Laundry bag වලින් අලුත් වැඩක්

මේ දවස්වල විවිධ වර්ණයන්ගෙන් යුත් ලස්සන mesh laundry bags ලෙහෙසියෙන්ම පහසු මිලට ලබාගන්න පුළුවන්. ඇඳපු ඇඳුම් දාන්න විතරක් නොවෙයි, මෙම බෑග්වලින් තවතන් ප්‍රයෝජන රැසක ලබාගත හැකියි.

ඔබේ වැඩකටයුතු පහසුකරගන්න මේ දේවල් අනිවාර්යයෙන්ම උදව්වේවි

ළූණු සහ අල වැනි වියළි ආහාර ද්‍රව්‍ය ගබඩාකරන්නට යොදාගන්න පුළුවන්.

unnamed-1

වියළි ආහාර ද්‍රව්‍යවල නැවුම්බව රැකගත හැකි අතර මුළුතැන්ගෙයි දොරෙහි එල්ලා තැබීමෙන් ඉඩ පිළිබඳ ප්‍රශ්නයත් විසඳාගත හැකියි.

පොඩ්ඩන්ගෙ සෙල්ලම්බඩු මිදුලට හෝ වෙරළට ගෙනියන එක පුංචි යුද්ධයක්නෙ.

unnamed

මීටපස්සෙ mesh laundry bagඑකකට සෙල්ලම්බඩුටික දාගෙන යන්න. ගෙට එන කොට ලේසියෙන්ම වැලි ටික ගසල දාන්න පුළුවන් වගේම සෝදල වැලක එල්ලා වියළාගත හැකියි.

වෙනත් ඇඳුම් සමඟ මේස්, යට ඇඳුම් ආදිය සෝදන්න වොෂින් මැෂින් එකට දැම්මවිට රෙදි එකිනෙක පැටලවෙන එක හරිම වදයක් නේද?

unnamed-2

මීට පස්සෙ මේස්, යට ඇඳුම් ආදිය mesh laundry bag එකකට දමා හොඳින් ගැටගසා වොෂින් මැෂින් එකටදමන්න.

ඔබ කෙසෙල් වැනි පලතුරු ශීතකරණයේ තබන්න අකමැති නම් විශාල ප්‍රමාණයෙන් විශාල mesh laundry bag එකක දමා එල්ලන්න.

unnamed-4

කෘමීන්ගෙන් පලතුරු බේරගන්න හොඳ ක්‍රමයක්.

පොඩ්ඩගේ සුරතල් වලස්සු ටික සෙල්ලම් කරල ඉවරවුණාට පස්සෙ mesh laundry bag එකකට දමා කාමරයේ මුල්ලක හෝ දොරෙහි එල්ලා තබන්න පුළුවන්.

unnamed-3

බලන්න, ඔබ ළඟම ඇති ද්‍රව්‍යවලින් ඔබේ දෛනික වැඩකටයුතු පහසුකරගන්න මොනතරම් උදව්කරගන්න පුළුවන්ද කියලා.

– කල්හාරී –

 

Related Articles

Don't Miss


Latest Articles