බර අඩුකර ගැනීමේ අතිශය සාර්ථකම ආහාර පාලන සැලැස්මක් වෙන GM Diet ක්‍රමය

බර අඩු කර ගැනීම සඳහා ලොව පුරා ජනතාව විවිධ වූ ඩයට් ක්‍රම අනුගමනය කරනවා. ඒ අතරින් GM ඩයට් ක්‍රමය හෙවත් general motors diet ක්‍රමයද ජනප්‍රිය ඩයට් ක්‍රමයක් .එය අනුගමනය කිරීමෙන් සතියක් තුළදී රාත්තල් පහලොවක් ,නැතිනම් 6.8 Kg ක ප්‍රමාණයක් අඩු කරගත හැකි වන බව පෝෂණවේදීන් සඳහන් කරනවා .
මෙම diet ක්‍රමය මඟින් සෑම දිනකම ඔබට විවිධ ආහාර හෝ ආහාර කාණ්ඩ ලබා ගැනීමට හැකිවනවා . ඒ වගේම මෙම ක්‍රමය සඳහා ඇතුළත් වන්නේ අඩු කැලරි ප්‍රමාණයක් සහිත එළවළු සහ පලතුරුය සහ වැඩි ජල ප්‍රමාණයක් සහිත එළවළු සහ පලතුරුය . ඒ වගේම මෙම ණය ක්‍රමය අනුගමනය කරන කාලය තුළදී ජලය හොඳින් පානය කිරීමද අනිවාර්ය වන අතර පළමු දින තුන තුළ දී ව්‍යායාම කිරීමෙන් වැළකී සිටිය යුතුය .

මෙම ඩයට් ක්‍රමය දින හතකට වෙන් වී ඇති අතර සෑම දිනකදීම ඔබ කුමන ආහාරය පරිභෝජනය කළ යුතුදැයි වෙන් කර ඇත .උදාහරණයක් වශයෙන් දෙවන දිනයේදී ඔබේ ආහාර වේල එළවළු වලට පමණක් සීමා වන අතර පස්වන දිනයේදී ඔබේ ආහාර වේලට තක්කාලි සහ මස් පමණක් සීමා වේ.

GM ඩයට් ක්‍රමයේ ඇති වාසි මොනවාද?

  • සතියක් තුළදී ඔබේ බර රාත්තල් 15 ක ප්‍රමාණයකින් අඩු කරයි
  • ඔබේ ශරීරයේ ඇති විෂ සහ අපද්‍රව්‍ය ඉවත් කරයි
  • ආහාර ජීර්ණ ක්‍රියාවලිය වැඩිදියුණු කරයි
  • ශරීරයේ මේද දහනය කිරීමේ ක්‍රියාවලිය වේගවත් කරයි
  • වැඩිපුර එළවළු සහ පලතුරු අනුභව කිරීමට ඔබව දිරිමත් කරයි
  • ඔබේ බර වැඩිවන කැලරි සහ සීනි ප්‍රමාණයන්ගෙන් අධික ආහාර පරිභෝජනය වළක්වයි
  • ඔබ අනුභව කිරීමට කැමති එළවළු සහ පලතුරු තෝරා ගැනිමට ඔබට ඉඩ ලබා දෙයි

GM ඩයට් ක්‍රමය අනුගමනය කරන්නේ කොහොමද ?

පළමු දිනය

දවස පුරාම කෙසෙල් හැර ඕනෑම පලතුරක් ආහාරයට ගත හැකිය
බර අඩු කර ගැනීම වේගවත් කිරීම සඳහා කොමඩු ආහාරයට ගත හැකි බව පෝෂණවේදීන් සඳහන් කරයි
ආහාරයට ගත යුතු උපරිම පලතුරු ප්‍රමාණයක් නියම කර නැත

දෙවන දිනය

දවස පුරාම අමුවෙන් හෝ තම්බා එළවළු පමණක් ආහාරයට ගන්න
ආහාරයට ගත යුතු උපරිම එළවළු ප්‍රමාණයක් නියම කර නැත
අර්තාපල් ආහාරයට ගන්නවා ගන්නවා නම් එය උදෑසන ආහාර වේලට පමණක් සීමා කරන්න

