fbpx

අම්මලා.

“අනේ ගීතා…බබා කෑවේ නෑනෙ.චීස් කෑල්ලක්වත් දෙනවද”

නෝනා අහද්දී බබා කෑම එක විසි කරන හැටි මම බලාගෙන හිටියා.ඇත්තටම මට දුක හිතුණා.මගේ සිතූ දවල්ට කන්නේ බතුත් පරිප්පුවකුත් එක්ක තව මොනවාහරි.ඒත් බේබිට මොනතරම් රස කෑම ලැබෙනවද?

“ඔතන චීස් පෙට්ටි දෙක තුනක් තිබ්බා ගීතා.එකක් ඔයාගේ බබාට අරන් යන්න..”

නෝනා එහෙම කෑගහන සද්දේ ආයේ මට ඇහුණා.නෝනා එහෙම තමයි.කඩේකට ගියත් ගීතාට හවස ගෙනියන්න මොනවම හරි අරන් දෙනවා.

ගේ ඇතුළේ බයිසිකලේ පැද පැද හිටිය බේබි බිම වැටුණේ ඒ වෙලාවේ.එයා අඬන්නේ අතක් පයක් කැඩුණු ගාණට.මට මගේ ලොකු පුතාගේ අත කැඩුණු හැටි මතක් වුණා.අඬන නංගිට පේර ගෙඩියක් කඩලා දෙන්න තමයි එයා ගහට නැගලා තිබ්බේ.අන්තිමට වුණේ වැටිලා අත කැඩුණු එක.

“රිදෙන් නෑ අම්මේ.අම්මා වැඩට යන්න.”

අම්මාට එක දවසක වැටුප නොලැබීම එයාලගේ දවසේ කෑම අහිමිවීම කියලා මගෙ පුතා දන්නවා.ඒත් නෝනාගෙන් මට නිවාඩු ලැබුණා.මම පුතා ළඟ හිටියේ ඒ නිසා.

“පුතාව ගණං පන්තියට දැම්මද ගීතෝ.”

නෝනා අහන්නේ හදිස්සියේම.මම ඔව් කිව්වේ හිනා වෙන ගමන්.

“ඉංග්ලිෂ් නම් මටත් ඉගැන්නුවැකි.අනේ හොඳට උගන්නන්න ගීතා.කවදාහරි ඔයාට තියන සැනසීම ඔච්චරයි.”

තමන්ගේ අත් උදව් කාරයන්ගේ දරුවෝ ඉගෙන ගන්නවට බය ලොකු නෝනා මහත්තුරු ඉන්න ලෝකෙක මට මේ වචනත් සැනසීමක්.

දවල් ප්‍රවෘත්ති වලට පුංචි දුවෙක් අපයෝජනය වුණු කතාවක් පෙන්නනවා.මගේ ඇඟ හිරි වැටෙනවා.

“ගීතා..අම්මා ඕපාදූප කියකියා ගෙවල් ගානෙ යන්නෙ නැතුව ඇති නේද? ළමයි ගාවම ඇතිනෙ..”

නෝනා මගෙන් ඇහුවේ හදිසියේම.

“අනේ එහෙම නෑ නෝනා.කිව්වට අහන්නෙත් නෑ.රට වටේ යනවා..”

මං එහෙම කියද්දී නෝනා බර කල්පනාවකට වැටුණා.

“මේ වගේ කාලවල බබාලා තනියම ගේ අස්සෙ තියන්න එපා ගීතා..මහ තිරිසන් මිනිස්සු ඉන්නේ..”

නෝනා එහෙම කියනවා.ඒත් මට මේ රස්සාව නැති කරගන්න පුලුවන්ද?

මගේ සැමියා පලංචියකින් වැටුණේ, දුක් විඳලා නැති වුණේ දැන් අවුරුද්දකට කලින්.එක එක රස්සා කරත් දරුවන්ට කන්න දෙන්න, ඉස්කෝලෙ යවන්න ඒ සල්ලි මදි බව තේරෙනකොට මම ගෙදරක වැඩ කරන්න හිත හදා ගත්තා.
වැඩකාරයන්ට සත්තුන්ට වගේ සලකන මිනිස්සු ඉන්න රටක මට හොඳම හොඳ මිනිස්සු ඉන්න ගෙයක් ලැබුණා.

වෙන එකක් තියා නෝනා බබාගේ ඇඳුම්,කෑම බීම පවා මට දෙන්නේ කැමැත්තෙන්.දරුවන්ගේ ඉගෙනීම් ගැන අහන්නේ කැමැත්තෙන්.

“බලන්නකො.මේ ගවුම ඇති කියල මම හිතන් හිටියේ.තාම උසයි..හෙට නර්සරි එකට ප්‍රින්සස් ෆ්‍රොක් එකක් ඕන..දැන් ගිහින් ගන්න ඕන..”

