කඩේ මිලෙන් බාගයකින් ගෙදරදිම බටර් හදන්නේ මෙහෙමයි

ගෙදරදිම බටර් හදන්න පුළුවන් බව ඔයා කවදහරි හිතලා තියෙනවද? ඇත්තටම ගෙදරදි ම බටර් හදන්න හරි ම ලේසියි. ඒ වගේ ම බටර් මිලදී ගන්නවාට වඩා අඩු වියදමක් තමයි යන්නේත්. අපි අද බලමු කොහොමද ගෙදරදිම පහසුවෙන් බටර් හදන්නේ කියලා.

බටර් හදන්නේ කිරි වලින් ද?

ඇත්තටම නැහැ. නමුත් නැහැ කියන්නත් බැහැ. ඇයි එහෙම වෙන්නේ? බටර් කෙළින් ම කිරි වලින් හදන්න බැහැ. කිරිවල මේදය බටර් හදන්න මදි. කිරි විපින් ක්‍රීම් බවට පත් කරලා ඒකෙන් තමයි බටර් හදන්නේ.

බටර් ගෙදර හදන එක ලාබ වෙන්නෙ කොහොමද ?

සාමාන්‍යයෙන් ප්‍රමිතියෙන් යුතු බටර් 250g ක් දැන් වෙළඳපොලේ රුපියල් 1000/=ක් වගේ මිලක් වෙනවා. 2000/= ක් පමණ වන හොඳ ප්‍රමිතියෙන් යුතු විපින් ක්‍රීම් එකකින් ඔයාට බටර් 500g විතර හදාගන්න පුළුවන්. ඉතින් ඔයාට ලොකු ලාබයක් තියෙනවා.

දැන් අපි බටර් හදන්නයි යන්නේ.

මොනවද ඕනෙ වෙන්නේ?

මික්ෂර් එකක් හෝ විස්ක් එකක්
විපින් ක්‍රීම්

හදන්නේ මෙහෙමයි

මධ්‍යම ප්‍රමාණයේ වේගයකින් මේදය සහ මෝරු වෙන් වෙන තුරු බීට් කරන්න. ඊට පස්සේ ශීතල ජලයෙන් හොඳින් සෝදා ගන්න. එච්චරයි!

ගබඩා කරන්නේ කොහොමද?

ඔයා ඉන්නේ ශීත පළාතක නම් සතියක් වුණත් එළියේ තියන්න පුළුවන්. එහෙම නැත්නම් පිරිසිදු භාජනයක දාලා ෆ්‍රිජ් එකේ දාන්නත් පුළුවන්.

ඔයා මේක භාජනේක අසුරගන්න කලින් ලුණු දාලා salted butter හැදුවොත්, කල් තියාගන්න පුළුවන් කාලය තරමක් වැඩි වෙනවා.

Related Articles

Don't Miss


Latest Articles