ඔබ ඉතා කාර්යබහුල අවස්ථාවකදී ඔබේ දරුවා නූලක්වගේ දිගටම පස්සෙන් එනවානම් කරන්න තිබෙන හොඳමදේ තමයි තරමක වේලාවක නිරතවිය හැකි, කරන්න පහසු ක්‍රියාකාරකමක යෙදෙන්නට සැලැස්වීම. ඔබවගේම ඔහු/ඇයත් විශේෂ කාර්යයයක යෙදෙනවායැයි දරුවාට හැඟෙන්නට සැලැස්වීමෙන් පහසුවෙන්ම දරුවාගේ අවධානය ඔබෙන් තරමක් දුරස්කරගත හැකිවේවි. දරුවාට සතුට ගෙන දෙන්න වගේම යමක් ඉගෙන ගන්නත් මෙවැනි ක්‍රියාකාරකම්වලින් අවස්තාව සැලසේ.
මේ එවැනි අදහස් කිහිපයක් :
- Cereal, pasta වැනි ආහාර ද්‍රව්‍යයක් එක් බඳුනකින් තවත් බඳනකට දැමීම හෝ වර්ණය අනුව වෙන් කිරීම
- කඩදාසියකට ස්ටිකර් පිළිවෙලකට අලවන්න ලබාදීම
- මල්ලක දැමූ කුඩා වස්තූන් / සෙල්ලම් බඩු මිශ්‍රකර නැවත නිසි පරිදිදීම
- මිශ්‍ර වී ඇති කුඩා එළවළු මල්ලක තෝරන්නටදීම
- පසුම්බියක ඇති පැරණි මුදල්/ විවිධ කාසි වෙන්කරන්නටදීම
- පරණ දුරකතනයක බොත්තම් ඔබන්න දීම
- හිස් පෙට්ටි කහිපයක් ලබාදී විවිධ ගොඩනැගිලි ස්වරූප නිර්මාණය කරන්නටදීම
- ජල බඳුනකට විවිධ වස්තූන් අතහැර, ගිලෙන සහ පාවෙන වස්තූන් නිරීක්ෂණය කරන්නටදීම
- ප්ලාස්ටික් කෝප්පවලින් කුළුණක් ගොඩනගන්නදීම
- බැලුමකට ජලය පුරවා සෙල්ලම් කරන්නටදීඹ
- ඡායාරූප ඇල්බමයක්, පින්තූර පොතක්, සිතියම් පොතක් බලන්නට ලබාදීම
- එක් බඳුනක සිට සිට තවත් බඳුනකට ජලය මාරුකරන්නටදීම
- බැලූම් බෝලයක් මත චිත්‍ර අඳින්නට දීම
ගිලින්නට නොහැකි විාල ප්‍රමාණයේ භාණ්ඩ ලබාදීමට වගබලාගන්න. මේ කුමන ක්‍රියාකාරකමක දරුවා නිරතකෙරෙව්වත් යම් අධීක්ෂණයක් යටතේ තබාගන්න සැමවිටම මතක තබා ගන්න.
– කල්හාරී –