විවාහ ජීවිතයක් සාර්ථක කරගන්නනම් යුවතිපතීන් අතර හොඳ අවබෝධයක් අනිවාර්යයෙන්ම තිබිය යුතුයි. සමාජයේ තැනුම් ඒකකය පවු සේම ලෝකයේ අනාගතය නිර්මාණය කරන්නේ අද උපදින දරුවන්. ඒ නිසා දරුවන් සමාජයට එක් කිරීම පවුලක වගකීමක් ලෙස සිතති.
පවුලක් දෙන්නා දෙමාල්ලන්ගෙන් පමණක් ඉදිරියට ගෙන යාම එතරම් පහසු නැහැ. එය ඒකාකාරී වනවාට කිසිම සැකයක් නැහැ. පුංචි දරුවකුගේ සිනහව, හුරතල් කතා නිවසකට ආලෝකයක් ගේනවා. දරුවෙක් කියන්නේ විවාහයට පත් කාන්තාවගේ මෙන්ම පිරිමියාගේත් සරු බව පෙන්වන ලකුණක් හැටියටයි සමාජය සලකන්නේ. ඒත් සමාජයේ හැම ගැහැනියක්ම, හැම පිරිමියකුම මේ සරුබව උරුමකරගත්තවුන් නොවේ. ඒක ජීව විද්‍යාත්මකයි. එහෙම යම්කිසි පවුලක පිරිමියා හෝ කාන්තාව හෝ දරුපල නැති අයෙක් වූ විට දරුවකු අරන් හදාගෙන ඒ පවුල සම්පූර්ණ කරගෙන යන්නට උත්සාහ කරන අය සිටිනවා. මේසඳහා එකිනෙකා පිළිබඳ අවබෝධය අත්‍යාවශ්‍යයි.
එවැනි දරුවන් නැති වූ පවුල් සමහර අවස්ථාවලදී විවිධ සමාජීය ගැටලූ සහගත තත්ත්වයන්ට මුහුණ දෙන ආකාරය දක්නට ලැබෙනමා. සමහර විට අම්මලා, නැන්දම්මලාගේ මැදිහත්වීම නිසා මේ පවුල තවදුරටත් සමගිසම්පන්න පවුලක් ලෙස පවත්වාගෙන යාම අසීරු වෙනවා. මොකද අම්මලාගෙත් බලාපොරොත්තුවක් තියෙනවා තමන්ගේ දරුවන්ගේ දරුවෙක් දැකබලා ගැනීමේ. ඒ අවස්ථාව නැතිව ගියාම අම්මලා දුකට පත්වෙනවා. එවිට ඔවුන් එහි වරද තබන්නේ තමන්ගේ දරුවාට නොව පවුලට එක් වූ අනෙක් පාර්ශ්වයට වීමත් සාමාන්‍ය තත්ත්වයක්. එසේත් නැති නම් අනියම් සම්බන්ධතා හෝ ආදියෙන් පවුල් අවුල් වීම දකිනට ලැබේ.
නමුත් උගත් බුද්ධිමත් ජනකොටසක් හැටියට දරුවන් නැති විවාහක යුවළකට අද නව තාක්ෂණය, විද්‍යාව භාවිත කරමින් අවශ්‍යනම් තමන්ගේම දරුවෙක් ලබාගැනීමේ හැකියාව තිබෙනවා. ඒ වගේම දරුවන් වැඩි දුප්පත් පවුලකින්, අනාථ වූ පවුලකින් දරුවෙක් අරන් හදාගැනීමට හැකියාවක් පවතිනවා. එය ඒ පවුලටත් ලබාදෙන හයියක් වෙන්න පුළුවන් වගේම මහඟු පිනක්. ඒ කිසිවකට අකමැති අයට දෙන්නා අතර අවබෝධයෙන් වෙනත් විකල්ප තෝරාගනිමින් පවුලේ සමගිය ආරක්ෂාකර ගැනීමට හැකියාවක් තියෙනවා.
පවුලක් සම්පූර්ණ වෙන්නනම් දරුවකු සිටිය යුතුම බවට නීතියක් නැහැ. දරුවන් නොමැති වුවත් ආදරයෙන් අවබෝධයෙන් ජීවත්වන යුවතිපතීන් සමාජයේ ඕනෑ තරම් සිටිනවා. ඉගෙනගන්න දේවල් වෙනම තියලා ජීවිතයේ එන ප‍්‍රශ්නවලට වෙනම මුහුණ දෙන්නේ නැතිව එකිකො හොඳින් වටහාගතහොත් මෙවැනි ප්‍රශ්නයක් වූවත් විසඳාගැනීම අපහසු නැහැ.
– කල්හාරී –