්තිකරණය වැඩි වෙන්න හේතුවක්.ඔබට හැකි නම් මෙන්න මේ ආයුර්වේද පාන වර්ගත් ලබා ගන්න (

Related Articles

Don't Miss


Latest Articles