සාම්ප්‍රදායික නත්තල් පුඩිම.

හැමදාම හදන පුඩින් වලට වඩා වෙනස් රසට පුඩින් හදන්න හොඳ අවස්ථාවක් තමයි නත්තල.නත්තලටම ආවේණික පුඩින් හදන්න කැමති ඔබට අපි සාම්ප්‍රදායික නත්තල් පුඩිමේ රෙසිපිය තමයි මේ ගෙනාවේ.

අවශ්‍ය දේ

  • වියළි පළතුරු වර්ග වලින් කිහිපයක් – 450g
  • (බෙරීස් වර්ග,චෙරි, වියළි මිදි)
  • තම්බා පොතු හැර ගත් ඇපල් ගෙඩියක්
  • දොඩම් ලෙල්ල සිහින්ව ලියා ගත් තේ හැන්දක්
  • දෙහි ලෙල්ල සිහින්ව ලියා ගත් තේ හැන්දක්
  • දොඩම් යුෂ තේ හැදි 2
  • දෙහි යුෂ තේ හැන්දක්
  • බ්‍රැන්ඩි කෝප්ප කාලක්
  • පිටි කෝප්ප බාගයක්
  • කුරුඳු,කොත්තමල්ලි,ඉඟුරු,කරාබුනැටි ආදිය එකට කුඩු කරගෙන තේ හැන්දක්
  • කුරුඳු තේ හැදි එකහමාරක්
  • රතු සීනි ග්‍රෑම් 100
  • අලුත් පාන් කුඩු ග්‍රෑම් 100
  • තලා ගත් ආමන්ඩ් ග්‍රෑම් 25
  • බිත්තර 2

සාදන ආකාරය

  • වියළි පළතුරු,ඇපල් කැබලි,දෙහි සහ දොඩම් ලෙලි සහ යුෂ ලොකු වීදුරු භාජනයකට දමා ගන්න
  • බ්‍රැන්ඩි එකතු කර කලවම් කරන්න
  • කිචන් ටවල් එකක් තෙත් කර පැය කිහිපයක් මැරිනේට් කරන්න.
  • බටර් කැබැල්ලක් භාජනයකට දමා ගන්න
  • පැය කිහිපයක් මැරිනේට් කළ භාජනයට පිටි,කුළුබඩු මිශ්‍රණය,කුරුඳු එකතු කරන්න
  • සත්ව තෙල්,සීනි,පාන් කුඩු,ආමන්ඩ් එකතු කර කලවම් කර මැරිනේට් කරන්න
  • කුඩා බෝල් එකක බිත්තර බීට් කර ගන්න
  • මිශ්‍රණය එයට එකතු කරන්න
  • ඉන්පසු එය තෙල් කඩදාසියකින් ආවරණය කරන්න
  • ඇලුමිනියම් ෆොයිල් එකකින් ආවරණය කරන්න
  • එය ස්ටීමරයක තබා හොඳින් ස්ටීම් කරන්න
  • පිටතට ගෙන සිසිල් වීමට තබා තැනින් තැන සිදුරු කර බ්‍රැන්ඩි එක් කර ගන්න
  • තෙල් කඩදාසියකින් ආවරණය කර සිසිල් සහ වියළි තැනක තබන්න.
  • නත්තල් කෑම මේසයට පිළි ගන්වන්න.

Related Articles

Don't Miss


Latest Articles