“ලොකු උනාම කවුද වෙන්නේ?”
හැම පොඩි දරුවෙක්ම මුහුණ දෙන ප්‍රශ්නය.ඩොක්ට කෙනෙක්, ටීච කෙනෙක්, ලෝයර් කෙනෙක් වගේ විවිධ උත්තර ලැබෙන ප්‍රශ්නය.මම හැමදාමත් ඒ ප්‍රශ්නයට දුන්නේ එකම උත්තරයක්.
“මට ඕනෑ නිළියක් වෙන්න.”
ඒ උත්තරේට ලැබුණු ප්‍රතිචාර නම් ඒ තරම් හොඳ නෑ.ඒක ගෑනු ළමයෙක්ට නොගැලපෙන හීනයක්.සමහරු එහෙම කිව්වා.පුංචි කාලේ කියපු කතාව තවදුරටත් නොගැළපෙනවා කියලා මගේ අම්මටත් හිතුණේ Parents meeting එකක් දවසක.
“රඟපාන එක ගෑනු ගෑණු ළමයෙක්ට හොඳ දෙයක් නෙමෙයි.බාලිකාවක ඉගෙනගන්න ළමයෙක්ට එහෙම හීනයක් තියෙන එකත් අපිට ප්‍රශ්නයක්.”
පන්තිභාර ගුරුතුමිය එදා එහෙම කිව්වා.අම්මා ගෙදර ඇවිත් මට හොඳටම බැන්නා.ඊට පස්සේ කිසිම රචනාවක මම නිළියක් වෙන්න ආසයි කියලා නොලියන්න මම ප්‍රවේසම් වුණා.අපේ අලුත් Drama Teacher ඉස්කෝලෙට ආවෙ ඒ කාලේ.එයා අපිට සමස්ත ලංකා ළමා නාට්‍යයක් වෙනුවෙන් පුරුදු කළා.
“හිරුණි ලස්සනට රඟපානවා.හරිම දක්ෂ දරුවෙක් ” රුවිනි මිස් නිතරම කිව්වා.මට හොඳ අනාගතයක් තියෙන බව මිස් සහතික කළා.”හිරුණි ආස නැද්ද දවසක නිළියක් වෙන්න..”ගුරුතුමී එහෙම අහනකොට හැංගිලා තිබුණු හීනේ ආයේම උඩට එන්න පටන් ගත්තා.
“මං හරි ආසයි.ඒ උනාට ඒක ගෑනු ළමයෙක්ට අයිති හීනයක් නෙමෙයිලු..”
මං හරි හෙමින් කියනකොට මිස් මගේ ඔලුව අතගාලා නැගිට්ටේ ලොකු කතාවක් කියන්න.
“පුතාලා ඇත්තටම ආස ලොකු වෙලා කවුරු වෙන්නද? මට ඇත්ත කියන්න..පුරුද්දට කියන දේ නෙමේ ඇත්තටම ආස කරන හීනේ මට කියන්න.”
වෙනදා ඩොක්ටලා ටීචලා වෙනවා කියපු යාලුවෝ එදා වෙනත් හීන ගැන කියන්න පටන් ගත්තා.පොත් ලියන්න ආස අය,ගායිකාවක් වෙන්න ආස අය, සංගක්කාරට වඩා හොඳට ක්‍රිකට් ගහන්න ආස අය, ඡන්දෙ ඉල්ලන්න ආස අය එදා අපේ ළමා පිරිසේ හිටියා.
“අපිට අපේම කියල හීනයක් තියෙන්න ඕන.ඒක පස්සේ පන්නලා ඒක දිනාගන්න අපිට හයිය තියෙන්න ඕන.පුතාලට දූලාට තියෙන්න ඕන අම්මා කියන අරමුණක් නෙවේ.ඒක ඔයාලාගෙම අරමුණක්.
මට දවසක නිළියෙක්ම වෙන හීනයක් හිතේ පැල කර ගන්න උදව් වුණේ ඒ වචන.
අපි ළමා නාට්‍ය උළෙලට ගියා.හොඳම නාට්‍යය වෙන්න අපිට බැරි වුණා.මට කුසලතා සහතිකයක් ලැබුණා.
“හිරුණි දවසක හොඳම නිළිය වෙලා සම්මානයක් ගන්නවමයි..”
රුවිනි මිස් ස්ථිරවම කිව්වා.මම ඒ දවස එනකන් ආසාවෙන් බලාගෙන හිටියා. ඒත් අඳුරු සමක් හිමි, ලස්සන යැයි සම්මත කොණ්ඩයක් නැති මට ඒ හීනේ දුර බව වයසින් වැඩෙන්න වැඩෙන්න මම තේරුම් ගන්න පටන් ගත්තා.
“ලස්සන උනානං අවුරුදු කුමාරි වෙන්න තිබ්බා.ඊටපස්සෙ ඉතිං නිකම්ම රඟපාන්න චාන්ස් එනව..”
ළඟම මිතුරියන් එහෙම කියද්දී පවා මම නෑසුණු ලීලාවෙන් ඉන්න උත්සාහ කළා. මට දෙආකාර සටනක් තිබුණා.එකක් ළමා කාලයේ සිහිනයට මිය යන්නට ඉඩ නොදීම,අනිත් කාරණාව මගේ රූපය මගේ සිහිනයට බාධාවක් කර නොගැනීම.
