Washing Machine එක නිවැරදිව පහසුවෙන් පිරිසිදු කර ගන්න ක්‍රම

washing machine එක කියන්නේ ගෘහණියකගේ වැඩ පහසු කරන යන්ත්‍රයක් . පවුලේ හැම දෙනාගේම ඇඳුම් හෝදන්න ලේසියෙන්ම පුලුවන් නිසා එය ගෘහනියගේ කාලය ගොඩක් ඉතිරි කරනවා . ලොකු මුදලක් වැයකරලා ඔබ මිලදී ගන්න මේ රෙදි සෝදන යන්ත්‍රය හරියාකාරව පිරිසිදු නොකලොත් නො කළොත් එහි කල් පැවැත්ම පිළිබඳව ගැටළු එන්න පුළුවන්. එහෙම වුනොත් එය ඔබ වියදම් කළ මුදල් අපතේ යැවීමක්. අද අපි ඔබට කියන්න යන්නේ ඔබේ රෙදි සෝදන යන්ත්‍රය හරියාකාරව පිරිසිදු කරගන්න කොහොමද කියලා

අවම වශයෙන් සෑම මාස 6 කට වරක්වත් ඔබ ඔබේ රෙදි සෝදන යන්ත්‍රය පිරිසිදු කරන්නට වග බලා ගන්න ඕනෑ .ඇත්ත වශයෙන්ම ඔබට එය මාසිකව පිරිසිදු කරන්නට පුළුවන් නම් එය ඉතාම හොඳ දෙයක්. එමගින් ඔබේ රෙදි සෝදන යන්ත්‍රය කාර්යක්ශම කාර්යක්ෂම සහ ඵලදායි එකක් කරගන්න ඔබට හැකියාව තියෙනවා .

රෙදි සෝදන යන්ත්‍රය පිරිසිදු කරන්න ඔබට මොනවද අවශ්‍ය දේවල්?

විනාකිරි

විනාකිරි යනු ස්වාභාවික විසබීජ නාශකයක් වන අතර බ්ලීච් වැනි රසායනික ද්‍රව්‍ය වලට වඩා ආරක්ෂිත අමුද්‍රව්‍යයකි

baking soda

බේකින් සෝඩා මගින් පැල්ලම් පහසුවෙන් ඉවත් කළ හැකි අතර පැල්ලම් ඉවත් කරන ස්ක්‍රබ් වර්ගයක් ලෙසද ක්‍රියා කරයි

පරණ දත් බුරුසුවක්

මෙමගින් ඔබට රෙදි සෝදන යන්ත්‍රයේ කුඩා දාරවල ඇති පැල්ලම් කුණු සහ අපද්‍රව්‍ය පහසුවෙන් ඉවත් කළ හැකි ය

microfiber රෙදි

පිරිසිදු කිරීම අවසානයේදි යන්ත්‍රය පිසදැමීමට ඉතාම හොඳ රෙදි වර්ගයකි

ඉදිරිපස විවරය සහිත රෙදි සෝදන යන්ත්‍රයක් පිරිසිදු කරන්නේ කෙසේද ?

පියවර 1

වතුර සහ විනාකිරි මිශ්‍ර කර රෙදි සෝදන යන්ත්‍රයේ දොරෙන් රබර් ගෑස්කට් එක වටා සහ ඇතුළත බ්‍රෂ් එක ආධාරයෙන් පිරිසිදු කර microfiber රෙදි කැබැල්ලෙන් පිස දමන්න

පියවර 2

රෙදි සෝදන යන්ත්‍රයේ dispenser එක තුළට උණු වතුර පුරවා එයට baking soda අවශ්‍ය පමණ එක් කර සාමාන්‍ය චක්‍රයක් රෙදි සෝදන යන්ත්‍රය ධාවනය කරන්න
ඔබේ රෙදි සෝදන යන්ත්‍රයේ dispenser එක ගලවා ඉවත් කළ හැකි නම් එය ඉවතට ගෙන සේදුම් දියර හෝ වෙනත් සබන් දියර වර්ගයක් යොදා මෘදු බුරුසුවකින් පිරිසිදු කරන්න
අවසානයේ දී micro microfiber රෙදි කැබැල්ලකින් හොඳින් තෙත මාත්තු කරන්න

