රන් ටිකිරි සිනා තවත් හැඩ කරන කිරි දත්

ස්ථිර නොවුණත් කිරි දත් කියන්නේ කිරි කැටියෙකුගේ ජිවිතයේ වටිනාම අංගයක්. සාමාන්‍යයෙන් ලාංකික දරුවෙකුගේ කිරි දත් පැමිණීම ඇරඹෙන්නේ වයස මාස 6 සිට 9 දක්වා කාල සීමාවේදී යි. එහෙත් ඇතැම් දරුවන්ගේ දත් පැමිණීම ප්‍රමාද වන අවස්ථාද නැත්තේම නොවේ.

නිරෝගී දත් දෙපලක් දරුවෙකුට අවශ්‍ය ඇයි?

  • ආහාර සපා කෑමට
  • මුහුණේ පියකරු පෙනුමට
  • සුන්දර සිනහවකට
  • නිවැරදිව වචන උච්චාරණයට
  • ක්‍රමානුකුලව ස්ථිර දත් පෙළ මතුකර ගැනීමට
  • මානසික මෙන්ම ශාරීරික සෞඛ්‍යයට

කිරි දත් දිරා යාමට හේතු මොනවාද?

  • මවු කිරි, පිටි කිරි පානයෙන් පසු දත් නොසේදීම
  • ඇලෙන සුළු පැණි රස
  • වැරදි ආහාර රටාව
  • පිටි සහිත ආහාර, පැණි බීම
  • ලොලි පොප්

කිරි දත් ආරක්ෂා කර ගැනීමට කළ යුතු දේවල් මොනවාද ?

  • පළමු දත මතු වූ දිනයේ සිටම දත මැදීම ආරම්භ කිරීම.
  • කුඩා දරුවන් සඳහා නිපදවූ ෆ්ලෝරයිඩ් අඩු දන්තාලේප භාවිතය
  • රාත්‍රී කාලයේදී මවු කිරි දීමෙන් පසුව වතුර පෙඟවූ පුළුන් කැබැල්ලකින් දත්
    පිස දැමීම.
  • අනවශ්‍ය පමණ පැණි බීම,පැණි රස ආහාර ලබා දීමෙන් වැළකීම.
  • නිවැරදි ආහාර රටාවකට දරුවා යොමු කිරීම.
  • නැවුම් පෝෂ්‍යදායි ආහාර ලබා දීම.
  • දරුවාට කැල්සියම් සහිත ආහාර ලබා දීම.

– චම්මි –

Related Articles

Don't Miss


Latest Articles