ආකර්ෂණීය කාන්තාවන් වන්න නම් සිරුරේ මේ කොටස් වල පිරිසිදු කම රැකගන්න

කාන්තාවක් ලෙස අපේ ආකර්ශනීය බව හැමදාමත් රැකගත යුතුමයි. එයට වයස් සීමාවක් නැ. ඔබේ දරුවන් හැමවිටම කැමති පිරිසිදු සුන්දර මවක් ලෙස ඔබව දකින්න. ඔබෙ සැමියා කැමති ඔබව ආකර්ශනීය සුන්දර බිරිදක් ලෙස දකින්න. ආකර්ශනීය බව සදහා ඇත්තෙන්ම පිරිසිදු බව ඉතාම වැදගත්.
නමුත් දවසේම වැඩත් එක්ක ඔට්ටු වෙන අපිට අපේ පිරිසිදු කම ගැන සැලකිලිමත් වෙන්න අතපසු වෙන්න පුලුවන් . විශේෂයෙන්ම කාන්තාවන් ලෙස අපෙ සිරුරේ සමහර අංග වල දහඩිය කුණු රැදීම වැඩියි. පිරිසිදු ආකර්ශනීය කාන්තාවක් වීමට නම් මේ සුවිශේෂී කොටස් වල පිරිසිදු කම ගැන අපි සැලකිලිමත් වෙන්නම ඕන.. නැතිනම් අපිට අපේම අයගෙන් පවා බොහොම හිත් රිදෙන ප්‍රතිචාර ලැබෙන්න පුලුවන් .ඉතින් මේ ලිපිය තුලින් අපි කතා කරන්නෙ එවැනි ඔබ සුවිශේෂී අවධානයක් ලබා දිය යිතු සිරුරේ කොට්ස් ගැනයි.

දවස පුරාම පවුල වෙනුවෙන් වෙහෙස මහන්සි වෙන කාන්තාවක් අපිරිසිදු වීම සදහා සැලකිලිමත් බවක් දක්වන්න අතපසු විය හැකියි. නමුත් ඒ සියල්ල තුලින් අවාසියක් සිදුවන්නෙ අපටමයි. මේ නිසා ඔබ වෙනුවෙන් කාලයක් වැය කරල පිරිසිදු වීමට සුන්දර වීමට අපි කාලයක් වෙන් කර ගතයුතුමයි. .මොකද දීර්ඝකාලීනව ඔබ ඔබව අතහැරලා හිටියොත් ලැබෙන ප්‍රතිඵල නම් එතරම් හොඳ නෑ
ආකර්ශනීය වෙන්න නම් විශේෂයෙන් සිරුරේ මේ කොටස් වල පිරිසිදු කම ගැන සැලකිලිමත් වෙන්න.

හිසකෙස්

ඔබ දවසක් ඇර දවසක් වත් ස්නානය කරනවා නම් එය ඉතාම හොඳ දෙයක්.ඔබේ හිසකෙස් අවුල් වී ගැට ගැසී ඔබ ස්නානය කිරීමකින් තොරව ඉන්නවා නම් එය ඔබේ සහකරුට ඉතා අප්‍රසන්න දසුනක් වෙන්න පුලුවන් .ඒ නිසා හිසකෙස් ගැනත් ඔබ සැලකිලිමත් වෙන්න ඕනේ.ස්නානය වගේම හිසකෙස් වලට සත්කාර කිරීම මගිනුත් ඔබේ සහකරුව ආකර්ෂණය කරගන්න හැකි ලස්සන කෙස් කළඹක් පවත්වාගෙන යන්න ඔබට පුලුවන් . හොද ප්‍රියමනාප සුවදක් ලැබෙන ශැම්පූ එකක් කන්ඩිශනර් එකක් වගේම ඔයිල් එකක් පාවිච්චි කරනන්ත් අමතක කරන්න එපා.

දෑත් සහ නියපොතු

දෑත් කියන්නේත් ඔබ අනිවාර්යයෙන්ම පිරිසිදුව තබා ගත යුතු අංගයක්.ඔබේ නියපොතු නිසි විදියට කපලා පිරිසිදුව තිබ්බොත් තමයි ඔබ අතින් පිසෙන ආහාරයක් උනත් සෞඛාරක්ෂිත වෙන්නේ.දිගු නියපොතු යට විෂබීජ ඉතා පහසුවෙන් එකතු වෙනවා.ඒ නිසා නියපොතු ඇතුල පිරිසිදුව තියාගන්න නිතර පිරිසිදු කිරීම කරන්න , උයා පිහා ඉවර වුන වහාම දෙහි ලෙල්ලක් අතුල්ලා ඔබේ දෑත් වල කහට යවා ගන්න වගේම සබන් වර්ග පාවිච්චි යෙන් පසුව මොරිස්චරයිසර් ක්‍රීම් එකක් පාවිච්චි කිරීමත් අමතක කරන්න එපා.

