ඔබේ ප්‍රතිශක්තිකරණය ඉහළ දමන සුවිශේෂීය ආයුර්වේද කැඳ

පවතින වසංගත තත්ත්වයට හොඳින් මුහුණදීම සඳහා ශරීරයෙහි ප්‍රතිශක්තිකරණය ඉතාමත් වැදගත් සාධකයක් වීම් හේතුවෙන් අන් කවර කාලයකටත් වඩා ප්‍රතිශක්තිකරණය ගැන මේ කාලයේදී ඔබ උනන්දුයි. අද අපි මෙම ලිපියෙන් ඔබ වෙත ගෙන එන්නේ ඔබේ ප්‍රතිශක්තීකරණය ඉහළ නංවමින් ආරක්ෂාව තහවුරු කරන ආයුර්වේදයේ එන සුවිශේෂී කැඳ වර්ග කිහිපයක් ගැනයි.

ප්‍රතිශක්තිකරණ වඩන මේ සුවිශේෂී කැඳ වර්ග මොනවාද?

  1. හීංබෝවිටියා කැඳ
  2. යකිනාරං කැඳ
  3. කරපිංචා කැඳ
  4. මොණරකුඩුම්බිය කැඳ

1) හීංබෝවිටියා කැඳ

මෙම කැඳ වර්ගය මගින් ප්‍රතිශක්තිකරණය ඉහළ දැමීම වගේම තවත් ප්‍රයෝජන බොහොමයක් ලබා දෙනවා.

ප්‍රතිශක්තිකරණය ඉහළ නැංවීම

සෙම් රෝග පාලනය

අක්මා ගත රෝග වල්ට ඉතාමත් ගුණදායකයි
ශරීරය පිළිකා ශෛල විනාශ කිරීම

ආහාර දිරවීම පහසු කිරීම

අක්මා සෛල ආරක්ෂා කිරීම

කොහොමද කැඳ හදා ගන්නෙ?

අවශ්‍ය වන ද්‍රව්‍ය:

හීන් බෝවිටියා කොළ ඉස්ම

කැකුළු හාල් මිටක්

පොල්කිරි කෝප්ප එකක්

ලුණු තේ හැදි 1යි


සුදු ලූනු බික් 3 ක්

ඉගුරු කැබැල්ලක්

සාදන ආකාරය:

කැකුළු හාල් හොඳින් සෝදා විනාඩි 15ක් වතුරේ පොඟවා ගැනීම

පසුව හොඳින් කැබලි හිටින සේ අඹරා ගැනීම

මැටි භාජනයක් ගෙන වතුර පිරිසි කෝප්ප හතරක් යොදා කැබලි හිටින සේ අඹරාගත් කැකුළු සහල් මද ගින්නේ පිස ගැනීම

හොඳින් හැඳි ගාමින් එයට පොල්කිරි එක් කර ගැනීම

හීන් බෝවිටියා කොළ ඉස්ම හොඳින් තැම්බෙමින් තිබෙන කැකුළු සහල් එකට එකතු කර ගැනීම

අවසානයේ සුදු ලූණු,ඉගුරු එක් කර ගැනීම

ඉන් පසුව විනාඩි තුනක් මද ගින්නේ පිස ගැනීම

2) යකි නාරං කැඳ

මෙම කැඳ වර්ග යේ ගුණ:

සෙම් රෝගවලට ඉතා ගුණදායකයි

ප්‍රතිශක්තිකරණය ඉහළ නැංවීම

කොලෙස්ටරෝල් පාලනය

හෘද රෝගවලට ඉතාමත් ගුණදායකයි

ශරීරය පිළිකා ශෛල විනාශ කිරීම

ඇදුම රෝගයට ඉතා හොඳයි

කැඳ සාදා ගන්නා ආකාරය

යකිනාරං කොළ ඉස්ම

කැකුළු හාල් මිටක්

පොල්කිරි කෝප්ප එකක්

ලුණු තේ හැදි 1යි

සුදු ලූනු බික් 3 ක්

ඉගුරු කැබැල්ලක්

සාදන ආකාරය:

කැකුළු හාල් හොඳින් සෝදා විනාඩි 15ක් වතුරේ පොගවා ගැනීම

පසුව හොඳින් කැබලි හිටින සේ අබරා ගැනීම

මැටි භාජනයක් ගෙන වතුර පිරිසි කෝප්ප හතරක් යොදා කැබලි හිටින සේ අඹරාගත් කැකුළු සහල් මද ගින්නේ පිස ගැනීම

හොඳින් හැඳි ගාමින් එයට පොල්කිරි එක් කර ගැනීම

යකිනාරං කොළ ඉස්ම හොඳින් තැම්බෙමින් තිබෙන කැකුළු සහල් එකට එකතු කර ගැනීම

අවසානයේ සුදු ලූණු,ඉගුරු එක් කර ගැනීම

ඉන් පසුව විනාඩි තුනක් මද ගින්නේ පිස ගැනීම

3) කරපිංචා කැඳ

මෙය ඔබ කොලෙස්ටරෝල් සදහා භාවිතා කරන ඔබ හොදින් දන්න කැද වර්ගයක්.නමුත් මෙයත් ප්‍රතිශක්තිකරණයට ඉතා ගුණදායකයි .

