නිවිතිවලින් ෆ්‍රයිඩ් රයිස් හදමු.

වෙනදා වගේ ෆ්‍රයිඩ් රයිස් හදනකොට කැරට් ලීක්ස් වගේ එළවළු පාවිච්චියට ගන්න දැන් ඇත්තටම හැකියාවක් නැති තරම්. ඒ තරම් එළවළු මිල ඉහළ ගිහින්.ඒත් රටේ ආර්ථික තත්ත්වය නොදැන රසට කන්න හොයන පොඩිත්තන් වෙනුවෙන් රසවත් නිවිති ෆ්‍රයිඩ් රයිස් එකක් හදා ගන්න හැටි අද ඔබට කියා දෙන්න අපි හිතුවා.

අවශ්‍ය ද්‍රව්‍ය 

  • නිවිති කොළ කිහිපයක් සහ නිවිති දඬු කිහිපයක්
  • තල තෙල් හෝ සුදුසු තෙල් ටිකක්
  • පිසගත් බත් අවශ්‍ය පමණට
  • චොප් කර ගත් සුදු ළූණු
  • චොප් කරගත් අමු මිරිස්
  • කුඩාවට කපාගත් ළූණු
  • ගම්මිරිස් කුඩු
  • රස අනුව ලුණු
  • කැමති එළවළු කිහිපයක්.
  • විනාකිරි ස්වල්පයක් 

සාදා ගන්නා ආකාරය

  • බඳුනක් ලිප තබා තෙල් එකතු කරන්න
  • එයට සුදූ ළූණු,ළූණු සහ අමු මිරිස් එකතු කර රන්පැහැ වන තුරු බැද ගන්න.
  • එයට සිහින්ව ලියා ගත් එළවළු සහ විනාකිරි එකතු කරන්න.
  • (එළවළු අත්‍යවශ්‍යම නැහැ.)
  • තිබේ නම් සෝස් ටිකක් ද එකතු කරන්න.
  • පිසගත් බත් අනතුරුව මිශ්‍රණයට එකතු කරන්න.
  • පෑන් එකක් ලිප තබා තෙල් ස්වල්පයක් එකතු කර නිවිති කොළ සහ දඬු බැද ගන්න.
  • ඉන්පසු ඒවා බත් එකට එකතු කරන්න.

පහසුවෙන් හදා ගන්න පුලුවන් මේ ෆ්‍රයිඩ් රයිස් එකට පොඩිත්තන් කැමති වෙනවාට සැකයක් නැහැ.නිවිති වැනි පලා වර්ග නිවසේදී වවාගන්නටත් හැකි නිසා ඔබට මේ බත පහසුවෙන්ම හදා ගන්න පුලුවන්.

Related Articles

Don't Miss


Latest Articles