විකසිත වෙන්නටත් පෙර මිලිනවී ගිය පුංචි මල් කැකුලකගේ අනුවේදනීය කතාව.

විකසිත වෙමින් තිබුන මල් කැකුළක් හිරු එළිය දකින්නත් කලින්ම මිලින වෙලා යනවා කියන්නේම මොන තරම් ඛේදාන්තයක්ද ?
2015 වසරේ සිදුවූ ඒ ඛේදවාචකය ඔබට තවමත් මතක ඇති.අඳුරු රාත්‍රියකදි කාමාතුරයෙකුට හසුවී තටු සිඳී ගිය ඒ සමනලිය නමින් ” සේයා සදෙව්මි “

අවුරුදු 4 මාස 11 වූ සේයා ගැන ඇයගේ මව්පියන්ට දහසකුත් බලාපොරොත්තු තියෙන්නට ඇති.ඒත් අකාරුණික දෛවය ඔවුන්ට ඒ බලාපොරොත්තු ඉශ්ට කරගන්නට ඉඩක් තබන්නේ නෑ

සිදුවීම

2015 සැප්තැම්බර් මස 11 වන දින බඩල්ගම අකරන්ගහ පිහිටි නිවසේ ජීවත් වූ සේයා සුපුරුදු පරිදි තමන්ගේ මවගේ තුරුලේ හිඳ නින්දට ගොස් තිබෙනවා.රාත්‍රී 8 ට පමණ මව විසින් ඇයව පියාගේ ඇඳෙහි තබා ඇයව ආරක්ශා කරන්නට මදුරු දැලද දමා කාමරයෙන් පිටව යන මොහොතේ ඔවුන් දෙස මාරයාගේ දෑස් යොමුවී තියෙනවා කියලා ඔවුන් නොසිතන්නට ඇති. පැය දෙකහමාරක් පමණ සේයාගේ නිවසින් පිටත සිට කල් බැලූ මාරයා ඇගේ නිවසට ඇතුලු වන්නේ ඇගේ මව කාමරයෙන් පිටව ගියාට පස්සේ.

අතුරුදන්වීම සහ හමුවීම

2015 සැප්තැම්බර් මස 12 වෙනිදා උදෑසන වනවිට කොටදෙණියාව අකරන්ගහ ගම කැළඹි යන්නේ නිවසේ සිටි කුඩා දැරියක් අතුරුදන් වී ඇති පුවතින්.ඒ වනවිට සේයාගේ දෙමව්පියන්, ගම්වැසියන් සහ පොලිසිය ද එක්වි සෝදිසි මෙහෙයුම් සිදු කළත් තොරතුරක් සොයා ගන්නට ඔවුන්ට හැකි වන්නේ නෑ.
සේයා ඇඳ සිටි බව කියන ඇඳුම ඇඳේ තිබෙන බව ඇගේ මව්පියන් පවසද්දි , ජනේලයක් විවෘත කර තිබෙන බවත් ඇඳ මත පා සලකුණක් තිබෙන බවත් පොලිසියේ තියුණු දෑස් වලට හසු වෙනවා.ඉන්පසුව පොලිස් නිල සුනඛයකු ගෙනවිත් විමර්ශන කළත් පළක් වී නැහැ
මේ අතර පසුදින, එනම් ඉරිදා (13) උදෑසන 8.30ට පමණ අකරන්ගහ අරවින්ද වත්තේ කෙළවර වෙළ මායිමේ ඇළ අයිනේ තිබිය දී සේයාගේ නිසල දේහය හමු වනවා.ඒ සමගම අකරන්ගහ ගම එකම මළගමක් බවට පත් වන්නේ එක මොහොතකින්

පොලිස් විමර්ශන ඇරඹීම

කොටදෙනියාව පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක උදය කුමාර මහතා 2015 සැප්තැම්බර් 13 වැනිදා මිනුවන්ගොඩ මහේස්ත‍්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කරමින් ,මේ පිළිබඳව මහේස්ත‍්‍රාත් පරීක්ෂණයක් පවත්වන ලෙසත්, පශ්චාත් මරණ පරීක්ෂණයක් පවත්වන ලෙසත්, අධිකරණ වෛද්‍ය නිලධාරියාට නියෝග කරන්නැයි ඉල්ලා සිටියේය.

