දරුවන්ට දුර නොපෙන්වන මයෝපියාව රෝගය ගැන අවධානයෙන් ඉන්න

අපි දරුවන් රැක බලා ගන්නේ ඇස් දෙක තරම් පරිස්සමින්.ඇස තරම් වටිනා තවත් ඉන්ද්‍රියයක් නැතැයි කියා අප සිතන නිසායි නිතරම දරුවන් සහ ඇස සම්බන්ධ වන්නේ.ඉතින් කුඩා කාලයේ දරුවන්ට වැළඳෙන එක් රෝගයක් ලෙස මයෝපියාව හැඳින්විය හැකියි .

රෝග ලක්ෂණ

මතක තියාගන්න රෝග ලක්ෂණ හඳුනා ගත යුත්තේ දරුවන් නොව දෙමාපියන් බව.

  • අපහසුවෙන් පොත පත කියවීම
  • ඇස් කුඩා කර රූපවාහිනිය නැරඹීම.
  • ඈතින් එන රුවක් හඳුනා ගත නොහැකිවීම
  • හිස රුදාව

රෝග ලක්ෂණ හඳුනා ගත් සැනින් වහාම වෛද්‍යවරයෙකු වෙත ගෙනයාම ඉතාමත් වැදගත්.මයෝපියාවේදී සමහර දරුවන් එක ඇසක් පමණක් දුර්වල වීමේ හැකියාවෙන්ද පේලිය හැකි වන නිසා ඒ ගැන සැලකිලිමත් වීම වැදගත්.

මෙය තරමක අවදානම් තත්වයක් වන්නේ දෙමාපියන්ට මෙය හඳුනා ගත නොහැකිවීම සහ දරුවා එක ඇසකින් පමණක් කටයුතු කිරීමට පෙළඹීම වනවා.මේ නිසා නිරෝගී ඇසත් ආබාධයට ලක්වීමේ ඉඩකඩ පවතිනවා.

මේ සඳහා ඖෂධ අවශ්‍ය නොවන අතර උපැස් යුවලක් පැළඳීම මඟින් තත්වය සමනය කරගත හැකි වනවා.

ඒ වගේම වැඩිපුර අවුරුදු හතරේ සිට පහ ,දහය වයස්වල දරුවන් මයෝපියාව වැළඳීමේ ඉඩකඩ ඇති අය වන අතර මාස හයකට වරක්වත් අක්ෂි වෛද්‍ය වරයා වෙතට දරුවා රැගෙන යාමෙන් පහසුවෙන් රෝගය හඳුනා ගත හැකි වනවා.

නිවැරදිව අක්ෂි සායන සඳහා සහභාගී වීමෙන් රෝගය නිවාරණය කර ගැනීම සඳහා මනා පිටිවහලක් ලැබෙනවා.

මවුපිය ආරයට මයෝපියාවට ගොදුරු වූ විට බොහෝවිට ඉක්මන් සුවයක් නොලැබෙන අතර වයස අවුරුදු 15 ,20 හෝ සමහර විටකදී වැඩිහිටි වියට පැමිණෙනතුරුත් උපැස් පැළඳීමට සිදු වනවා.

ඉතින් ඔබේ දෑස සේ රැකගන්නා දරුවාගේ දෑස පිලිබඳ මනා අවධානයකින් කටයුතු කරන්න අද සිටම ඔබ පෙළඹේවි කියා අප සිතනවා.

– චම්මි –

Related Articles

Don't Miss


Latest Articles