fbpx

හේමන්ත සන්ධ්‍යා -27

ඈත ගොඩනැගිලි වලට මත්තෙන් රිදී බෝලයක් සේ හිරු දිළිහෙමින් තිබිණි. පසෙකින් පොත් කන්දක් ද ඉදිරියෙන් සිතුවමක් වැනි නාගරික දර්ශනයක් ද විද්‍යමාන වත්දී, ගුවන් සැතපුම් දහස් ගණනක් ඈත සිට නැගෙන ඉතා ම දයාර්ද්‍ර පිරිමි හඬක් නිකිනි ගේ සවන ළඟ ම මිමිණෙයි. මේ මොහොත තුළ කිසි යම් දිව්‍යමය ස්වභාවයක් වෙතැයි ඇය ට දැනිණ. නමුත් තෙත් වූ ඇස් ද, විදත් වෙනත් ගැහැනු ළමයෙකු ගේ ප්‍රේමයක් ගැන කළ අනවශ්‍ය විහිළුව ද තරමක් දුරට නිකිනි නො සන්සුන් කොට තිබුණේ ය. ඇය ට උවමනා වූයේ මේ මොහොතේ ඔහු ත් එක්ක කතා බහෙන් මිදෙන්නට ය. කොයි තරම් හදවත ළඟ කෙනෙකු වුව දුරින් හිඳිනා එක හොඳයි කියා හිතෙන එබඳු අවස්ථා ජීවිත වලට උදා විය හැකි ය.

“මං මේ ගුවනිත් එක්ක පොත් වගයක් කැටගරි කරන ගමං ඉන්නෙ. එහෙනං දැං මං තියන්නද…”

ඇය වඩාත් ආචාරශීලී වෙමින් ද ඔහු ගේ හිත නො රිදෙන දයාවකින් ද ප්‍රශ්න කළා ය.

“හරි නිකිනි. එහෙනං මං ඔයාට රෑ වෙලා කතා කරන්නං”

“දැං ඉතිං තව ඩ්‍රිංක්ස් ගන්නෙපා. ඔය ඇති”

ගුවනිට පවා නෑසෙන තරම් පහළ ස්වරයකින් ඈ කීවේ විදත් ගේ පිරිමි හද සසල කළ හැකි තරම් තමන් ගේ කමකිනි. 

“හ්ම්”

ඔහු පොඩි දරුවෙකු සේ ඇයට අවනත වූයේ කැමැත්තෙනි. ගැහැනියක ඔහු ට අසීමිත ව පෙම් කරනවා යි දැනෙත්දී පිරිමියෙකු ඈ වෙත අවනත වන්නේ නිරායාසයෙනි. බාහිරයෙන් දකින අයෙක් බිරිඳට යටහත් හෝ බය පාක්ෂික පිරිමින් සේ ඔවුන් ව හංවඩු ගසන්නට පුළුවන. නමුත් ඒ අවනතිය යනු ආදරයේ හෝ ගෞරවයේ ලක්ෂණයක් වීමට ඉඩ තිබිය හැක. මේ දැන් විදත් ගේ ළය මඬල පුරවා දමා තිබුණේ ඒ ආදරයයි. ඒ ගෞරවයයි. ආදරණීය ගැහැනියකට ඈ සිතැඟි පරිදි සිය පුරුෂයා වෙනස් කර ගත හැකැයි විදත් ට සිතිණි.

“ප්‍රොමිස්..”

“ප්‍රොමිස්”

“එහෙනං…බුදු සරණයි”

“පරිස්සමෙං…ගෙදර ගිහිං රිං කට් එකක් හරි තියන්න”

“බායි”

නිකිනි ඒ සමු ගැනීමේ පදය කියා ගත්තේ උගුර යටිනි. ඇය සම්බන්ධතාව විසන්ධි කොට බීප් හඬ නැගෙන තුරුත් විදත් දුරකතනය සවනේ තබා ගෙන හිටියේ ය. හිටි හැටියේ ඔහු වසර දහ පහළොවකින් තරුණ වූ සෙයක් ඔහු ට දැනේ!

නිකිනි විත් ඈ කලින් හිඳ සිටි බංකුව මතින් හිඳ ගත්තා ය. ගුවනි එක වර ඇදෙස නො බැලුවා ය. නමුත් ඇගේ මුහුණ දෙස කෙළින් බැලිය නො හැකි තරමට නො සන්සුන් කැළඹීමක් නිකිනි වට කොට කැරකෙන්නට විය.