පශ්චාත් මරණ පරික්ශණය

සේයාගේ පශ්චාත් මරණ පරීක්ෂණය සැප්තැම්බර 14 වැනි සඳුදා මීගමුව රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරී එච්. එන්. රාහුල් හක් මහතා විසින් පවත්වන්නේ ඉන්පසුවයි. රෙදි පටියකින් ගෙල සිර කිරීම නිසා මරණය සිදුවී ඇති බවත්, ඇය ලිංගික අතවර වලට ලක්කර ඇති බවටත් අධිකරණ වෛද්‍යවරයා පශ්චාත් මරණ පරීක්ෂණයේ කෙටි වාර්තාවක් මගින් ලබා දෙනවා

රහස් පොලිසියේ අවධානය

සේයා දැරියගේ අමානුෂික ඝාතනය ගැන රටේම කතාබහට ලක් වෙද්දි ඇයට මේ අවාසනාවන්ත ඉරණම අත් කල අපරාධකරුවන් සොයා යෑමේ කටයුතු පොලිස්පති එන්. කේ. ඉලංගකෝන් මහතා විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට බාරදෙනු ලබනවා. ඒ අනුව සැප්තැම්බර් 16 වැනිදා ඔවුන් පරීක්ෂණ බාර ගන්නවා.
ගමේ බොහො දෙනාගෙන් තොරතුරු එක් රැස් කරමින් සියලු දෙනා ඝාතකයා සොයන්නට දැඩි පරිශ්‍රමයක් දරනවා.

රහස් පොලිසිය පරීක්ෂණ බාර ගැනීමෙන් පසු ද කොටදෙණියාව පොලිසිය දිගින් දිගටම විමර්ශන කටයුතු සිදු කරන අතර ගමේ ජීවත් තරුණයන් විශාල පිරිසක් පොලිසියට ගෙන ගොස් ප‍්‍රශ්න කරනු ලබනවා. ඇතැම් තරුණයින් කීප වතාවක් කැඳවීමට ලක් කරන අතර තවත් තරුණයින් දින කිහිපයක් පොලිසියේ රඳවාගන්නටත් සිදු වෙනවා

මෙහිදි සේයායේ පවුලේ සමීප ඥාතීන්, අසල්වාසීන් සහ ගම්වැසියන් බොහෝ දෙනා කෙරෙහි පොලිසියේ අවධානය යොමු වෙනවා.
ඒ අනුව පාසල් සිසුවෙක් සහ එක් දරු පියෙක්ද සැකපිට අත්අඩංගුවට ගෙන තිබෙනවා.

කොණ්ඩයා අත්අඩංගුවට

නොකඩවා කෙරෙන පොලිස් පරික්ශන අතරතුර රහස් පොලිසිය විසින් වේයන්ගොඩ බදුවතුගොඩින් දුනේශ් ප්‍රියශාන්ත නැමැත්තෙක්ව අත්අඩංගුවට ගන්නවා.කොණ්ඩයා යන නමින් ප්‍රසිද්ධ ඔහුගේ පෙර වැරදි කීපයක් පිළිබඳව ඒ වනවිට පොලිසියට තොරතුරු වාර්තා වී තිබුනා.එමෙන්ම මෙම ඝාතනයේ තොරතුරු සොයා යනවිට ඔහුව සැක බව පොලිසියට පවසා ඇත්තේද ඔහුගේම සහෝදරයෙක් වූ සමන් ජයලත් නැමැත්තායි
ඒ අනුව ,
2010 ජුනි මස 20 වැනිදා වයස අවුරුදු 15ක දැරියක පැහැරගෙන යාම හා සාපරාධී බලහත්කාරය පෑම යන චෝදනාවන්ට 2013 ජූලි 17 වැනිදා වැරදිකරු වූ කොණ්ඩටා නැමති ඔහුට බරපතළ වැඩ ඇතිව සිර දඬුවම් නියම කර එය වසර පහකට අත්හිටුවා තිබෙන බව වාර්තා වෙනවා

පාපොච්චාරණය

සේයා අතුරුදන් වූ දිනට පසු දින කොණ්ඩයා අතුරුදන්ව සිට ඇති බව පොලිසියට කරුණු වාර්තා වීමෙන් පසුව ඔහුව සොයා යෑමේදි ඔහු මෙලෙස බදුවතුගොඩ ප්‍රදේශයට පලා විත් සැඟව තිබෙනවා.