සුළං සීනු

සුළං සීනු – 9

හේමන්ත සන්ධ්‍යා

හේමන්ත සන්ධ්‍යා – 09

සුළං සීනු

සුළං සීනු -5

පළිඟු මන්දිර

පළිඟු මන්දිර – 20

ඈත දුර ආකාසේ

ඈත දුර ආකාසේ -38

හේමන්ත සන්ධ්‍යා

හේමන්ත සන්ධ්‍යා -3

අහංකාර නගරේ

අහංකාර නගරේ -46

ඈත දුර ආකාසේ

ඈත දුර ආකාසේ -41

ඈත දුර ආකාසේ

ඈත දුර ආකාසේ -25

අහංකාර නගරේ

අහංකාර නගරේ -42

හේමන්ත සන්ධ්‍යා

හේමන්ත සන්ධ්‍යා -27

පාට සේදුනු වත්සුනු

පාට සේදුනු වත්සුණු – 29

පාට සේදුනු වත්සුනු

පාට සේදුනු වත්සුණු -24

ඔබට ඇහෙනව නම්

ඔබට ඇහෙනවනම් -30

පළිඟු මන්දිර

පළිඟු මන්දිර -37

පිනි සේල

පිනි සේල – 4

Mini Stories

” බබාට දෙන්න කිරි මදි ඔයාට ” ඒ තමයි අලුත්ම අම්මෙක් අහන්න බියජනකම දේ.

පතොක් ප්‍රේමය

පතොක් මලක ප්‍රේමය -22

ඔබට ඇහෙනව නම්

ඔබට ඇහෙනවනම් – 11

Mini Stories

කුඩා දරුවෙකු වටා ඉදි වූ මිනිසත්කමේ පවුර.

නෝනා මගෙ කල්පනාව බිම වැට්ටුවා.

“අර මැෂිමෙන් මහන්න නෝනා..”

මම කීවේ මුල්ලක තිබ්බ මැෂිම පෙන්නලා..

“මට මහන්න බෑ ගීතො.ඕක අම්මගෙ..”නෝනා හිනාවෙනවා.මම නෝනා අතින් ගවුම අරගෙන මැෂිමේ දූවිලි පිහදැම්මා.ඊටත් පස්සෙ බේබිගෙ උසට ගවුම සැකසුවා.

“ලොකු උදව්වක් කරේ..”

දවසක් නෝනා මට රෙද්දක් දීලා බේබිට ගෙදරට අඳින්න ගවුමක් මහන්න කිව්වා.සාගරත් එක්ක පැනලා එන්න කලින් මම මැහුම් පන්තියකට යමින් හිටියේ.ඉතින් මම මහන්න දන්නවා.

“ගීතා මාර දක්ෂයි..”නෝනා හරි සන්තෝස වුණා.

එක සති අන්තයක අපේ ගේ ඉස්සරහ නැවතුණු වාහනය නෝනාගේ.නෝනා ආවේ අතක් බරට බඩු අරගෙන.හදිසියේ ඇයි කියලා මම කල්පනා කරා.

“ගීතා.හෙට ඉඳන් අපේ ගෙදර එන්න එපා”

මම ගැස්සුණා.රස්සාව අහිමි වීම ලේසි දෙයක් ද? මට දැනුණේ කැරකිල්ල හැදෙන්න එනවා වගේ.

“පොඩි ළමයි දෙන්නෙක් මෙහෙම දාලා ඔයා එනකොට මට මහ දුකයි ගීතා.මං ඔයාට මැෂිමක් ගෙනාවා.මං ගාව ඕඩර්ස් තියනවා.ඔයා ගෙදර ඉඳන් මහන්න.මං එන්නම්කො බලල යන්න..”

නෝනා කියද්දී මට දැනුණේ අදහන්න බැරි ගතියක්.

“මං ඔයාව ගෙන්නගෙන මගෙ ළමය බලා ගන්නකොට මේ පොඩ්ඩො දෙන්නට මොකෙක් හරි මොනව හරි කරොත් කොහොම ඉවසන්නද ගීතා.ඕඩර්ස් අඩු නම් එහෙම හිතේ හංගන් ඉන්න එපා.මට කියන්න.”

නෝනා ෆේස්බුක් එකේ මගේ ඇඳුම් ගැන පිටුවක් හදලා.දැන් මට මහන්න බැරිතරමට ඕඩර්ස් ගලාගෙන එනවා.චීස්,බටර්,පළතුරු එක්ක අරුමෝසම් ගොඩක් අරගෙන නෝනා අපිව බලන්නත් එනවා.

“ගේ හදන්න පටන් ගන්න ඕන නෝනා..”

මම කිව්වේ අලුත් බලාපොරොත්තු හිතේ තියාගෙන.

“දරුවන්ට ඉන්න පරිස්සම් ගෙයක් තියෙන්න ඕන ගීතා.ඔයා වුණත් පරිස්සම් වෙන්න ඕන..”

එහෙම කියපු නෝනා ගේ හදන එකටත් පුලුවන් හැම උදව්වම කළා.

“දරුවෙක් පර වුණාම අඬනවට වඩා පිපෙන්න ඉඩ හදලා හිනා වෙන එක තමයි ගීතා ලස්සන.මම මේ ඔයාට උදව් කරා නෙවෙයි.මේක මහ කුණු වුණු ලෝකයක්.මට ඕන වුණේ ඔයාගෙ ළමයිත් පරිස්සම් කරන්න..”

නෝනා කියනවා.

ඇත්තටම ඒක තමයි ජීවිතේ මට ලැබුණු හොඳම උදව්ව.

More Stories

Popular

Don't Miss




Latest Articles

Click to Hide Advanced Floating Content
Click to Hide Advanced Floating Content

error:
0
Would love your thoughts, please comment.x
()
x