ළදරු වියේදීම කියවීම හුරු කරමු..

බොහෝ දෙමාපියන් දැනටමත් දන්නා දෙයක් තමයි දරුවන් සමග පොත් කියවීම ඔවුන්ගේ මානසික ,කායික  සංවර්ධනයට සෘජුව බලපාන බව .ඒ ගැන කිසිම තර්කයක් හෝ සැකයක් නැහැ .නමුත් ලංකාව වගේ රටවල පොතක් කියන එක බොහෝ විට ද සම්බන්ධ වන්නේ දැනුම සමග පමණයි .ඉතිං පොත් ගැන නොදන්න අය හිතන්නේ ඉපදිච්ච ගමන්  දරුවාට දැනුම පොවන්නට යනවා කියලා .උපාධිය අරන් දෙන්න යනවා කියලා .ඉතිං එහෙම අය සමග තර්ක කරන කාලය  ඉතිරි කරගෙන අපි අපේ සිඟිත්තාට පොතක් තෝරගන්නේ කොහොමද කියලා හොයන්න වෙන්කරගමු නේද ?

  • ළදරුවන් ගේ ඇස් තවමත් සියුම් දැකීම සඳහා වර්ධනය වෙමින් පවතිවා.ඒ නිසා නිරන්තරයෙන් නිරන්තරයෙන් ම දීප්තිමත් වර්ණ සහිත විශාල චිත්‍ර සහිත ,ඒ වගේ ම සරල සිතුවම් සහිත පොත් තෝරා ගැනීම ඉතාමත් සුදුසුයි .
  • රිද්මයක් සහිත වාක්‍ය සහිත කතන්දර කුඩාම දරුවන්ට වඩාත් ගැළපෙනවා නැලවිල්ල ක සුවය ඔවුන්ට ඉන් ලැබෙනවා .
  • ඒ විතරක් නෙවෙයි ,ඔහු හෝ ඇය වටා රැඳෙන ආදරණීය හඬවල් ඔවුන් ග්‍රහණය කර ගන්නවා .
  • භාෂාව පිළිබඳව පළමු වන පාඩම ,රසය පිළිබඳ පළමු වන පාඩම ,ඔබේ එදිනෙදා කතා බහෙන් ඔබ්බට ගිය තවත් යමක් ඔහුගේ හෝ ඇයගේ මොළය සාරවත් කරනවා .

Cloth books

මාස තුනේ පමණ සිට ඔවුනට cloth books  හෙවත් රෙදි රෙදිවලින් සෑදූ පොත් ලබා දෙන්නට පුළුවන් .ඒවා සියුම් නිසා ඔවුන්ගේ පරිහරණයට ඉතාමත් සුදුසු යි.සෝදා පාවිච්චි කරන්නත් පුළුවන්.ලංකාවේ දැනටමත් මිලදී ගැනීමේ හැකියාව තිබෙනවා .

board books.

පළමු වසරේ ද්විතීක අවධිය එනම් මාස හයකින් පමණ පසු bord books ලබා දෙන්නට පුළුවන් .ඉතාමත් කෙටි කතන්දර වලින් යුතු පැහැදිලි චිත්‍ර එහි අන්තර්ගත විය යුතුයි .කතාව ඉතා කුඩා අකුරින් තිබෙන්නේ එය කියවන්නේ දෙමාපියන් නිසා .

touch books

විවිධ පසුතල පිළිබඳ ස්පර්ශය පිළිබඳ හැඟීමක් දරුවාට ලබා දෙන touch book s මේ කාලේ හරිම වැදගත් .ඔහු ,ඇය විවිධ වූ ස්පර්ශයන් නිසා ඉන් සතුටක් ලබනවා.හඳුනා ගන්නවා .

music books.

විවර කිරීමේ දී මිහිරි සංගීත නාදයක් තිබෙන පොත් දරුවන් ඉතාමත් ආසාවෙන් වැළඳ ගන්නවා .කවි වගේම සමහරවිට පටිගත කළ කතන්දර පවා මේවායේ ඇතුළත් .සිංහල භාෂාවෙන් නැතත් ඉංග්‍රීසි භාෂාවෙන් යුතු වූ බොහෝ පොත් ලංකාවේ දී මිලදී ගන්නට පුළුවන් .මෙහිදී අනවශ්‍ය තරම් දිග නොවන කවි කතන්දර සේම පැහැදිලි, සංකීර්ණ නොවන චිත්‍ර පිළිබඳ සැලකිලිමත් විය යුතුයි.

පින්තූර පොත්

දැනටමත් ඔබේ දරුවාට පොත් කියන්නේ අමුතු දෙයක් නෙවෙයි .වසරක් අවසාන වන විට පොත් පරිහරණය කරන්නේ කෙසේදැයි කියා දැනටමත් ඔහු දන්නවා .මේ වයසේදී picture books ඔහුට හඳුන්වා දෙන්නට පුළුවන් .ඒවා ඝණකම පිටු වලින් යුතු වීම ඔහුට පරිහරණය පහසු වෙනවා.

bed time books

නින්දට පෙර කියැවීමට ,සුන්දර වර්ණයෙන් යුතු ,සොඳුරු කතා පෙළක් සහිත මේ කතාන්දර පොත් සමග ඇඳට යන සිගිත්තාට මිහිරි රසවත් කතාන්දරයක් තුළින් දෙමව්පියන්ගේ ආදරය ලබා දෙන්නට  පුළුවන් .

-චම්මි-

Related Articles

Don't Miss


Latest Articles