රැඳවුම් නියෝග මත ඔහුගෙන් දැඩිව ප්‍රශ්න කිරීම් සිදුවෙනවා.අවසන ,තමා සේයා දැරියව පැහැරගත් බවත්, පසුව දූෂණය කර මරා දැමූ බවත් ඔහු පාපොච්චාරණය කරනවා.

DNA වාර්තාව

දුනේශ් ප්‍රියෂාන්ත හෙවත් කොණ්ඩයාගේ DNA විශ්ලේෂණ වාර්තා අධිකරණයට ඉදිරිපත් විමෙන් පසුව තත්වය වෙනස් වනවා.කොණ්ඩයාගේ DNA හා දැරියගේ ශරීරයේ තිබී සොයාගත් ආගන්තුක ජෛවීය ද්‍රව්‍යවල DNA හා නොගැලපෙන බව එම වාර්තාවේ සඳහන් වෙනවා

පරික්ෂණ වෙනත් අතකට

කොණ්ඩයාගේ DNA නොගැලපීම නිසා අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ පොලිස්‌ පරීක්‍ෂක රත්නායක මහතා කොණ්ඩයා පිළිබඳව පොලිසියට කරුණු දැක්වූ සමන් නැමැත්තා පිළිබඳව සොයා බැලීමට පොලිස්‌ නිලධාරීන් පිරිසක්‌ යොදවා තිබෙනවා. ඒ අනුව සැකපිට සමන් ජයලත් නමැති පුද්ගලයාව අත්අඩංගුවට ගනු ලබනවා.එපමණක් නොවෙයි. ඔහුගේ ජාන දැරියගේ ශරීරයේ තිබී සොයාගත් ජෛව සාම්පල සමඟ සැසඳෙනවා

චෝදනා හතරක්

මේ අනුව සමන් ජයලත් නැමැත්තාට අධිකරණය විසින් චෝදනා හතරක් ගොනු කර තිබු අතර ඉන් පළමු වැන්න අපහරණයයි.සෙසු චෝදනා ලෙස ඉදිරිපත් කොට තිබුණේ අනුපිළිවලින් දූෂණයට ලක් කිරීම, බරපතළ ලිංගික අපයෝජනය සහ ඝාතනය කිරීමයි.
පළමු සහ දෙවන චෝදනාවලට වරද බාර ගනිමින් විත්තිකරු විසින් පාපොච්චාරණයක් සිදු කරනවා.
සෙසු චෝදනා විද්‍යාත්මක සාක්ෂි හා අනෙකුත් සාක්ෂි වලින් ඔප්පු වන බවට අධිකරණය තීරණය කරනවා

අවසන් තීන්දුව

සේයා සදෙව්මි දැරිය ඝාතනය කිරීම ඇතුළු චෝදනා හතරකට වරදකරු වූ ගම්පහ බෙම්මුල්ල බදුවතුගොඩ පදිංචිකරුවකු වූ ඉලන්දාරි පේඩිගේ සමන් ජයලත් නැමැත්තාට මරණ දඩුවම ලබා දෙන බවට අවසානයේදි අධිකරණය ප්‍රකාශ කරනවා.
අදාල සැකකරුට එරෙහිව එල්ල වී තිබූ සෙසු චෝදනා තුනක් සම්බන්ධයෙන් වසර විස්ස බැගින් සිර දඬුවම් නියම කළ අධිකරණය වරදකරුට රුපියල් හතළිස් පන්දහසක දඩයක්ද නියම කරනවා

කෙසේ හෝ අවසානයේදී සේයා සදෙව්මි නැමති දැරිය කිසිවක්ම නොතේරෙන වයසකදි ජීවිතය හැර යන්නේ ඉතා අවාසනාවන්ත ආකාරයකට.තරුණ ගැහැණු දරුවන් කෙරෙහි පමණක් නොව ඉතා කුඩා ළදැරියන් කෙරෙහි පවා දෙමව්පිය අවධානය දැඩිව යොමු විය යුතු බව සේයාගේ ඉරණම සමාජයට කියාදෙනවා !

More Stories

Don't Miss


Latest Articles