තුන්වන දිනය

කෙසෙල් සහ අර්තාපල් හැර ඕනෑම එළවළු සහ පලතුරු වර්ග ආහාරයට ගන්න
ආහාරයට ගත යුතු උපරිම ප්‍රමාණයක් නියම කර නැත

හතරවන දිනය

දවස පුරාම කිරි සහ කෙසෙල් පමණක් පරිභෝජනය පරිභෝජනයට ගන්න
විශාල කෙසෙල් ගෙඩි හයත්, අටත් අතර ප්‍රමාණයක් ආහාරයට ගත හැකිය
කිරි වීදුරු තුනක් පානය කළ හැකිය

පස්වන දිනය

හරක් මස් , කුකුල් මස් හෝ මාළු අවුන්ස දහයක ( ග්‍රෑම් 284 ) කොටස් දෙකක් ආහාරයට ගන්න
මස් වලට අමතරව තක්කාලි ගෙඩි හයක් ආහාරයට ගත හැකිය
නිර්මාංශ අයට මස් වෙනුවට ගෘහ චීස් ආදේශ කරගත හැකිය
ජලය පානය කරන ප්‍රමාණය වීදුරු දෙකකින් වැඩි කරන්න

හයවන දිනය

හරක් මස් , කුකුල් මස් හෝ මාළු අවුන්ස දහයක ( ග්‍රෑම් 284 ) කොටස් දෙකක් ආහාරයට ගන්න
ඊට අමතරව අර්තාපල් හැර ඕනෑම එළවළුවක් ආහාරයට ගත හැකිය
නිර්මාංශ අයට මස් වෙනුවට ගෘහ චීස් ආදේශ කරගත හැකිය
ජලය පානය කරන ප්‍රමාණය වීදුරු දෙකකින් වැඩි කරන්න

හත්වන දිනය

රතු බත්, එළවලු , පළතුරු සහ පළතුරු යුෂ පමණක් ආහාරයට ගන්න

ආහාරයට ගත යුතු උපරිම ප්‍රමාණයක් නියම කර නැත

සැලකිය යුතු කරුණු

  • බෝංචි වල කැලරි ප්‍රමාණය තරමක් වැඩි නිසා ඒවා ආහාරයට ගැනීමට සුදුසු නැත
  • කෝපි සහ ග්‍රීන් ටී පානය කළ හැකිය
  • සෝඩා සහ කැලරි සහිත පාන වර්ග පානය කළ නොහැක
  • රසකැවිලි සහ බිස්කට් ආහාරයට ගත නොහැක
  • මස් වර්ග වෙනුවට ගෘහ චීස් ද , සාමාන්‍ය කිරි වෙනුවට සෝයා කිරි ද භාවිතා කළ හැකිය .

දින හතක මෙම ඩයට් ක්‍රමය අනුගමනය කිරීම අවසන් කිරීමෙන් පසුව බර අඩුකරගැනීම පවත්වාගෙන යාම සඳහා ඔබට ප්‍රෝටීන් බහුල සහ කාබෝහයිඩ්‍රේට අඩු ආහාර වේලක් ලබාගත හැකිය

ලොව පුරා බොහෝ දෙනා අනුගමනය කරන මෙම ඩයට් ක්‍රමය මගින් දින හතක් වැනි කෙටි කාලයකින් බර අඩු කර ගැනීමට හැකි නිසාත් , පෝශ්‍යදායී එළවලු සහ පලතුරු ඔබේ ආහාර රටාවට එකතු වන නිසාත් මෙය ඉතා හොඳ ඩයට් ක්‍රමයක් ලෙස සැලකිය හැකිය.කෙසේ වෙතත් කුමන ආකාරයේ ඩයට් ක්‍රමයක් වුවත් අනුගමනය කිරීමට පෙර ඔබේ සෞඛ්‍ය තත්වය වෛද්‍යවරයෙක් ලවා පරික්ශා කර ගැනීමට ඔබ සැලකිලිමත් වන්න

Related Articles

Don't Miss


Latest Articles