ඔබේ ආහාර වලට ගොරකා සියඹලා වැඩිපුර එකතු කර ගත යුත්තේ ඇයි?

ගොරකා සහ සියඹලා කියන්නේ අපි අපේ ආහාර වලට නිතරම එකතු කරන දේවල් දෙකක්.ආහාර රස ගන්වන මේ අමුද්‍රව්‍ය දෙකේ අපි හිතනවට වඩා ගුණ අඩංගු වෙලා තියනවා.ඒ මොනවද කියලා අපි මේ ලිපියෙන් විමසලා බලමු

ගොරකා

ඇඹුල් රසයෙන් පරිපූර්ණ ගොරකා අතීතයේ ඉඳලම මුළුතැන්ගෙයට නැතුවම බැරි කුළුබඩු වර්ගයක්. ආහාර පිසීමේදී රස කාරකයක් විදියට වගේම ආහාර කල්තබා ගැනීම සඳහාත් ගොරකා ගෘහණියන් විසින් ගොරකා භාවිතා කරනවා. රත් ගොරකා, මල ගොරකා, එළ ගොරකා, රට ගොරකා යනාදී වශයෙන් ප්‍රභේද 4 කින් ගොරකා තිබුනත් ප්‍රධාන වශයෙන් එළ ගොරකා සහ රත් ගොරකා පමණක් ආහාර පිළියෙල කර ගැනිම සඳහා භාවිතා කරනවා. මල ගොරකා ආහාර සඳහා යොදා නොගන්න අතරම රට ගොරකා පලතුරක් ලෙස භාවිතා කරනවා

ගොරකා වලින් ලැබෙන සෞඛ්‍යමය සහ අනෙකුත් වාසි මොනවද ?

  • හෘද රෝග සඳහා යෝග්‍ය වේ
  • කොලෙස්ටරෝල් මට්ටම පාලනය සඳහා උපකාරී වේ
  • අර්ශස් සඳහා ගුණදායක වේ
  • පණු රෝග සඳහා භාවිතා කල හැක
  • ශරීරයේ බර වැඩිවීම පාලනය කිරීම සඳහා යොදාගත හැකි වේ
  • මස් මාලු පිලියෙළ කිරීමේදි ඇඹුල් ගතිය ලබා ගැනීම සඳහා භාවිතා කරයි
  • ජාඩි පිලියෙල කිරීම සඳහා භාවිතා කරයි

මීට අමතර විවිධ අත් බෙහෙත් සඳහාද පැරැන්නන් විසින් ගොරකා භාවිතා කලා

ගොරකා පළු තැම්බු වතුරට ලුණු ස්වල්පයක් දමා කකුල් සේදීමෙන් ඇගිලි කරු ගැසීම් සඳහා සුදුසු වේ

උගුරේ අපහසුතා ගොරකා පළු ගම්මිරිස් ඇට, ලූනු සමව ගෙන අඹරා පොට්ටනි බැඳ කටේ තබා කෙල ගිලීම සිදු කිරීමෙන් උගුරේ අපහසුතා මග හරවා ගැනීමට හැක

වියළි ගොරකා බික්, ලූනු ස්වල්පයක් සමඟ තලා තැල්ම ඇති ස්ථානයේ තබා බැඳීමෙන් තැල්ම සුව කර ගැනීමට හැකි වේ

දරුණු තැල්ම සඳහා වියළි ගොරකා පළු, අමුකහ, ලුණු දියරයෙන් අඹරා ආලේප කිරීම කල හැක

සියඹලා

ඉතා ගුණදායක ආහාරයක් ලෙස ආයුර්වේද වෛද්‍යවරුන් සඳහන් කරන සියඹලා ආහාර රස ගැන්වීම සඳහා ගෘහණියන් භාවිතා කරනවා.පොටෑසියම් ,කැල්සියම් ,මැග්නිසියම් ,යකඩ සහ ඛනිජ ලවණ වැනි පෝශණ ගුණ රාශියක් මේ සියඹලා වල අන්තර්ගත වෙලා තියනවා.