“ඒ කතා කරපු කෙනා නිසාද සර්යි මිසුයි රණ්ඩු වුණේ…”

අන්තිමට ගුවනි ඉතාමත් ම සාමාන්‍ය ස්වරයකින් මුණිවත බින්දා ය. ඒ වෙලාවේ ඒ ශාලාව තුළ කෙතරම් දරුණු නිහැඬියාවක් පැතිර තිබුණේ ද යත්, ඇගේ මන්ද්‍ර හඬ පවා එහි මහා හඬක් නංවන්නා සේ විය.

නිකිනි වහා හිස නගා බැලුවා ය. ඇගේ ඇස් වල විසල් බවක් විය.

“ඔව්. ඒත් ගුවනි ඔයා හිතනවද….”

“නෑ නෑ මිස්…”

ගැහැනියක යමක් සිතත්දී තවත් ගැහැනියකට එය දැනෙන්නේ ය. ගැහැනු ඉව කියන්නේ ඊට ය. නිකිනි කියන්නට ගිය දේ සම්පූර්ණ කිරීමටත් පෙර ගුවනි ඈ අස්වැසුවේ ඒ ඉවට පින් සිදු වන්නට ය.

“මිස්ල අතරෙ එහෙම සම්බන්දයක් තියනව කියල මං හිතන්නෑ”

නිකිනි ට සැනසිල්ලක් වගේ දෙයක් දැනිණ.

“ඒත් මට එක දෙයක් දැනෙනව”

නිකිනි ගුවනි දෙස කෙලින් බැලුවා ය. යුවතිය මඳහස් වතින් ඉතා සන්සුන් ව කතා කළා ය.

“මිස් එයාට ආදරෙයි කියල”

එය තනිකර ම අහසින් පොළොවට වැටෙත්දී දැනෙන්නා වූ කම්පනයයි. හුස්ම ගත්තා ද කියා හෝ නිකිනි ට මතක නැත. ඇය මුව ද මඳක් අයා ගෙන ගුවනි දෙස බලා ගෙන ම උන්නා ය. දැන් ඉතින් ඇය ට මොනවා හංගන්න ද? කුමක් නම් රහසක් ය කියා රකින්න ද? දෙතොල් තද කොට සපා ගත් ඕ ලොකු හුස්මක් ගත්තා ය. 

“ඒක අද ඊයෙට අයිති ආදරයක් නෙවෙයි ගුවනි”

ඒ හුස්ම හෙළන අතරේ නිකිනි ඉතා හෙමිහිට මිමිණුවා ය.

“ඒක අතීතෙට අයිති ආදරයක්. මට අයිති වෙලා තිබුණ…ඒත් මට අයිති නැති වෙලා ගිය ආදරයක්…ඇත්තට ම කිව්වොත් මගෙ හදවතට මිසක් කවදාවත් මට අයිති වෙලා තිබුණ ආදරයක් නෙවෙයි කිව්වත් වැරදි නෑ”

ඒ තරම් වේදනාවක්! ඒ වචන වල තැවරී තිබුණ තුවාල රිදුමේ තරම ගුවනි ට හොඳට ම දැනිණ. නිකිනි සනසනු වස් තෝරා ගත හැකි වචන කිහිපයක් සිංහල භාෂාවේ තිබේ ද කියා හෝ සිතා ගන්නට ඇයට හැකි වූයේ නැත.

“ඇත්ත ආදරයක් කියන්නෙ හදවතට අයිති දෙයක් තමයි මිස්. ඒක කවදාවත් භෞතික ව අයිති කර ගන්න බැරි වෙන්න පුළුවන්. ඒත් ආදරේ කියන්නෙ මේ ස්පේස් එකේ පා වෙවී තියෙන දෙයක් මිස ෆිසිකලි ලබා ගන්න ඕනමයි කියල හිතන්න ඕන දෙයක් නෙවෙයි කියලයි මන්නං දැං හිතන්නෙ”

