තේ බොන වෙලාවට පැය භාගෙන් පාන් පිටි නැතිව හදන අල රෝල්ස් 

අල යොදාගෙන හරිම පහසුවෙන් හදාගන්න පුළුවන් කෙටි කෑම වර්ග රාශියක් තියෙනව කියල ඔබ දන්නවනෙ.

ඔන්න අද අපිත් කියල දෙන්න යන්නෙ අල යොදාගෙන ඉක්මණින් පහසුවෙන් හදාගන්න පුළුවන් රසම රස කෙටි කෑම වර්ගයක් ගැන තමයි

හැබැයි කෙටි කෑම රාශියක අඩංගු පාන් පිටි භාවිතයෙන් තොරව හදාගන්න පුළුවන් කෑමක් තමයි මේ. 

එහෙමනම් අපි බලමු, කොහොමද පාන් පිටි නැතුව අල රෝල් හදාගන්නෙ කියල.

අවශ්‍ය ද්‍රව්‍ය 

(අල රෝල් 12 / 13 ක් සඳහා)

තම්බාගෙන පොතු ඉවත් කරගත් අල 250 g ක් 

කාමර උෂ්ණත්වයේ ඇති බටර් හෝ මාගරින් 15 g ක් 

කිරි 20 ml ක් 

ගම්මිරිස් කුඩු

මිරිස් කුඩු

හාල් පිටි කෝප්ප ¼ ක් 

බිත්තර 02 ක් 

බිස්කට් කුඩු 

මැදිකර ගැනීම සඳහා දිග අතට කපාගත් චීස් හෝ අමුමිරිස් (අත්‍යාවශ්‍ය නැත) 

සාදාගන්නා ආකාරය

මුලින්ම අල හොඳින් පොඩි කරගන්න.

පොඩි කරගත් අල වලට කිරි, රස අනුව ගම්මිරිස් කුඩු සහ ලුණු කුඩු එක්කර හොඳින් කලවම් කරගන්න. 

අල කැට නොසිටින මෘදු මිශ්‍රණයක් ලැබෙන තෙක් පොඩිකර ගන්න.

දැන් කට තරමක් ලොකුවට කපාගත් පයිපින් බෑග් එකක් හෝ අත භාවිතයෙන් පොඩිකර ගත් අල රෝල්ස් හැඩයට සාදාගන්න. 

ඔබ කැමති නම් මැදට චීස් කැබැල්ලක් හෝ අමුමිරිස් කරලක් මැදි කරගන්නත් පුළුවන්. 

සාදාගත් අල රෝල් පොලිතින් කවරයක් අඩියට දැමූ ප්ලාස්ටික් පෙට්ටියක පැය 01 ක් 02 ක් අතර කාලයක් තබාගන්න.

ශීතකරණයෙන් ඉවතට ගැනීමට පෙර දැවටුම සඳහා අවශ්‍ය ද්‍රව්‍ය සූදානම් කරගන්න. 

ඒ සඳහා බිත්තර දෙකේ සුදුමදය සහ කහ මදය හොඳින් කලවම් කර එක් භාජනයකටත්, බිත්තර කුඩු සහ හාල් පිටි වෙන වෙනම භාජන වලටත් දමා ගන්න.

අල රෝල් ශීතකරණයෙන් ඉවතට ගෙන මුලින්ම හාල් පිටි වලත් ඉන්පසු බිත්තර සාරු වලත් ඉන්පසු බිස්කට් කුඩු වලත් දවටා ගන්න. 

අල රෝල් ශීතල තිබියදීම ඉක්මනින් දවටා ගැනීම කළ යුතුයි. 

දැන් තෙල් තාච්චියක් ලිපතබා ගැඹුරු තෙලේ බැඳගැනීමට අවශ්‍ය ප්‍රමාණයට තෙල් දමා, තෙල් හොඳින් රත්වූ විට අල රෝල් තෙලට දමා රන්වන් පැහැවන තුරු බැඳගන්න. 

ඔබ කැමති සෝස් වර්ගයක් සමඟ උණුවෙන්ම රස විඳින්න. 

බිත්තර, හාල් පිටි සහ බිස්කට් කුඩු වල දැවටූ අල රෝල් පෙට්ටියක අසුරා ශීතකරණයේ තබා ඔබ කැමති වෙලාවක බැඳගෙන ආකාරයට ගන්න වුනත්  පුළුවන්. 

එහෙම නම් තේ වෙලාවට අල රෝල් හදල බලමුද? 

පොඩ්ඩො වගේම ඔබත් ආසාවෙන බව අපිට විශ්වාසයි. 

සටහන – දුලානි නවෝද්‍යා  

අල කියන්නෙ රෝග සාදන වෛරස් සහ බැක්ටීරියා සමඟ සටන් කරන්න ප්‍රතිශක්තීකරණ පද්ධතියට උදව් වෙන විටමින් C, හදවත, මාශපේෂී සහ ස්නායු පද්ධතියේ නීරෝගී බවට උදව් වෙන පොටෑසියම් වගේම ඇන්ටිඔක්සිඩන්ට්ස් වලිනුත් සංතෘප්ත ආහාරයක්. 