සියඹලා වලින් ලැබෙන සෞඛ්‍යමය වාසි සහ අනෙකුත් වාසි මොනවද ?

  • මල බද්ධය දුරු කරයි
  • මහ අන්ත්‍රයේ පිළිකා ඇතිවීම වලක්වයි
  • ආහාර හොඳින් දිරවීමට උපකාරී වෙයි
  • හෘද සෞඛ්‍ය වැඩි දියුණු කරයි
  • උගුර ආශ්‍රිත ආසාදන සුව කරයි
  • කහ උණ සහ තුවාල ඇති රෝගින්ට ගුණදායක වේ
  • මස් වර්ග පිසීමේදි ඇඹුල් ගතිය එකතු කරගැනීම සඳහා භාවිතා කරයි
  • සියඹලා මල් ව්‍යාංජන සකස් කිරිමට යොදා ගනියි

මීට අමතරව විවිධ අත් බෙහෙත් සඳහාත් සියඹලා භාවිතා කරනවා

සියඹලා කොළවලින් සාදාගත් ග්‍රීන් ටී වෛරස් උණට ඉතා ගුණදායක වේ

මුඛයේ ඇතිවන තුවාලවලදී කොත්තමල්ලි තැම්බූ වතුර සමඟ සියඹලා වතුර බීමද ඉතා සුදුසු වනවා

දියවැඩියා රෝගීන්ට ද සියඹලා ඉතා ගුණය.එයට හේතුව වන්නේ ,ආහාර ගත් විගස රුධිරයේ සීනි වැඩීම සියඹලාවලින් අඩු කරයි

විවිධ කෘමීන් දෂ්ඨ කළ විටදී එයට ප්‍රති විසක් ලෙසින් සියඹලා ඇටවල චූර්ණය ආලේප කරනු ලබනවා

පිළිස්සුණු තුවාල ඇති වූ විට සියඹලා ඇට කුඩු කොට ආලේප කිරීමෙන් ද පිළිස්සුණු තුවාල ඉතා ඉක්මනින් සුව කර ගැනීමට හැකියාව ඇත

සියඹලා, මධ්‍යසාරවලට ඇබ්බැහි වූවන්ට ඉතා ගුණදායක ඖෂධයක් ලෙසද සැලකෙනවා

ශරීර ගතවන විෂ වර්ගවලට ප්‍රති ව්‍යංජනයක් ලෙසින් සියඹලා ක්‍රියා කරනවා

ආතරයිටීස් රෝගීන්ගේ අත්පාවල, විවිධ සන්ධිවල ඇතිවන ඉදිමුමට සියඹලා කොළවල ඉස්ම සමඟ ඖෂධ ආලේප කිරීම ඉතා ගුණදායක වනවා

ශරීරයේ ඇති අපිරිසිදු රැධිරය පිරිසිදු කිරීමේ ගුණයක් ද සියඹලා වල ඇත

දරැවන්ගේ සුව නොවන පණු රෝගවලට සියඹලා කොළ කසාය ඉතා ගුණදායක වේ

අර්ශස් රෝගීන් හට සියඹලා ඉතා ගුණදායක පළතුරක් හා ඖෂධයකි

ඉතින් ඔබ ව්‍යාංජන රස ගැන්වීම සඳහා පමණක් ගොරකා සහ සියඹලා භාවිතා කල කෙනෙක් නම් මේ ලිපියෙන් ඔබ බොහෝ කරුණු දැනගන්නට ඇති.අසීමිත රස සහ ගුණ සපිරි ගොරකා සහ සියඹලා අතීතයේ ඉඳලම ආයුර්වේදය සඳහා සහ ගෘහණියන් මුලුතැන්ගෙයි කටයුතු සඳහා යොදාගත්තා. ඉතින් මේ ලිපියෙන් අපි ඔබව දැනුවත් කලේ ඒ අසීමිත ගුණ ගැනයි.

Related Articles

Don't Miss


Latest Articles