රසම රස තාරා මස් (ඩක් මීට් කරී)අපේ රසට අපේම ක්‍රමයට හදාගනිමු.

අප වෙහෙස මහන්සියෙන් පිළියෙල කරගන්නා ඕනෑම ආහාරයක් එහි ප්‍රණීත බව සහ පෝෂණයෙන් අනූන බව අනුව සදා අප මතකයේ රැඳෙනවා.ඉතින් සුපුරුදු ඒකාකාරී ආහාර රටාවෙන් මිදී නව රසයක්,වැඩි පෝෂණයක් අත්පත් කරගන්නට කැමති ඔබටයි මේ තිළිණය.

තාරා මස් (ඩක් මීට්) පෝෂ්‍ය ගුණයෙන් ඉතාමත් ඉහළ ආහාරයක් ලෙසට ලොව පුරා ප්‍රචලිතයි.ඉතාමත් ඉහළ ප්‍රෝටින් ප්‍රතිශතයක් සහ විටමින් ඇතුළු පෝෂණ ගුණාංග රැසකින් යුතු බැවින් පවුලේ පෝෂණ අවශ්‍යතාවය සපුරා දීමට මනා දායකත්වයක් සපයනවා.

එහෙනම් ඉක්මනින්ම මේ අඩුම කුඩුම ටික ලෑස්ති කරගන්න.මේ සියලුම දේවල් හරිම පහසුවෙන් සොයා ගන්න පුළුවන්.

  • සෝදා පිරිසුදු කර කපාගත් තාරා මස් ග්‍රෑම් 500
  • සිහින්ව කපාගත් ලොකු ලූනු ගෙඩියක්
  • සිහින් ව කපා ගත් අමු මිරිස්
  • සිහින් ව කපාගත් තක්කාලි ගෙඩි දෙකක්
  • තලාගත් ඉඟුරු සුදුලූනු
  • සිහින්ව කපාගත් රම්පෙ සහ කරපිංචා
  • සේර කැබැල්ලක්
  • කුරුඳු කුඩු හෝ කැබලි
  • මහදුරු තේ හැඳි බාගයක්
  • කොත්තමල්ලි කුඩු තේ හැන්දක්
  • බැදපු තුනපහ තේ හැන්දක්
  • කෑලි මිරිස් තේ හැඳි තුනක්
  • මිරිස් කුඩු තේ හැදි දෙකක්
  • විනාකිරි ටිකක්
  • අබ ක්‍රීම් තේ හැන්දක්
  • කරදමුංගු සහ කරාබු නැටි කිහිපයක්
  • ගම්මිරිස් කුඩු තේ හැන්දක්
  • රස අනුව ලුණු
  • උකු පොල් කිරි කෝප්පයක්
  • මැටි වළඳක්

තිබේ නම් වඩාත් සුදුසුයි

දැන් මෙන්න මේ විදියට වෑංජනය හදාගමු.

  • මිරිස්,තුනපහ,ගම්මිරිස් ලුනු හොඳින් මිශ්‍රකර පැයක් පමණ සීසන් වීම සඳහා වසා තබන්න.
  • මැටි වලදක් ලිප තබා එයට පොල් තෙල් දමා ගන්න.
  • හොඳින් රත් වූ විට ලූණු ,අමුමිරිස් ,කරපිංචා සේර,කුරුඳු කරදමුංගු කරාබුනැටි තලාගත් සුදුලූනු ඉඟුරු සේර කොත්තමල්ලි කුඩු මිරිස් කුඩු මහදුරු අබ ක්‍රීම් දමා තරමක් ලූනු රන්වන් පාට වනතුරු බැදගන්න.
  • මිශ්‍රණයට යාන්තමට ලුණු ටිකක් එකතු කරන්න.
  • සියලු දේ හොඳින් මිශ්‍ර වී බැදුණු පසු තක්කාලි එකතු කරන්න.
  • තක්කාලි ටික හොඳින් තැම්බෙන තුරු විනාඩි කිහිපයක් වසා තබන්න.
  • දැන් සීසන් කරගත් තාරා මස් එකතු කරන්න .
  • බැදගත් මිරිස් තුනපහ ඇතුලු රසකාරක එකතු කරගන්න.
  • රස අනුව ලුනු සහ වතුර කෝප්පයක් එකතු කරන්න.
  • විනාඩි 10ක් පමණ ඉතාමත් අඩු ගින්දරේ තැම්බෙන්නට තබන්න.
  • විනාඩි දහයක් පමණ තැම්බීමෙන් පසු උකු පොල් කිරි කෝප්පය එකතුකර මද ගින්නේ විනාඩි 25ක් පමණ පිසගන්න.

පෝෂ්‍ය ගුණයෙන් ඉතාමත් ඉහළ ආහාරයක් ලෙස ලොව පුරා ප්‍රචලිත තාරා මස් පහත පෝෂ පදාර්ථ වලින් ඉතාමත් පොහොසත්.

  • අධික ප්‍රෝටීන් ප්‍රතිශතයක්
  • අධික යකඩ ප්‍රතිශතයක්
  • ඔමේගා 6,ඔමේගා 3 මේද අම්ල
  • විටමින් A
  • විටමින් B
  • ෆෝලේට්
  • මැග්නීසියම් ඇතුලු පෝෂ්‍ය පදාර්ථ රැසක්.

ඔබ දන්නවා ඉහත සියලුම පෝෂපදාර්ථ අපට සෞඛ්‍ය සම්පන්න ජීවිතයකට බෙහෙවින් ඉවහල් වන බව.
ඒ වගේම තාරා මස් විවිධ ආකාරයෙන් විවිධ රසයෙන් පිළියෙළ කර ගැනීමේ හැකියාවත් තිබෙන නිසා ඕනෑම මාංශ අවශ්‍යතාවය ක් සඳහා යොදාගන්නට පුළුවන්.

එසේම මිලදී ගැනීමේදී පිළිගත් ක්‍රමවේදයන්ට අනුව සෞඛ්‍යාරක්ෂිතව ඇසුරුම් කල නිෂ්පාදන පමණක් මිලදී ගැනීමට වගබලා ගන්න.

ඔන්න රසම රසට පෝෂණය අනූන කෑමක් ඕන නම් තාරා මස් තෝරාගන්නට අමතක කරන්න එපා!

#PoultryPower #PoultryForLife #HealthyLiving #PoultrySL 

#ProteinSriLanka #PoultryMagic #ChickenProtein

Related Articles

Don't Miss


Latest Articles