පියවර 3

තෙත රෙදි කැබැල්ලකින් dispenser ලාච්චුව කුණු සහ අපද්‍රව්‍ය ඉවත් වන සේ හොඳින් පිස දමන්න. ඉන්පසුව microfiber රෙදි කැබැල්ලකින් වතුර හොඳින් ඉවත් වන සේ පිස දමන්න

පියවර 4

සබන් දියර පෙඟවූ රෙදි කැබැල්ලකින් රෙදි සෝදන යන්ත්‍රයේ පාලක පුවරුව හොඳින් පිස දමන්න. එය අපද්‍රව්‍ය රැඳීමට බොහෝ ඉඩකඩ ඇති ස්ථානයක් බැවින් අනිවාර්යෙන්ම එය පිරිසිදු කරගැනීමට අමතක කරන්නට එපා.

ඉහළ විවරය සහිත රෙදි සෝදන යන්ත්‍රයක් පිරිසිදු කරන්නේ කෙසේද ?

පියවර 1

ඔබේ රෙදි සෝදන යන්ත්‍රය ක්‍රියාත්මක කර එය තරමක් උණුසුම් වීමට හැර එයට වතුර පුරවා එම වතුරට සුදු විනාකිරි කෝප්ප තුනක් එකතු කර රෙදි සෝදන යන්ත්‍රය සාමාන්‍ය චක්‍රයක් ධාවනය කරන්න .

පියවර 2

ඉන්පසුව ජලය සහ විනාකිරි විනාඩි 5ත් 7ත් අතර කාලයක් තිබෙන්නට හරින්න

පියවර 3

දැන් එයට baking soda කෝප්ප භාගයක් පමණ එකතු කර නැවත යන්ත්‍රය ක්‍රියාත්මක කරවන්න. සාමාන්‍ය චක්‍රයක් ධාවනය කර නවත්වා, ටික වේලාවක් තබා නැවත ධාවනය කරන්න ඒ ආකාරයෙන් දෙවරක් හෝ තුන්වරක් කරන්න.

පියවර 4

දැන් රෙදි සෝදන යන්ත්‍රය ක්‍රියා විරහිත කර විනාකිරි බේකිං සෝඩා සහ වතුර පැයක් පමණ තිබෙන්නට හරින්න .

පියවර 5

පැයකට පමණ පසුව නැවත යන්ත්‍රය සක්‍රීය කර , සාමාන්‍ය චක්‍රයක් ධාවනය කර ඔබ රෙදි සෝදන විට මෙන් සාමාන්‍ය ලෙස ජලය පිටතට බැහැර කර , නැවත සාමාන්‍ය වතුර පුරවා රෙදි සෝදන යන්ත්‍රයෙන් බැහැර කරන්න .

පියවර 6

දැන් රෙදි සෝදන යන්ත්‍රය වටාත් , එහි පාලක පුවරුවත් , පියනත් සබන් දියර වලින් පෙඟ වූ රෙදි කැබැල්ලකින් හොඳින් පිස දමන්න. ඉන්පසුව තෙත වියලීමට microfiber රෙදි කැබැල්ලක් භාවිතා කරන්න .

කාලයක් පුරාවටම පිරිසිදු නොකළ රෙදිසෝදන යන්ත්‍රයකින් ඔබ ඔබේ රෙදි සෝදනවා නම් ඇත්ත වශයෙන්ම එහි ඵලක් නැත . එම නිසා ඔබේ ඇඳුම් වල කල් පැවැත්මත් පිරිසිදු බවත් රැක ගැනීම සඳහා වගේම රෙදි සෝදන යන්ත්‍රය කල් පැවැත්ම සඳහාත් එය පිරිසිදුව තබා ගැනීමට ගෘහනියක් වශයෙන් ඔබ අමතක කරන්නට එපා

Related Articles

Don't Miss


Latest Articles