සිරුරේ බර අඩු කරන රසවත් ඕවර් නයිට් ඕට්ස් රෙසිපියක්

සෞඛ්‍ය සම්පන්න උදෑසන ආහාරය ඔබේ මුළු දවසම ප්‍රබෝධමත් කරමින් දිගු ගමනක් යන්නට සමත් වෙනවා. හෘදයට හිතකර කාබෝහයිඩ්‍රේට්, තන්තු, ශාක පදනම් වූ ප්‍රෝටීන් සහ ඔමේගා-3 මේද අම්ලවල පරිපූර්ණ සංයෝජනය ඔබව පරිපූර්ණ ව සහ ශක්තිමත් ලෙස තබන්නට උදව් දෙනවා. ඕවර් නයිට් ඕට්ස් යනු ඔබට ඕනෑම තැනක පහසුවෙන් ගෙන යා හැකි ආහාර වේලක් වන අතර, සැකසූ හෝ පෙර ඇසුරුම් කළ ආහාර වෙත යොමු වීමට අවශ්‍ය නොවේ. ඒවා බොහෝ විට සීනිවලින් පිරී ඇත. පිරිපහදු කළ කාබෝහයිඩ්‍රේට් සහ අධික සීනි ඔබේ සිරුරේ නිපදවන ශක්තිය ඉක්මනින් ක්ෂය වන අතර ඉන්පසුව ඉක්මනින් ආහාර ලබා ගැනීම සඳහා පොළඹවනු ලබනවා.

Overnight Oats

ඕවර් නයිට් ඕට්ස් රසවත් හා පෝෂ්‍යදායී මෙන් ම සකසන්නට ඉතා ම පහසු ආහාරයක්. ඉතා කාර්යබහුල උදෑසනක ඔබට උදේ ආහාරය මග හැරීම හරි ම සුලබයි. එක්කෝ ඔබට සෞඛ්‍යාරක්ෂිත නොවන කෙටි කෑමක් මිලදී ගැනීමට සිදු වෙනවා. නමුත් මෙතරම් හොඳ විකල්ප තිබියදී දවස ආරම්භයේදී ම එවන් විසඳුමකට යෑම අනවශ්‍යයි. ඉතින් low calorie – high protein උදෑසන ආහාරයක් ලෙස අද අපි ඔබට මේ overnight oats recipe එක ගෙන එනවා.

අවශ්‍ය ද්‍රව්‍ය

  • Rolled oats මේස හැඳි තුනක්
  • Chia ඇට මේස හැඳි බාගයක්
  • Flax seeds මේස හැඳි බාගයක්
  • Almond Milk කෝප්ප 1/3 ක්

හදන්නේ මෙහෙමයි

  • පියන වැසිය හැකි තරමක් විශාල බඳුනක් ගන්න.
  • සියල්ල එම බඳුනට දමා පියන වසා හොඳින් සොලවන්න.
  • දැන් එය රැයක් පුරා ශීතකරණයේ තබන්න.
  • පිළිගන්වන්නේ මෙහෙමයි
  • මෙය උදෑසන වන විට හොඳින් පෙඟී ඉතා මෘදු වී තිබෙන බව ඔබට දකින්නට පුලුවන්.
  • එහි ඝනකම වැඩි නම්, තව කිරි ටිකක් එකතු කරගෙන ඔබට අවශ්‍ය තරම් දියාරුවට සකසා ගන්න.
  • පීනට් බටර් ටිකක්, කෙසෙල්, මිදි, ඇපල්, අඹ වැනි පලතුරක් සමග ඔබට මෙය රස විඳින්නට පුලුවන්.

Related Articles

Don't Miss


Latest Articles