සුන්දර සිහින් සිරුරකට මග කියන පෝෂදායි ඕවර්නයිට් ඕට්ස් රෙසිපි

උදෑසන ම ප්‍රෝටීන් සමඟ දවස ආරම්භ කිරීමෙන් ඔබට වැඩි ශක්තියක් ලබා දෙන අතර වඩාත් උද්යෝගීමත්ව සිටීමට හැකි බව ඔබ දන්නවාද? ඔබ ඔබේ දවස ආරම්භ කිරීම සඳහා සරල, සෞඛ්‍ය සම්පන්න මෙන් ම ඉහළ ප්‍රෝටීන් සහිත උදෑසන ආහාරයක් සොයන්නේ නම්, මේ ඕවර්නයිට් ඕට්ස් රෙසිපි එක ඔබේ පළමු තේරීම වේවි. මෙම ඕවර්නයිට් ඕට්ස් රෙසිපි එකෙහි protein powder ඇති නිසා සාමාන්‍ය ඕට්ස් බඳුනකට වඩා ප්‍රෝටීන් වලින් බෙහෙවින් අනූනයි.

මේ ඕවර්නයිට් ඕට්ස් රෙසිපි එක සුවිශේෂ වන්නේ ඇයි?

මිනිත්තු 10 ට අඩු කාලයකින් සූදානම් කරගත හැකියි. ඔබ කළ යුත්තේ බඳුනකට හෝ විශාල බෝතලයකට සියලුම ද්‍රව්‍ය එකට මිශ්‍ර කිරීමයි.

overnight oats

උදෑසන අවදි වෙන විට ඔබ වෙනුවෙන් උදෑසන ආහාරය සූදානම්. Overnight oats වල පහසුව එයයි! පෙර දින රාත්‍රියේ සියලු සූදානම් කිරීමේ කටයුතු සිදු කර ඇති බැවින් ඔබ උදෑසන අවදි වූ විට ඔබට high protein overnight oats ලබාගෙන ඔබේ දවස ආරම්භ කළ හැකිය.

ඔබට අවශ්‍ය පරිදි වෙනස් කර රසවත් කළ හැකියි. මෙම ඕට්ස් වට්ටෝරුව පහසුවෙන් නිර්මාංශ හෝ ග්ලූටන් රහිත ආහාර වේලක් බවට පත් කළ හැකි අතර ඒවා ඔබ කැමති ඕනෑම රසයක් බවට පත් කිරීමට හැකිය.

ප්‍රෝටීන් සහ තන්තු වලින් පිරී ඇත. මෙම overnight oatsවල එක් පිළිගැන්වීමක ප්‍රෝටීන් ග්‍රෑම් 27 ක් සහ තන්තු ග්‍රෑම් 7 ක් ඇත.

අවශ්‍ය ද්‍රව්‍ය

  • ඕට්ස් කෝප්ප බාගයක්
  • Chia ඇට තේ හැන්දක්
  • ඔබ කැමති ප්‍රෝටීන් පවුඩර් කෝප්ප කාලක්
  • ලුණු තේ හැඳි කාලක්
  • ග්‍රීක් යෝගට් කෝප්ප 1/3ක්
  • වැනිලා තේ හැඳි බාගයක්
  • Oats Milk හෝ Almond Milk කෝප්පයක්
  • මීපැණි මේස හැන්දක්
overnight oats

හදන්නේ මෙහෙමයි

  • සියල්ල ඉඩ ඇති, වසන්නට හැකි බඳුනක දමා හොඳින් සොලවන්න.
  • බඳුන වසා රැයක් පුරා ශීතකරණයේ තබන්න.
  • වෙනස් රසවලින් රසවත් ව සකස් කරගත හැකි ආකාරය

Vegan Protein Overnight Oats

  • Vegan Protein powder, කිරි රහිත යෝගට් (පොල්වලින් සකසන ලද යෝගට් වැනි) සහ මේපල් සිරප් පැණි රස කිරීමට භාවිතා කරන්න.

Gluten free Overnight Oats

  • සමහර ඕට්ස් ස්වභාවිකවම ග්ලූටන් රහිත ඒවායි. නමුත් සමහර ඕට්ස්වල ග්ලූටන් අඩංගු විය හැක. මෙම වට්ටෝරුව ග්ලූටන් වලින් තොර කිරීමට නම් ග්ලූටන් රහිත ඕට්ස් භාවිතා කිරීමට වග බලා ගන්න. (ඒවා ග්ලූටන් රහිත නම් ඇසුරුම්වල සඳහන් කළ යුතුය.)

Chocolate protein Overnight oats

  • මෙම වට්ටෝරුව චොකලට් රස කිරීමට, ඕට්ස් සකස් කිරීමේදී කොකෝවා කුඩු මේස හැඳි 2 ක් එකතු කර එකට මිශ්‍ර කරන්න.

මෙය රසවත් කිරීමට යොදාගත හැකි toppings

ඔබ සකස් කරගන්නා සාමාන්‍ය ඕට්ස් බඳුන ඔබට විවිධ toppings එක් කර වෙනස් රසවලින් රස විඳින්නට හැකියාව තිබෙනවා. එවැනි toppings කිහිපයක් පහතින් තිබෙනවා.

  • නට් බටර්
  • ජෑම්
  • කජු
  • පිස්ටාචියෝ
  • ආමන්ඩ්
  • පෙති කපන ලද කෙසෙල්
  • බෙරි වර්ග
  • අඹ
  • කීවි
  • පීච්
  • ඩාක් චොකලට් චිප්ස්
  • වියළි පොල්
  • වියළි පලතුරු
  • ග්‍රැනෝලා
  • කුරුඳු කුඩු

Related Articles

Don't Miss


Latest Articles