අත් යට

ඔබේ දහඩිය දුර්ගන්ධය කවදාවත් ඔබට දැනෙන්නේ නෑ.එය හොඳින්ම දැනෙන්නේ පිටස්තර අයට.අත් යට කියන්නේ දහඩිය ඉතා පහසුවෙන් රැඳෙන තැනක් වගේම දහඩිය දුර්ගන්ධය නිකුත් වෙන තැනක්. ඉතින් ඔබ නිතරම පිරිසිදුව ඉන්න කෙනෙක් නම් , නිසි ලෙස වතුර පානය කරන කෙනෙක් නම් ඩියෝඩ්‍රන්ට් එකක් වගෙ දෙයක් පාවිච්චි කරන්නත් අමතක කරන්න එපා.ඒ වගේම වතුර මිශ්‍ර කල ඩෙටෝල් වතුරෙන් අත් යට සේදීමත් මේ දහඩිය දුර්ගන්ධයට හොඳ විසඳුමක්.

මුඛය

මේකත් දහඩිය වගේම තමයි.ඔබේ මුඛයෙන් දුර්ගන්ධයක් නිකුත් වෙනවා නම් එය ඔබට වඩා දැනෙන්නේ පිටස්තර අයට.ඒ නිසා ඔබේ මුඛ සෞඛ්‍යය ගැන සැලකිලිමත් වීම ඉතාම වැදගත්. දිනකට දෙවරක් දත් මැදීම , කෑමෙන් පසුව mouth wash එකක් භාවිතා කිරීම වැනි දේවල් වලින් ඔබට මේ මුඛ දුර්ගන්ධයෙන් මිදෙන්න පුලුවන්

ලිංගාශ්‍රිත ප්‍රදේශ

කාන්තාවක් තමන්ගේ ලිංගාශ්‍රිත ප්‍රදේශ ඉතාම පිරිසිදුව පවත්වා ගැනීම ඇ‍යගේ සෞඛ්‍යයට මෙන්ම සාර්ථක විවාහ ජිවිතයක් සඳහා ඇගේ සහකරුටත් වැදගත්. ලිංගාශ්‍රිත ප්‍රදේශ නිසි ලෙස පිරිසිදු කිරීම , පිරිසිදු යට ඇඳුම් භාවිතා කිරීමට කාන්තාවක් වන ඔබ විශේශයෙන්ම සැලකිලිමත් වෙන්න ඕනේ.ඒ වගේම ඔසප් දිනවලදිත් ඔබේ පිරිසිදු බව ගැන සැලකිලිමත් වීම අතිශය වැදගත්. පැය තුනකට වරක් වත් සනීපාරක්ෂක තුවා මාරු කිරීමට ඔබ මතක තබා ගන්න ඕනේ.

දෙපා

කාන්තාවකගේ සුන්දරත්වයට ඇගේ දෙපා වල පිරිසිදු බවත් බලපානවා . ඔබ ඔබේ දෙපා ලස්සනට පවත්වාගෙන යනවා නම් ඔබේ සහකරු එයට වඩාත් කැමති වෙවි.නියපොතු පිරිසිදු කිරීම ,ගැලපෙන නිය ආලේපනයක් ගැල්වීම, යටිපතුල් වල මැරුණු සම ඉවත් කිරීම , දෙපා වල තෙතමනය ආරක්ෂා වන බොඩි ලෝශන් වර්ගයක් භාවිතා කිරීම මගින් ඔබට ඔබේ දෙපා ලස්සනට සහ පිරිසිදුව පවත්වාගෙන යන්න පුලුවන්

ඉතින් කාන්තා ඔබේ සිරුරේ මෙන්න මේ අංග ඔබ පිරිසිදුව පවත්වාගෙන යනවා නම් ඔබේ සහකරුට ඔබව අප්‍රිය වෙන්නේ නෑ.ඔබේ දරුවන්ට ඔබ වයසට ගියත් සුන්දර මවක්…ඒ වගේම රැකියා ස්තානයේ පිරිසට ඔබට ඇද පලුදු කියන්නත් අවස්තාවක් නෑ. සාර්ථක ජීවිතයකට කාන්තාවක්ගේ පිරිසිදුව සහ සුන්දරව ඉන්න එක ඉතාම වැදගත්.පවුලේ වගකීම් කරට අරගෙන ඉන්න ඔබ ඔබව නොසලකා හරින්නෙ නැතුව ,ඔබ ගැනත් සැලකිලිමත් වෙන්න ඕනේ අන්න ඒ නිසයි

Related Articles

Don't Miss


Latest Articles