පොත් මිටියක දාරය මත අතැඟිලි දුවවමින් නිකිනි නිහඬ ව සිටියා ය. මේ දැනෙන හැඟීමට ආත්මානුකම්පාව කියා නම් දෙන්නට ඈ රිසි නැත. වසර ගණනාවක් ඈ මේ හැඟීමත් එක්ක පොර බදමින් බලා සිටියා ය. විදත් කවර මොහොතක හෝ හිරු මඬලක් සේ ඈ ඉදිරියේ පහළ වෙතැයි ඉමහත් බලාපොරොත්තුවෙන් විසි පස් වසරක් සපිරෙන තුරු ම බලා සිටියා ය. නමුත් අන්තිමට ඒ සියල්ල සිහිනෙන් ගෑ සුවඳක් සරි ව අතීතය ට එක් ව ගියා පමණකි. ජීවිතයේ ඉතිරි වසර හතරකට ආසන්න කාලය ගෙවී ගියේ නාඳුනන මිනිසෙකු ගේ පතිණිය වී, ඔහු ට ආදරය කරන්නට දරනා උත්සාහයනුත්, ඒ උත්සාහයන් හි අති අසාර්ථක වීමුත් සමග ය. ඈ තුළ ආත්මානුකම්පාව ඇති වන්නේ ඒ අවසාන වසර හතරකට ආසන්න කාලය ගැන ය.

“සර් කේන්තියෙන් ඉන්නෙ මිස් ඩිවෝස් එක ඉල්ලපු එක ගැන. මට හිතා ගන්න බෑ. ඒ කියන්නෙ පිරිමි තව සම්බන්ධ කමක් හරි කීපයක් හරි ඇති කර ගන්නෙ වයිෆ් ව ඕන නැති නිසා නෙවෙයි. වයිෆ් ව අතාරින්න බලාගෙනත් නෙවෙයි. එයාට තවත් කේන්ති ගිහින් තියෙන්නෙ මං මිස් එක්ක එකතු වෙලා වැඩ කරන එක ගැන”

නිකිනි ට ගුවනි ගෙන් දැන ගන්නට ඕනෑ වී තිබූ, නමුත් අසන්නට අදි මදි කරමින් සිටි කාරණාව ඒ ය. එදා මංජුල එන විට ගුවනි පොත් තෝරමින් සිටි එක ගැන මංජුල ගුවනි කෙරේ කෝපයක් පෙන්වූයේ නැත.

“ඔයා දැනගෙන ඉන්න නැතුව ඇතිනෙ ඒ මගෙ වයිෆ් කියල. කමක් නෑ. එයා එතන වැඩ කරනවට ගෙවන ගාන මට කියන්න. මං ඒක ගෙවන්නං. ගුවනි ආයෙ එතන වැඩට යන්න ඕන නෑ”

විශ්ව විද්‍යාලයේ කැන්ටිමට ගුවනි ව කැඳවූ මංජුල සන්සුන් ව කීවේ ය. ඔහු ඕනෑ ම දෙයක් මුදලට ගන්නට සිතන එක ගැන ගුවනි ට සිනා ගියේ ය.

“ඔයා මට ද ඔය හිනා වෙන්නෙ…”

එවර ඔහු දෙඩුවේ ගුවනි ව බය කර ගන්නට පුරුදු වී සිටි දැඩි හඬිනි.

“අනේ නෑ සර්. සර්ගෙ සල්ලි වලට. සල්ලි වලට ගන්න බැරි දේවලුත් මේ ලෝකෙ තියෙනවයි කියල සර් ඔය සල්ලි වලට කියල දෙන්න”

“මං කැමති නෑ ඔයා එතන වැඩ කරනවට”

“ඒත් මං කැමැත්තෙනුයි එතන වැඩ කරන්නෙ සර්”

“ගුවනි ඒ මගෙ වයිෆ්”

“එයා සර්ගෙං ඩිවෝස් වෙන්නනෙ හදන්නෙ. ඉතිං ප්‍රශ්නයක් නෑනෙ. අනිත් එක…මං මිස් ළඟ වැඩ කරන එක නතර කළොත් සර් මාව මැරි කරනවද…”

මංජුල ගොළු ගැසිණි. ඔහු ඇරයුම් කළත් දැන් ගුවනි ඔහු ගේ බිරිඳ බවට පත් නොවනු ඇත. නමුත් ඔහු ව ඒ විදිහට ගොළු කිරීමෙන් ඈ සතුටක් ලැබුවා ය.

