අලුත් අවුරුද්දට අලුත් වෙන අපේ ගෙදර..

“එරබදු මල් පිලිලා දැක්කම හරි ආසයි – යලි අවුරුදු ඇවිදින් රටටම සිරියාවයි”

ඉතින් ඔන්න අවුරුද්දෙ ලස්සනම උත්සවේ ළඟටම ඇවිල්ල තියෙන්නෙ නේද?

මේ කාලෙ තමයි ඉතින් අපේ ආච්චිල අම්මල ඉස්සර ගෙවල් හෙම අස්පස් කරල, කැවිලි පෙවිලි ලක ලෑස්ති කරල මේ ලස්සනම ලස්සන අවුරුද්ද ලස්සනටම පිළිගන්න Ready වෙන්නෙ.

ඉතින් කාලෙ වෙනස් උනාට තාමත් අවුරුද්දට ගෙවල් දොරවල් අස්පස් කරගන්න එකනම් අපි කරනවනෙ නේද? ඉතින් ඒ නිසාම තමයි අපි හිතුවෙ මෙදා පාර අලුත් අවුරුද්දට, අපේ ගෙදරටත් අලුත් වෙනසක් එක්කරගන්නෙ කොහොමද කියල ඔයාලා එක්ක කතා කරන්න.

අවුරුද්ද කියන්නෙ කොහොමත් හරිම වර්ණවත් කාලයක්. කැවිලි පෙවිලි පිරිච්ච අවුරුදු කෑම මේසෙ, හොඳට ඉදිච්ච කෙසෙල් කැන, අලුත් ඇඳුම් නිසා ගෙවල් දොරවල් විතරක් නෙවෙයි එරබදු මල් නිසා වටපිටාවත් හරි ලස්සනයි නේද?

1-      නිවස Deep Clean කරගන්න

නත්තල් කාලෙට එහෙම නැත්තම් ජනවාරි මාසෙ අවුරුද්ද පිලිගන්න අස්පස් කරායින් පස්සෙ අපි අපේ ගෙවල් එහෙමකට කියල Deep Clean කරගත්තෙ නෑනෙ. ඉතින් ඔන්න අවුරුදු කාලෙ කියන්නෙ ඒ වැඩේ කරන්න හොඳම කාලෙ.

අවුරුද්දට නෑයො, යාලුවො හෙම ගෙවල් වල එන නිසා අපිට නිකන් කුණු ගොඩේ ඉන්නව වගේ ඉන්න බෑනෙ. ඉතින් මුලින්ම හැමදේටම කලින් ගෙදර හොඳට සුද්ද පවිත්‍ර කරන්න. ගේ ඇතුල විතරක් නෙවෙයි ගෙවත්තත් හොඳට අස් පස් කරල කලඑලියට තියාගන්න අමතක කරන්න එපා.

2-      අලුත් අවුරුද්දට ගැලපෙන මේස රෙදි, තිර රෙදි

මෙදා පාර අලුත් අවුරුද්දෙ පාට නිල් පාටනෙ. ඉතින් ඔන්න වෙනසකටත් එක්ක අපිට පුලුවන් මෙදා පාර අවුරුද්දට ගැලපෙන්න නිල් පාට Shades වලින් ගෙදර මේස රෙදි, තිර රෙදි පුටු කවර වගේ දේවල් වලට වෙනසක් එක්කරගන්න.

මේකට මේ අලුතෙන් රෙදි අරගන්නම ඕන නෑ ඉතින්. ගෙදර තිබුන පරණ රෙදි වගේම ඔය කට්පීස් වගේ දේවල් උනත් අරගෙන ඔයාලට ලස්සනට හදාගන්න පුලුවන්.

අලුත් අවුරුද්දට ගැලපෙන පැච්වර්ක් වගේ දේවල් එක්ක හැඩවුන මේස, තිර රෙදි කඩෙන් මිල දී ගන්න පුලුවන්කමක් තියෙනවනම් එහෙම Option එකකට උනත් යන්න.

3-      ලස්සන කෑම පිඟන් කෝප්ප

කාන්තාවො එහෙම නැත්තම් ගෘහණියො හරි ආසයිනෙ එක එක විදියෙ සුකුරුත්තන් පිඟන් කෝප්ප හෙම අරගන්න. ඉතින් ඔය ගත්ත ඒව අතරෙ අවුරුද්දට ගැලපෙන, සිංහල විදියට ගැලපෙන ලස්සන කෝප්ප පිඟන් හැඳි, වට්ටි පෙට්ටි තියෙනවත් ඇති.

ආහ් එහෙනම් දැන් ඒව එලියට අරගෙන සූදානම් කරගන්න. හැමදාම කෑම කන කෑම මේසෙ අයින් කරල අලුත් කෑම මේසයක් ගන්න සිරිතක් නෑනෙ වෙනසක් කරන්න කියල. හැබැයි අපිට පුලුවන් වෙනද පාවිච්චි කල පිඟන් කෝප්ප වෙනුවට අරන් තියල තියෙන ලස්සන සෙට් එකක් ගන්න.

