fbpx

ඉඳුදුන්න -36

“ඉඳුවර ආවෙම ඒ තර්කෙ කියන්නද කොහෙද”

නිවසට එන්නට සනුරිගේ රියට ගොඩ වූ පසු අමන්දී අඩ සිනාවකින් තෙපලුවා ය.සනුරි කිසිත් නොකියාම දුලනිගේ සිහිනයක් වෙනුවෙන් රිය ධාවනය කළා ය.
සැදෑ අහස යට ඇති වනතුරුම දුලනිට මුහුදු වෙරළේ දඟලන ඉඩ ලබා දුන් දෙමිතුරියෝ හිම කිරමක් තොල ගාමින් රළ නගන අන්දම බලා සිටියහ.

“ඉඳුවර ඒ තර්කෙ කියන්න ආව නෙවේ අමා..අපි එක්ක කතා කරන්න ආවේ..”

සනුරි එසේ කියද්දී අමන්දී හැපෙමින් බිඳෙන රළ දෙස බලා සිටියා ය.

“ඒත් දැන් හරි රියැලිටි වටිනාකම තේරුණාද ඇහුවම..මං මේ දරුවව අරන් ආවෙ සනූ අඩුම තරමෙ මොකක්හරි පාරක් මේ දරුව හදා ගනී කියලා.ඒත් හැමදාම අර ෂෝ, මේ ෂෝ ගානෙ ළමයා අරන් යන්න තහනම් කියල ලොකු සර් නීතියකුත් දැම්ම..”

අමන්දී පැවසුවේ ඇය ඇගේ ප්‍රතිපත්ති බිඳගත් ආකාරය ය.

“මේ කිසිදෙයක් නරක නෑ අමා.ඉඳුවර යන දුර බලන්න.ඒක හරි වේගවත් ගමනක්.හැමදෙයකටම පාර ඇරුණේ මේ හින්දනෙ..සමහරවිට එයාගේ තීරණේ හරියටමහරි ඇති..”

සනුරි පැවසුවේ බොහෝ කාලයක් කියන්නට හුන් දෙයකි.අමන්දී හිස හරවා හිනැහුණා ය.

“කසාදයක් බැඳලා ඉන්න මනුස්සයෙක් විදියට මට දැන් හිතෙන දේ, ඉඳුවරට ගෑනු ළමයි ක්‍රෂ් වෙන්න ගත්තම මට ෆැමිලි ලයිෆ් එක එපා වෙයි කියලයි මම හිතුවේ.ඒත් ඇත්තටම ෆැමිලි ලයිෆ් එකක් එපා වෙන්න ඊට වඩා දාහක් කාරණා තියනවා..”

සනුරි වහා මිතුරියගේ අතකින් අල්ලා ගත්තා ය.ඇය අහන්නට යන පැනය ගැන අමන්දීට වැටහිණ.

“නෑ නෑ සනූ..මට ඇත්තටම අවුලක් නෑ.ඒ වුණාට අක්කා ආවට පස්සෙ වුණේ නොහිතපු දේවල්නෙ.මම ඒකට අවුල් ගියා.ඒත් අවිශ්ක ඉන්නෙ මම වෙනුවෙන්නෙ..”

අමන්දී පැවසුවේ සතුටිනි.අවිශ්ක ගැන සිහි කිරීම පවා සැනසීමක් වන තැනකට හදවත පැමිණීම ගැන ඇයට පුදුමාකාර සොම්නසක් දැනිණ.අවිශ්ක ඇය වෙනුවෙන් පෙනී හිඳීම තරම් සතුටක් අමන්දීට වූයේ නැත.

එහෙත් අමන්දී නැවත යන්නට පෙර ඇගේ අම්මා ඈ ඇමතුවේ නොපහන් ස්වරයකිනි.

“මං අර මහ අම්මන්ඩිට දෙකක් කියල කතා කරන්න ඉන්නෙ?”

එවැනි ගැටුම් වලට අකමැති හන්දා අමන්දී තිගැස්සුණා ය.

“ඇයි..”

“ඇයි කියන්නෙ..කසාද කඩාගත්තු දූලා ගේ අස්සෙ දාගෙන මොකක්ද එයා ඒ කරන්නෙ?”

අමන්දී බෑගය සකසා අහවර කර අම්මා දෙස බැලුවේ සන්සුන් මුහුණකිනි.ඔවුන් රැගෙන කොටුව දුම්රිය ස්ථානයට යන කුලී රිය එන්නට තව ඇත්තේ විනාඩි ගණනකි.අම්මාට ප්‍රශ්න කතා කරන්නට සිහි වන්නේ එවැනි මොහොතක ය.

“අක්කා කොහෙ යන්නද අම්මෙ? මං කවදහරි ඩිවෝස් වුණොත් අම්මා මාව ගෙට ගන් නැද්ද?”