“මට එක දෙයක් තේරෙනව. සර්ට ඕනෙ ලෝකෙට පෙන්නන්න ලස්සන වයිෆ් කෙනෙක්”

“ඉතිං ඔයත් ලස්සනයිනෙ”

ගුවනි දෙතොල් තෙරපා සිනහ වූවා ය. 

“මං දන්නෑ මං ලස්සනද කියල. හැබැයි මිස් වයිෆ් විදිහට ඉන්න එකෙං ලැබෙන වෙන කිසිම වරප්‍රසාදයක් මං නිසා සර්ට ලැබෙන්නෑ. මිස්ගෙ වගේ ලොකු පවුලක් මට නෑ. සමාජ තත්වයක් මට නෑ. ඒ වගේ දේ වලින් ලැබෙන කල එළිය නැතුව නිකංම නිකං කැම්පස් කෙල්ලෙක් කසාද බැඳගෙන සර් බලාපොරොත්තු වෙන දිස්න ගහන ජීවිතේ සර්ට ලැබෙන්නෑ”

පිනි සේල

පිනි සේල – 27

අහංකාර නගරේ

අහංකාර නගරේ -29

Mini Stories

ජීවත් වෙමු.

පිනි සේල

පිනි සේල – 30

Mini Stories

ආදරයෙන් සුවපත් වෙන්න!

පළිඟු මන්දිර

පළිඟු මන්දිර – 45

ඈත දුර ආකාසේ

ඈත දුර ආකාසේ -10

අහංකාර නගරේ

අහංකාර නගරේ – 33

පිනි සේල

පිනි සේල – 21

ඉඳුදුන්න

ඉඳුදුන්න -25

මන්දාරම් හැන්දෑවක

මන්දාරම් හැන්දෑවක -41

ඔබට ඇහෙනව නම්

ඔබට ඇහෙනවනම් – 47

Relationships පිනි සේල

පිනි සේල – 12

පළිඟු මන්දිර

පළිඟු මන්දිර – 18

සුළං සීනු

සුළං සීනු -26

පාට සේදුනු වත්සුනු

පාට සේදුණු වත්සුණු – 20

පිනි සේල

පිනි සේල – 17

පළිඟු මන්දිර

පළිඟු මන්දිර -5

පළිඟු මන්දිර

පළිඟු මන්දිර – 34

මන්දාරම් හැන්දෑවක

මන්දාරම් හැන්දෑවක -36

ඒ එකින් එක කාරණා ගැන ගෙදර ගිය ඉක්බිතිත් නිකිනි වෙන වෙන ම කල්පනා කරමින් සිටියා ය. ගුවනි කියන්නේ බුද්ධිමත් කෙල්ලකි. සිය ප්‍රථම ප්‍රේමය වංචාවකට ලක් වූ ඉක්බිති  හැව හැර යන්නා සේ එතැනින් නික්ම යනවා මිස ඇය ඒ මත්තේ දිවි නසා ගන්නට හිතනාකාරයේ කෙල්ලක නොවේ.

කවර තත්වයක් මත වී ද තිගැස්මෙන් යුතු ව නිකිනි බලා උන් දුරකතන ඇමතුම ආවේ ඈ නිදන්නට යහනට ගියාටත් පසු ය. 

“නින්ද ගියානෙ අප්ප”

විදත් සිනහ වෙවී කීවේ ය.

“ඔයාට කතා කරල එහෙමම ඇස් දෙක පියා ගත්ත. මේ දැං යාළුවෙක් කෝල් කරද්දියි ඇහැරුණේ”

“ඒ යාළුවෙක්නං නෙවෙයි”

“එහෙනං…”

විදත් ඇත්තටම කුතුහලයට පත් වූයේ ය.

“අර…ආදරෙයි කිව්ව කෙනානෙ”

ඈ එය කීවේ ඉතාමත් හෙමිහිට ය. නමුත් විදත් උස් හඬින් හිනැහුණේ ය. නිකිනි දුරකතනය වඩාත් තදින් සවනට තෙරපා ගත්තා ය.