මෙම කැඳ වර්ග යේ ගුණ:

ප්‍රතිශක්තිකරණය ඇති කිරීම

කොලෙස්ටරෝල් පාලනය

දියවැඩියාවට ඉතාමත් ගුණදායකයි

ශරීරය පිළිකා ශෛල විනාශ කිරීම

ආහාර අරුචිය නැති කරයි

ශරීරයේ විස ඉවත් කරයි

සෙම නැසීමට ඉතා හොද බැවින් කොරෝනා වෛරසයට එරෙහිව ඉතා හොදින් ක්‍රියා කරයි

කැඳ සෑදීමට අවශ්‍ය වන ද්‍රව්‍ය:

කරපිංචා කොළ ඉස්ම

කැකුළු හාල් මිටක්

පොල්කිරි කෝප්ප එකක්

ලුණු තේ හැදි 1යි

සුදු ලූනු බික් 3 ක්

ඉගුරු කැබැල්ලක්

ගම්මිරිස් ඇට ස්වල්පයක්

සාදන ආකාරය:

කැකුළු හාල් හොඳින් සෝදා විනාඩි 15ක් වතුරේ පොගවා ගැනීම

පසුව හොඳින් කැබලි හිටින සේ අබරා ගැනීම

මැටි භාජනයක් ගෙන වතුර පිරිසි කෝප්ප හතරක් යොදා කැබලි හිටින සේ අඹරාගත් කැකුළු සහල් මද ගින්නේ පිස ගැනීම

හොඳින් හැඳි ගාමින් එයට පොල්කිරි එක් කර ගැනීම

කරපිංචා කොළ ඉස්ම හොඳින් තැන්මින් තිබෙන කැකුළු සහල් එකට එකතු කර ගැනීම

අවසානයේ සුදු ලූණු,ඉගුරු සහ ගම්මිරිස් ඇට එක් කර ගැනීම

ඉන් පසුව විනාඩි තුනක් මද ගින්නේ පිස ගැනීම

4) මොණරකුඩුම්බිය කැඳ

මෙම කැඳ වර්ග යේ ගුණ:

ලේ පිරිසිදු කිරීම

ප්‍රතිශක්තිකරණය ඉහළ නැංවීම

ආහාර දිරවීම පහසු කිරීම

අක්මාවේ ක්‍රියාකාරීත්වයට

ඇදුම රෝගයට ඉතා හොඳයි

කැඳ සෑදීමට අවශ්‍ය වන ද්‍රව්‍ය:

මොණරකුඩුම්බිය කොළ ඉස්ම

කැකුළු හාල් මිටක්

පොල්කිරි කෝප්ප එකක්

ලුණු තේ හැදි 1යි

සුදු ලූනු බික් 3 ක්

ඉගුරු කැබැල්ලක්

සාදන ආකාරය:

කැකුළු හාල් හොඳින් සෝදා විනාඩි 15ක් වතුරේ පොගවා ගැනීම

පසුව හොඳින් කැබලි හිටින සේ අබරා ගැනීම

මැටි භාජනයක් ගෙන වතුර පිරිසි කෝප්ප හතරක් යොදා කැබලි හිටින සේ අඹරාගත් කැකුළු සහල් මද ගින්නේ පිස ගැනීම

හොඳින් හැඳි ගාමින් එයට පොල්කිරි එක් කර ගැනීම

මොණරකුඩුම්බිය කොළ ඉස්ම හොඳින් තැම්බෙමින් තිබෙන කැකුළු සහල් එකට එකතු කර ගැනීම

අවසානයේ සුදු ලූණු,ඉගුරු එක් කර ගැනීම

ඉන් පසුව විනාඩි තුනක් මද ගින්නේ පිස ගැනීම

සැලකිලිමත් විය යුතු කරුණු

මෙම කැද වර්ග සෑදීමේදී මද ගින්නේ සෑදිය යුතුයි

සතියකට දින දෙකක් හෝ තුනක් භාවිතා කළ යුතුයි

ආයුර්වේද වෛද්‍ය අරුණි ලියනමාන

Related Articles

Don't Miss


Latest Articles