ජීවිතයට එන බාධාවලින් ඔබේ වටිනාකම බිඳක්වත් අඩු නොවේ.

0
753

ගුරුතුමියක් රුපියල් 1000 ක නෝට්ටුවක් අතැතිව තම සිසුන් ඉදිරියේ නැගී සිටිනවා. 

ඇය ඔවුන්ට කියනවා, “ඔබට මේ මුදල් අවශ්‍ය නම් ඔබේ අත් ඔසවන්න” කියා.

පන්ති කාමරයේ සෑම අතක්ම ඉහළට යන අතර ගුරුතුමි මද සිනාවක් සහිතව බලා සිටිනවා. 

ඉන්පසු ඇය නෝට්ටුව ගෙන එය අතේ පොඩි කර, “තවමත් එය අවශ්‍ය කාටද?” කියා අසනවා.

නැවතත් සියලු අත් ඉහළට එසවෙනවා.

එවිට ගුරුතුමිය නෝට්ටුව බිම හෙළා, එය පාගා පයේ දූවිලි එහි තවරා නැවත එය අතට ගන්නවා. “දැන් කොහොමද?ඔබට තව දුරටත් එය අවශ්‍යද?” ඇය නැවතත් අසනවා.

අත් සියල්ල නැවත එසවෙනවා.

“දරුවනේ, ඔබ දුටුවාද? මම මේ නෝට්ටුවට මොනවා කළත්, පොඩි කළත්, දූවිලි තැවරුවත්, බිම දමා පෑගුවත් ඔබට තවමත් එය අවශ්‍ය වූයේ එහි වටිනාකම  එලෙසම පවතින බැවින් නේද? පොඩිවුණු රැළි සහ අපිරිසිදු දුහුවිලි සහ කුණු නෝට්ටුවේ තිබියදීත්, එය තවමත් රුපියල් 1000 ක් වටිනවා.

“අපිත් එහෙමයි. ඔබේ ජීවිතයේත් ඕනෑ තරම් දුක්, කරදර, ඇදවැටීම්, ලැජ්ජා සහගත අවස්ථා ඕනෑ තරම් ඇති. නමුත් ඒ කිසිවකින් ඔබේ වටිනාකම අඩු වන්නේ නැහැ ”

ජීවිතයට මුහුණ දෙන්නට වෙන අභියෝගවලට ඔබේ ආත්ම අභිමානය වෙනස් කිරීමට ඉඩ නොදෙන්න. ඔබේ වටිනාකම තීරණය වන්නේ ඔබ මුහුණ දුන් නරක සිදුවීම්වලින් නොවේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here