ෆ්‍රිජ් එකට නොදා ආහාර කල්තබා ගන්නා ක්‍රම.

ආහාර කල් තබා ගැනීම සඳහා අප බෙහෙවින්ම ශීතකරණය භාවිතා කරනවා.නමුත් ශීතකරණය භාවිතාවකින් තොරව කල් තබා ගත හැකි ආහාර රැසක් තිබෙනවා වගේම ඒ එක් එක් ආහාර කල් තබා ගැනීම සඳහා විවිධ ක්‍රමවේදයන් තිබෙනවා.මේ දැනුවත් කිරීම ඒ ගැන…..මේ සියලුම දේවල් ඔබට ඉතාමත් පහසුවෙන් නිවසේදී සිදු කරගත කරගත හැකි වීම තමයි විශේෂත්වය.

ලුණු දැමීම

ආහාර කල් තබා ගැනීම සඳහා ලුණු දැමීම පැරණි කාලයේ තරම්ම තවමත් ජනප්‍රිය ක්‍රමවේදයක් ලෙස භාවිතාවට ගැනෙනවා. දෙහි,මාළු,අඹ,කරවල ආදී දේවල් ලුණු දැමීමෙන් කල් තබා ගන්න පුළුවන්.මෙම ආහාර වැඩිපුර නිවසේ ඇති අවස්ථා වලදී ඉතාමත් පිරිසිදුවටත් , පිරිමැසුම්දායක ලෙසත් කල් තබා ගැනීම සඳහා ලුණු දැමීම සිදුකරන්නට පුළුවන්.මෙහිදී සිදු කරන්නේ ආහාරයේ ඇති තෙතමනය ආස්‍රතිය නම් ක්‍රියාවලිය මගින් ඉවත් කිරීමයි.

සීනි දැමීම

පැණි ලෙස සකසා හෝ ජෑම් ලෙස සකස් කර ගැනීමෙන් ආහාර කල් තබා ගන්නට පුළුවන්.
පලතුරු වාරයේදී අපේ ගෙවත්තේ වැවෙන ඕනෑම පලතුරක් සීනි දමා ජෑම් ලෙස සකසා කල් තබා ගන්නට පුළුවන්.

ටින් කිරීම සහ බෝතල් කීරීම

ටින් කිරීම පිසින ලද ආහාර සඳහා සුදුසු ක්‍රමයක් ලෙස හඳුන්වන්න පුළුවන්.මෙහිදී අනිවාර්යයෙන්ම ඇසිරීම සදහා ගන්නා බෝතල් ජීවානුහරණය කිරීම වැදගත්.

අච්චාරු දැමීම

ආහාරයට සුදුසු ප්‍රති ක්ෂුද්‍ර ජීවක දියර යෙදීමෙන් ආහාර කල් තබා ගැනීම කරන්නට පුළුවන්.මේ සඳහා විනාකිරි, මද්‍යසාර ,එළවළු තෙල් ,ඔලිව් තෙල් ආදී තෙල් වර්ග රාශියක් භාවිත කරනවා.ඒ වගේම රත් කිරීම සහ නැටවීම ද මෙහිදී යොදා ගන්නවා.ඕනෑම ආකාරයක එළවළු සහ පළතුරු මේ ක්‍රමය මගින් කල් තබා ගන්නට පුළුවන්.

වියලීම

වියලීම මගින් ආහාර කල් තබා ගැනීම ඉතාමත් පහසුවෙන් කළ හැකි වියදම් අඩු ක්‍රමයක්. කොස් ,දෙල් ,විවිධ පලතුරු ,මස් ,මාළු,බොහෝ දේ මේ මගින් කල් තබා ගන්නට පුළුවන්.

අප ඉහත කතා කළේ බහුලව පවතින විට ශීතකරණයෙන් තොරව ආහාර කල් තබා ගැනීමේ ක්‍රම කිහිපයක් පිළිබඳව.නමුත්
එදිනෙදා අප භාවිතයට ගන්නා බොහෝ දේ ද ශීතකරණයෙන් තොරව දිගු කලක් නොව තරමක කාලයක් තබාගන්නට පුළුවන්.

1.අල,ලූණු ආදිය හොඳින් වාතාශ්‍රය ලැබෙන සේ වියළි සිසිල් ස්ථානයක ගබඩා කරන්නට පුළුවන්.

2.ලිපට ඉහළින් දුම් මැස්සක් ආකාරයේ දෙයක් නිර්මාණය කර කරවල හාල්මැස්සන් ආදී දේවල් එහි ගබඩා කරන්නට පුළුවන්.

3.සුදුලූනු ,ඉඟුරු ,කහ ආදිය තම්බා පේස්ට් එකක් ලෙස සකසා සතියක දෙකක පමණ කාලයක් තබා ගැනීමේ හැකියාව තිබෙනවා.

4.පලා වර්ග ආදිය ජල බඳුනක බහා තැබීමෙන් ද ,ජලය ඉසින ලද කඩදාසි වල ඔතා තැබීමෙන්ද මැලවීමකින් තොරව කල් තබා ගන්නට පුළුවන්

5.එළවළු ශීතකරනයේ තොරව එළියෙ ගබඩා කර තබනවා නම් වියළි සිසිල් ස්ථානයක ගබඩා කිරීම වැදගත්.ඒ වගේම වියළීම වළක්වා ගැනීම සඳහා විටින් විට ජලය ස්ප්‍රේකිරීම කළ යුතු වෙනවා.

6.ධාන්‍ය වර්ග ආදිය සඳහා කරාබු නැටි ,කුරුඳු කොළ ,පොතු ආදී දේවල් ධාන්‍ය සමග ගබඩා කිරීමෙන් ගුල්ලෝ ගැසීම නවත්වා ගන්නට පුළුවන්.

7.කිරි ආදී ද්‍රව්‍ය මුදවා මුදවපු කිරි ලෙස දවස් කිහිපයක් කල් තබා ගැනීමේ හැකියාව තිබෙනවා.
8.නෙළුම් දඩු,කොහිල ආදිය වතුර භාජනයක ගිල්වා තැබීමෙන් නැවුම් බව රැක ගන්නට පුළුවන්.

9.වේළුණු පොල් වල වියලි බව නැති කර ගැනීම සඳහා වතුර බාල්දියක බහා දවස් කිහිපයක් තබා ගැනීමෙන් පසු එදිනෙදාවෑංජන ආදියට පරිහරණය කරන්නට පුළුවන් .මෙහිදී පොල් බෑය ගැලවී යන්නේ නැහැ.

10.ශීතකරණයේ තොරව පොල් බෑයක් කල් තබා ගැනීමේ දී එහි ලුණු හොඳින් ආලේප කර තබා ගැනීමෙන් දවස් තුනක් පමණ නරක් නොවී තබා ගන්නට පුළුවන්.

Related Articles

Don't Miss


Latest Articles