වැටකොළු මැල්ලුම

අවශ්‍ය ද්‍රව්‍ය:

  • ළපටි වැටකොළු කරල් 1
  • පොල් අවශ්‍ය පමණ
  • පොල් තෙල් ස්වල්පයක්
  • රතු ළුණු ගෙඩි 4
  • ගම්මිරිස් කුඩු ටිකක්
  • අමු මිරිස් කරල් 3
  • අබ ඇට ටිකක්
  • කරපිංචාකහකුඩු ස්වල්පයක්
  • ලුණු,රම්පෙ

සාදන ක්‍රමය:

මේ සඳහා ළපටි වැටකොළු කරලක් ගන්නදාර වැඩිය ඉවත් කරන්න එපා.යන්තමට අයින් කරන්න.පසුව පෙති කපාගන්නඅමු මිරිස් සහ රතු ළුණු සිහින්ව ලියාගන්නඒවාට ගම්මිරිස් කුඩු,කහ සහ ලුණු ස්වල්පයක් අනා ගන්න.

මැටි ඇතිලියකට තෙල් ස්වල්පයක් ලිපේ තබා රත්වන විට ළුණු පෙත්තක්,කරපින්චා කොලයක් දෙකක්රම්පෙකුරුඳු පොතු අබ එකතු කරන්නඒවා බැදෙන විට සිහින්ව ලියාගත් වැටකොළු පෙතිඅමු මිරිස් සහ රතු ළුණු එකතු කරන්නහොඳින් කලවම් කරමින් විනාඩි තුනක් පමණ පිසෙන විට ලිපෙන් ඉවත් කරන්න.

ඉතාමත් රසවත් ව්‍යන්ජනයකි.තද කොළ පැහැති වැටකොළු කැබලි සහ ලා කහ පැහැති පොල්වලින් යුතු මැල්ලුම ඇසට ප්‍රිය උපදවන බැවින් ඕනෑම අයෙකුට කෑමට සිතෙයිඉතාම සුවඳවත්යඔබට මෙය වැටකොළු පොතු වලින්ද පිසගත හැකියඑහෙත් වඩාත් රසයක් දැනෙන්නේ ලපටි කරල් වලින් පිසගත් විටය.

එමෙන්ම තවත් රසවත් කර ගැනීම සඳහා හාල් මැස්සන්කුනිස්සන්සහ වියලි ඉස්සන් එකතු කරගන්නට හැකිය.

– චම්මි –

Related Articles

Don't Miss


Latest Articles