“මාලිනී ෆොන්සේකලා, සබීතලා ගීතලා කොච්චර ලස්සනද? අපි ඒ කාලේ චිත්‍රපට් බලන්න ගියෙත් ඒ ලස්සන බලන්න..”
අම්මා එහෙම කිව්වා.මගේ අම්මා මං කැත බව නොකියා කියද්දිත් මම මගේ හීනය අහුලමින් මගේ ගමන ගියා.තිර පරීක්ෂණ වලින් ප්‍රතික්ෂේප වෙද්දී මේ අරමුණ අමතක කරලා රස්සාවක් හොයා ගන්න මට නොහිතුණා නෙවෙයි.
“ඒත් මේ මගේ හීනෙ..”
ඊළඟ තිරපරීක්ෂණයට මම යද්දී මගේ හොඳම මිතුරිය මාව බලන්න ආවා.මම මේ යන්නේ රටේ ප්‍රබලම අධ්‍යක්ෂකවරයෙකුගේ ටෙලි නාට්‍යයක චරිතයක් වෙනුවෙන්.සාමාන්‍ය තැන්වලින් ප්‍රතික්ෂේප වුණු මට මෙතැනින් එන්න වෙන්නේ හිත හොඳටම රිද්දාගෙන.මගේ මිතුරිය සහතික වුණා.හීනයක් වෙනුවෙන් සටන් කරද්දී හිත රිදෙන්නේ නෑ.
“ඔයා කොහෙද හිටියේ ළමයෝ..”
ඔහු පරීක්ෂණය අවසානයේ මගෙන් ඇහුවේ එච්චරයි!
මම ඉතා හෙමින් අඩිය තබමින් ඔහු පසුපස ඒ ගමන ඇවිදින්න පටන් ගත්තා. ප්‍රවීණ පරම්පරාව ඒ නිර්මාණය තුළ මාව ඉතාම සෙනෙහසින් වැලඳ ගත්තා. රඟපාන එක ගෑනු ළමයෙක්ට හොඳ දෙයක් නෙවෙයි, කියන කතාව ඇත්තටම ඇත්තද කියලා මම හිතුවේ ඒ කාලේ.
“රඟපාන එක විතරක් නෙවෙයි පයිලට් කෙනෙක් වෙන එක උනත් කෙල්ලෙක්ට නරකයි කියලා හිතන මිනිස්සු ඉන්නවා.ඒ වගේම ලෝකෙත් නරකයි නංගි.අපි මොන රස්සාව කරත් පාවිච්චි නොවී ඉන්න ඕන..වෙන්න ඕන ඒකයි.”
දර්ශන තලයේ දී මට එහෙම කිව්වේ මට වඩා ජේෂ්ඨ තරුණ නිළියක්.ඇය තමන්ගේ නම හොඳින් ප්‍රවේසම් කරගත් ගැහැනියක්.මම ඒ කතාව හිස මුදුනින් පිළි ගත්තා.
පළමුවැනි ටෙලි නාට්‍යය උසස් කලා රසයක් සහිත එකක් වීම නිසාම මගේ රඟපෑම විශේෂයෙන් කතාබහට ලක් වුණා.ඒ තරමට දක්ෂ තරුණ කෙල්ලක් ගැන මිනිස්සුන්ට කතා නොකර ඉන්න බැරි වුණා.චාම් ලස්සන කෙල්ල ගැන ෆේස්බුක් කවි ලියවෙන්න පටන් ගත්තා.මගේ නිදහස් ජීවිතය අවසන් වෙමින් මම කාර්යබහුල වෙන්න පටන් ගත්තා.
මම මගේ සිහිනය වෙත ඇවිදගෙන ආවේ ඒ විදියට.
සම්මාන රාත්‍රිය අවසන් වෙලා තාම පැයක්වත් ගෙවිලා නෑ.රුවිනි මිස් හරි!මට හොඳම නිළිය වෙන්න පුළුවන් වුණා.
මං ඒක කළා.ළමා කාලයේ සිහිනය අත නොහැර ඒ වෙනුවෙන් වැඩ කළා.රුවිනි මිස් සිහිනය හංගා නොගන්න මතක් කරපු දවස මට තවමත් මතකයි.ඉස්කෝලේ නාට්‍ය කාමරේ ඉඳගෙන දිලිසෙන ඇස් වලින් රුවිනි මිස් දිහා බලන් හිටිය පුංචි කෙල්ල මට මැවිලා පේනවා.
“අපිට අපේම කියල හීනයක් තියෙන්න ඕන.ඒක පස්සේ පන්නලා ඒක දිනාගන්න අපිට හයිය තියෙන්න ඕන.”
මට රුවිනි මිස්ගේ වචන ආයේම මතක් වෙනවා. තමන්ගේම සිහිනයක් හඹා යාම හරිම ලස්සන දෙයක්.ලෝකයට ඕනෑ කෙනා නොවී තමන්ට ඕනෑ කෙනා වීම ඊටත් වඩා ලස්සන වැඩක්.