අම්මා එය නෑසුණාක් මෙන් ඇගේ කතාව කරගෙන ගියා ය.

“සාගරේ වගේ ගෙවල් පෙන්නුව.කසාද බැඳ ගත්තා..ඊටත් පස්සෙ දීගෙ ඇරුණු අක්කා ගේ අස්සෙ දාගෙන ආයේ ගෙවල් හදනව..”

කුලී රිය පැමිණ හඬ නංවනු අමන්දීට ඇසිණ.ඇය ගමන් මළු පටවා ගන්නැයි දුලනිගේ අම්මාට පවසා ඇගේ අම්මා වෙත හැරුණා ය.

Mini Stories

හිසරදය.

සුළි සුළඟක සුසුමක්

සුළි සුළඟක සුසුමක් – 30 වන කොටස

Mini Stories

නිදහස

ළපෙති මල්

ළපෙති මල් -31

Mini Stories

අයිතියක් නැති තැන්.

සුළි සුළඟක සුසුමක්

සුළි සුළඟක සුසුමක් – 29 වන කොටස

Mini Stories

ඉරිසියාව

ළපෙති මල්

ළපෙති මල් – 30

Mini Stories

සුවඳ නැති අතීතය

“අම්මා මාව බැන්දුවෙ අවිශ්කගෙ දේපල හින්දද..මට නම් ඒවායින් වැඩක් නෑ.තිස්සෙම මිනිස්සු එන ඒ මහා ලොකු ගෙට මගෙ මනාපෙකුත් නෑ.මං කැමතියි එයා අපිට ගෙයක් හදනවට.අනික ඒ ගේ අවිශ්ක හදන්නෙ එකතු කරගත්තු ඉතුරු කරගත්තු සල්ලි වලින්..සත පහක් ණය වෙලා නෙවෙයි..අක්කව එළියට ඇදලා නොදා, මාව අක්කගෙ දාසයෙකුත් නොකර එයා ඒ ගත්තු තීරණේ හින්දම මට එයා වටිනවා..”

අමන්දී නිවසට යනතුරුම හුන්නේ නොඉවසිල්ලෙන් ය.දැන් ඇගේ ගෙදර අයිති ඈත වියළි කලාපයට බවත් කලබල අගනුවර ඇත්තේ මහ ගෙදර වගත් සිතා අමන්දී නිහඬ සිනාවක් පා කර හැරියා ය.

අම්මා ලෝබ නැතුව ආදරය පිදුවේ නැති නිසාත්, තාත්තා අම්මාගෙන් පිට වචනයක්වත් නොකියන නිසාත් මල්ලි කිසිම දවසක ළං නොවූ නිසාත් මහ ගෙදර කියන්නේ තැනක් මිස හදවතේ කොටසක් නොවන බව අමන්දීට සිතිණ.
දැන් ඉඳුවර ද අතීත මතකයක්ව ගොස් අවසන් ය.අමන්දී ගෙදර යනතුරු ඉස්පාසුවක් නැතිව හුන්නා ය.

දුලනිගේ තාත්තා ද අවිශ්ක ද ගමේ දුම්රියපොළට වී අමන්දීලා එනතුරු බලා හුන්නා ය.දුලනිලා නික්ම ගිය පසු අමන්දී අවිශ්කගේ මෝටර් සයිකලයට නැග්ගේ සිනාබරිතව ය.

“පාළුත් හිතුණා..”

පෙම්බසක් දොඩන්නට බොහෝ මැලි වන අවිශ්ක එසේ කියද්දී අමන්දීට සිනාවක් උපන්නා ය.

“අර දිර දිර තියන කාර් පොඩ්ඩෙන් අපිව එක්කන් යන්න තිබ්බනෙ..එහෙමනම් පාලුයැ..”

අවිශ්ක හිනැහුණේ පැති වීදුරුව මතින් ඈ දෙස බලා ය.

“මට ඒක හිතුණා..ඊළඟ පාර එක්ක යන්නං..ගේ වැඩ හින්දා මං ඉන්න එපැයි මේ පාර..”

තොරතෝංචියක් නැතිව කියවන අමන්දීට අවිශ්ක සවන් යොමා හුන්නේ ආදරයෙනි.ඇය නැති ජීවිතය අසීරු බව ඔහු මේ දෙදින තුළ වටහා ගෙන හුන්නේ ය.අක්කාගේ වදයෙන් ඈ ඉක්මනින් මුදවන්නට අවශ්‍ය බව ඔහු සිතුවේ ද ඒ නිසා ය.

අනෙක් කොටස්

More Stories

Popular

Don't Miss




Latest Articles

error:
0
Would love your thoughts, please comment.x
()
x