පාන්, ඉඳි ආප්ප කන්න වෙනස් රසකට බිත්තර කරි හදමු.

අපි බිත්තර තම්බලා සහ ඔම්ලට් හදලා තමයි නිතරම කන්නේ.ඒත් බිත්තර ව්‍යාංජනය පාන් කන්න,ඉඳි ආප්ප කන්න වගේම බත් කන්නත් අපූරුයි.අද අපි බිත්තර ව්‍යාංජනයක් ක්‍රම දෙකකට හදලා බලමු.

බැදගත් බිත්තර ව්‍යාංජනය

අවශ්‍ය දේවල්:

  • තම්බා කටු ඉවත් කළ බිත්තර
  • පොල් තෙල්
  • මිරිස් කුඩු
  • තුනපහ කුඩු
  • කහ කුඩු
  • උම්බලකඩ කුඩු
  • ලියා ගත් රට ලූණු
  • ලියා ගත් අමු මිරිස්
  • කරපිංචා
  • රම්පේ
  • කුරුඳු පොතු කැබැල්ලක්
  • පොල් බෑයක කිරි

සාදා ගන්නා ආකාරය:

  • තම්බා ගත් බිත්තර වලට කිහිප වරක් ගෑරුප්පුවකින් ඇන ගන්න
  • තෙල් තාච්චිය ලිපේ තබා හොඳින් තෙල් රත් කර ගන්න.
  • රත් වූ තෙල් එකට බිත්තර දමා රන්වන් පැහැය ලැබෙන තුරු හොඳින් බැද ගන්න.
  • තවත් භාජනයක් ගෙන එයට මිරිස් කුඩු, තුනපහ කුඩු, කහ කුඩු, උම්බලකඩ කුඩු, ලියා ගත් රට ලූණු, ලියා ගත් අමු මිරිස්, කරපිංචා, රම්පේ, කුරුඳු පොතු කැබැල්ල සහ පොල් කිරි දමා ගෙන ලිප තබා ගන්න.
  • හොද්ද නටා ගෙන එන විට එයට බිත්තර ටික එක් කර තවත් මිනිත්තු කිහිපයක් හොඳින් නටවා ගෙන ලිප නිවා ගන්න.

බිත්තර ඔම්ලට් ව්‍යාංජනය

අවශ්‍ය දේවල්:
බිත්තර 2
රතු ලූණු ගෙඩි 5
ගරම් මසාලා තේ හැදි 1
බැදපු මිරිස් කුඩු තේ හැදි 1 ½
ගම්මිරිස් කුඩු
කහ කුඩු තේ හැදි ¼
අමු මිරිස් කරල් 2
කරපිංචා
රම්පේ
තක්කාලි ගෙඩි ½
උකු පොල් කිරි කෝප්ප 1 ½
ලුණු (රස අනුව)
තලා ගත් කරදමුංගු ඇට 2ක්
කුඩා කුරුඳු පොතු කැබැල්ලක්
උම්බලකඩ කුඩු මේස හැදි 3ක්
පොල් තෙල්

සාදා ගන්නා ආකාරය:

  • මුලින්ම බිත්තර කඩා භාජනයකට දමා ගෙන එයට ලුණු ස්වල්පයක්, ගම්මිරිස් කුඩු ස්වල්පයක් සහ උම්බලකඩ කුඩු මේස හැදි 2ක් දමා හැන්දකින් යන්තමින් ගසා ගන්න.
  • පසුව නොන්ස්ටික් පෑන් 1ක් හෝ සුදුසු භාජනයකට තෙල් ටිකක් දමා ගෙන තෙල් රත් වූ විට එයට බිත්තර එක් කර ගෙන බිත්තර ඔම්ලට් සකසා ගන්න.
  • දැන් සාදා ගත් බිත්තර ඔම්ලට් කැමති ප්‍රමාණයේ කොටු වලට කපා ගෙන පසෙකින් තබන්න.
  • තවත් භාජනයක් ගෙන එයට ලියා ගත් රතු ලූණු, ලියා ගත් අමු මිරිස්, ලියා ගත් තක්කාලි, ගරම් මසාලා, බැදපු මිරිස් කුඩු, කරපිංචා, රම්පේ, තලා ගත් කරදමුංගු, කුරුඳු පොතු කැබැල්ල, උම්බලකඩ කුඩු මේස හැන්දක්, ගම්මිරිස් කුඩු ස්වල්පයක්, කහ කුඩු සහ පොල් කිරි එකතු කර ලිප තබා ගෙන පිස ගන්න.
  • ඉන්පසුව රස අනුව ලුණු ද එකතු කරන්න.
  • දැන් හොද්ද නටා ගෙන එන විට කලින් කොටු වලට කපා පසෙකින් තබා ගත් බිත්තර කැබලි ගෙන එයට එක් කර මද වේලාවක් පිස ගෙන ලිපෙන් බා ගන්න

Related Articles

Don't Miss


Latest Articles