“ගෑනුද…ගෑනු කියන්නෙ වචන පස්සෙම එල්ලිලා යන ජාතියක්…නේ…”

නිකිනි දෑස් වසා ගත්තා ය. එතකොට ඇය ට වඩාත් හොඳින් ඔහු ව දැනේ. වඩාත් හොඳින් ඔහු ව මවා ගත හැකි වේ. විදත් ට තිබෙන්නේ ගැඹුරු පිරිමිකාර හඬකි. ඇගේ ප්‍රේමය පැතු කිසිදු තරුණයෙකුට එහෙව් හඬක් නො තිබූ බව ඇයට සිහි කර ගත හැක. වසර විස්සකට පසු ඔහු දුටු එක ම දිනයේත්, ඒ වගේ පිරිමි පෞරුෂයක් ඇය ට ඊට පෙර දැනී තිබුණේ නැත.

“මං කිව්වෙ බොරුවක් නෙවෙයිනෙ ඉතිං…දවල් ඔයා කියපු දේනෙ”

“හ්ම්. ආදරෙයි කිව්වෙනං නෑ. ඒත් මං දන්නව”

“මොකද්ද…”

“ආදරෙයි කියල”

නිකිනි යහනෙන් බැස කවුළුව ළඟට ගියා ය. වසා දැමු තිර රෙද්ද අතින් පසෙකට කළා ය. සීතල රෙද්දක් පොරවා ගත් අඳුර, කණාමැදිරි එළි වලින් තෘප්ත ව අඩ නින්දේ පසු වෙයි. මේ සීතල අඳුරත් එක්ක විදත් ගේ හඬ පෑහෙන්නේ වාළුකාවකට සුලං හඬ පරිද්දෙනි. 

“නිදි මතයිද ඔයාට…”

“නැහ්”

ඔහු ඉක්මනින් දුරකතනය තබාවියි බිය වූ ඕ විගස කීවා ය.

“දැං මොකද්ද වෙන්නෙ…මංජුලගෙ ඩිසිෂන් එක මොකද්ද…”

නිකිනි සුසුමක කෙළවරින් අරඹා කතා කළා ය.

“එයාගෙ තීරණේ මොකක් වුණත් මං ආපහු හැරෙන්නෙ නෑ. මට ආපහු හැරෙන්න ඕන කමකුත් නෑ. මට තනියක් නෑ. මතකද දවසක් ඔයා කිව්ව තනිකම පට්ට කියල…ඒක එහෙමයි කියල මටත් දැං හිතෙනව. මට බයකුත් නෑ. හුඟක් ගෑනු ඩිවෝස්  එකට බය වෙන්නෙ දරුවො නිසා. දරුවන්ට තාත්තා හරි අම්ම හරි එක්කෙනෙක් නැති වෙන නිසා. ඒ දරුවන්ගෙ අනාගතේ හදන ප්‍රශ්න නිසා. ඒ වුණාට මට එහෙම බය වෙන්න හේතුවක් නෑනෙ. දැං මට ඕනෙ මේ හැම දේකිංම නිදහස් වෙන්න. සැහැල්ලුවෙං ඉන්න. බැඳීමක් නැතුව…දුකක් නැතුව….”

ඈ කතා කළේ හෙමිහිට ය. නැවතිල්ලේ ය. විදත් ඒ හැම වචනයක් ම වෙන වෙන ම වින්දේ ය. 

” බැඳීම් නැති ජීවිතයක් ගත කරන එක නං ලේසි නෑ නිකිනි. අපි සංසාරෙට බැඳිල ඉන්නෙ. සමහර විට මේ ආත්මෙදි ම නෙවෙයි. පහු ගිය ආත්ම වලිං ම අපි බැඳිල ඉන්නෙ”

පොසොන් වැස්සක් ඉහිරී ගියේ ය. සඳැල්ල වෙත සුළඟක් සමග ආ හිරිකඩයක්, වීදුරු ජනේලය මත හැපී,  හැඩයක් නැති රේඛාවන් ව පහලට රූටා ගියේ ය. 

“ඒක ඇත්ත”

ඈ උගුර යටින් කියා ගත්තා ය. මේ සීතල වැහි අඳුරු රැයෙහි විදත් ඈ ළඟින් ම ඉන්නවා සේ සුවඳක් ඇය ට දැනිණ. ඒ පුළුල් පපුතුර ඈ යන්තම් හිස තියා සිටිනවා සේ නිකිනි ට දැනිණ. 

අනෙක් කොටස්

More Stories

Popular

Don't Miss




Latest Articles

Click to Hide Advanced Floating Content
Click to Hide Advanced Floating Content

error:
1
0
Would love your thoughts, please comment.x
()
x