උදාහරණයක් විදියට හිතන්නකො අවුරුද්දට එන අයට සංග්‍රහ කරන කැවිලි මේසෙට ලස්සන කෙසෙල් අත්තක් දාලා, ඒ උඩින් අර පන් වට්ටි හරි ලණු දරණු තියල මැටි හට්ටි වලම කැවිලි පෙවිලි, කැවුම් කිරිබත් සංග්‍රහ කරා නම් ලස්සනට තියේවි නේද?

4-      Coffee Table එකටත් අලුත් වෙනසක්

ඔය උඩින් කිව්ව කෑම මේසෙට ගෙනාව වෙනසම අපිට හැමෝම කතාවට සෙට් වෙන සෙටිය ඉස්සරහ තියෙන කොෆි ටේබල් එකටත් අරගෙන එන්න පුලුවන් බව අමතක කරන්න එපා.

වෙනද දාලා තිබුනෙ වෙන ටේබල් මැට් එකක් නම් ඒව අයින් කරල ලංකාවෙ පෙනුම තියෙන වේවැල්, පන් වගේ දේකින් හැඩවෙච්ච ලස්සන ටේබල් මැට්ස් වගේ දේකට මාරුවෙන්න මහ වෙලාවක්වත් ලොකු වියදමක්වත් යන්නෙ නෑ.

5-      ඕන නැති ජාති අස් කරන්න

ඒ වගේම අලුත් අවුරුද්දට ඔයාලට කන්න පුලුවන් තව දෙයක් තමයි ගෙවල් අස් කරද්දි අහුවෙන තවදුරටත් ඔයාට ප්‍රයෝජනයක් නෑ කියල හිතෙන දේවල් ඉවත් කරන එක. අලුත් අවුරුද්දක් කියන්නෙ අලුත් වෙනව කියන එකනෙ. වටපිටාව අලුත් වෙනවා, ඇඳුම් පැලඳුම්, කෑම බීම අලුත් වෙනව ඉතින් ඒ වගේම ඕන නැති, ගොඩගහගෙන ඉන්න පරණ දේවල් අයින් කරල ගෙදරත් අලුත් කරගන්න මේ කාලෙදි ඔයාලට පුලුවන්.

පරණ පොත්, කුස්සියෙ තියෙන බඩු භාණ්ඩ, ඇඳුම් පැලඳුම් ඕන දෙයක් වෙන්න පුලුවන් තව දුරටත් ප්‍රයෝජනවත් නෑ කියල හිතෙනවනම් අපි අයින් කරල දාමු නේද?

6-      ගෘහ භාණ්ඩ වල වෙනසක් කරමු

මේකෙන් අදහස් කරන්නෙ මේ සල්ලි දීලා අලුතෙන් ගන්න කියන එක නෙවෙටි. මෙච්චර කල් ඒව තිබුණ Arrangement එක වෙනස් කරන්න කියන එක. ඒ කිව්වෙ සෙටි එක තිබුණ විදිය, කෑම මේසෙ තිබුන විදිය පොඩි වෙනසක් කරන්න. ඒ වෙනස ඔයාට වගේම ගෙදරට එන අයටත් වෙනසක් වෙයි.

හැමදාම ඉතින් එකම විදියට ඉන්න ගියාමත් එපා වෙනවනෙ නේද?

7-      ජනෙල් දොරවල් ඇරල තියන්න

ඒ වගේම තමයි මේ අවුරුදු කාලෙ වටපිටාවත් ලස්සන වෙන එකේ, ඉර එලියට, මල් සුවඳට ගේ ඇතුලට එන්න පුලුවන් විදියට ජනෙල් දොරවල් පොඩ්ඩක් ඇරල තියන්න. හුලඟ හමන් යද්දි, ඉර අව්ව පොඩ්ඩක් ගෙදරට වැටෙද්දි ඒකත් අලුත් වෙනසක් විදියට හැමෝටම තේරෙයි.

8-      ගෙදරට සුවඳක්

අවුරුදු කාලෙ කියන්නෙ අමුත්තො ඉතින් නිතර දෙවෙලෙ එන කාලයක්නෙ. ඉතින් ගේ ඇතුල ඉමිහිරි සුවඳකින් පිරිල තිබුනොත් අපූරුයි නේද?

ඉතින් ඔයාලට පුලුවන් ඕන නම් සුවද එන Air Freshener එකක් හරි එහෙම නැත්තම් සුවඳ හඳුන්කූරක් වගේ උනත් පත්තු කරල තියන්න. ඒ විතරක් නෙවෙයි ගෙදර සමන්පිච්ච් මල් වගේ තියෙනවම් වතුර කෝප්පෙකට මල් දාලා පැත්තකින් තියල තියන්නකො. හොඳ සුවඳක් ගේ ඇතුලෙම පිරෙයි.

Related Articles

Don't Miss


Latest Articles