අල යොදාගෙන හරිම පහසුවෙන් හදාගන්න පුළුවන් කෙටි කෑම වර්ග රාශියක් තියෙනව කියල ඔබ දන්නවනෙ.

ඔන්න අද අපිත් කියල දෙන්න යන්නෙ අල යොදාගෙන ඉක්මණින් පහසුවෙන් හදාගන්න පුළුවන් රසම රස කෙටි කෑම වර්ගයක් ගැන තමයි

හැබැයි කෙටි කෑම රාශියක අඩංගු පාන් පිටි භාවිතයෙන් තොරව හදාගන්න පුළුවන් කෑමක් තමයි මේ. 

එහෙමනම් අපි බලමු, කොහොමද පාන් පිටි නැතුව අල රෝල් හදාගන්නෙ කියල.

අවශ්‍ය ද්‍රව්‍ය 

(අල රෝල් 12 / 13 ක් සඳහා)

  • තම්බාගෙන පොතු ඉවත් කරගත් අල 250 g ක් 
  • කාමර උෂ්ණත්වයේ ඇති බටර් හෝ මාගරින් 15 g ක් 
  • කිරි 20 ml ක් 
  • ගම්මිරිස් කුඩු
  • මිරිස් කුඩු
  • හාල් පිටි කෝප්ප ¼ ක් 
  • බිත්තර 02 ක් 
  • බිස්කට් කුඩු 
  • මැදිකර ගැනීම සඳහා දිග අතට කපාගත් චීස් හෝ අමුමිරිස් (අත්‍යාවශ්‍ය නැත) 

සාදාගන්නා ආකාරය

මුලින්ම අල හොඳින් පොඩි කරගන්න.

පොඩි කරගත් අල වලට කිරි, රස අනුව ගම්මිරිස් කුඩු සහ ලුණු කුඩු එක්කර හොඳින් කලවම් කරගන්න. 

අල කැට නොසිටින මෘදු මිශ්‍රණයක් ලැබෙන තෙක් පොඩිකර ගන්න.

දැන් කට තරමක් ලොකුවට කපාගත් පයිපින් බෑග් එකක් හෝ අත භාවිතයෙන් පොඩිකර ගත් අල රෝල්ස් හැඩයට සාදාගන්න. 

ඔබ කැමති නම් මැදට චීස් කැබැල්ලක් හෝ අමුමිරිස් කරලක් මැදි කරගන්නත් පුළුවන්. 

සාදාගත් අල රෝල් පොලිතින් කවරයක් අඩියට දැමූ ප්ලාස්ටික් පෙට්ටියක පැය 01 ක් 02 ක් අතර කාලයක් තබාගන්න.

ශීතකරණයෙන් ඉවතට ගැනීමට පෙර දැවටුම සඳහා අවශ්‍ය ද්‍රව්‍ය සූදානම් කරගන්න. 

ඒ සඳහා බිත්තර දෙකේ සුදුමදය සහ කහ මදය හොඳින් කලවම් කර එක් භාජනයකටත්, බිත්තර කුඩු සහ හාල් පිටි වෙන වෙනම භාජන වලටත් දමා ගන්න.

අල රෝල් ශීතකරණයෙන් ඉවතට ගෙන මුලින්ම හාල් පිටි වලත් ඉන්පසු බිත්තර සාරු වලත් ඉන්පසු බිස්කට් කුඩු වලත් දවටා ගන්න. 

අල රෝල් ශීතල තිබියදීම ඉක්මනින් දවටා ගැනීම කළ යුතුයි. 

දැන් තෙල් තාච්චියක් ලිපතබා ගැඹුරු තෙලේ බැඳගැනීමට අවශ්‍ය ප්‍රමාණයට තෙල් දමා, තෙල් හොඳින් රත්වූ විට අල රෝල් තෙලට දමා රන්වන් පැහැවන තුරු බැඳගන්න. 

ඔබ කැමති සෝස් වර්ගයක් සමඟ උණුවෙන්ම රස විඳින්න. 

බිත්තර, හාල් පිටි සහ බිස්කට් කුඩු වල දැවටූ අල රෝල් පෙට්ටියක අසුරා ශීතකරණයේ තබා ඔබ කැමති වෙලාවක බැඳගෙන ආකාරයට ගන්න වුනත්  පුළුවන්. 

එහෙම නම් තේ වෙලාවට අල රෝල් හදල බලමුද? 

පොඩ්ඩො වගේම ඔබත් ආසාවෙන බව අපිට විශ්වාසයි. 

සටහන – දුලානි නවෝද්‍යා  

Related Articles

Don't Miss


Latest Articles