ඉනේ හැඩයට ගැලපෙන ඇඳුම් තෝරාගනිමු

හැඩැති ඉනක් ඕනෑම කාන්තාවකට ගෙන දෙන්නේ වැඩි අලංකාරයක්. ඉනේ හැඩය ඉස්මතුකරවන්නට නම් එයට ගැලපෙන විලාසිතා තෝරාගැනීම අත්‍යාවශ්‍යයි. ඔබට ඇත්තේ කුමන හැඩයේ ඉනක්ද යන්න මත පහත සඳහන් ආකාරයට ඇඳුම් හා විලාසිතා තෝරාගත හැකියි.

ඔබට සිහින් නැතහොත් කුඩා ඉනක් ඇත්නම් ඉනේ හැඩයට මැසූ ඇඳුම්, පළල් belts, ප්‍රින්සස් ලයින් හැඩැති ඇඳුම්, කෙටි blouse හා ඉන අසලට යෝක් ආකාරයට කෑලි තුනට මැසූ විලාසිතා වඩාත් සුදුසුයි. හතරැස් හැඩැති, හැඩයක් නැති, ප්‍රමාණයේ විශාල ඇඳුම්, tunics, ඉන පහළට සිටින සේ මැසූ ඇඳුම් තෝරාගැනීමෙන් වැළකීම වඩාත් උචිතයි. කුඩා උකුළක් ඇත්නම් උකුළ විශාල කර පෙන්නන්නට කුඩා pleats සහිත සාය, රැළි සහිත සාය හා pleats සහිත කලිසම් තෝරාගැනීම වඩාත් සුදුසුයි. එසේම ඇඟේ ප්‍රමාණයටම මැසූ සාය හෝ jeans උකුලේ හැඩය වැඩි කර පෙන්වීමට උපකාර වෙන්නේ නැහැ.

පළල් ඉනක්, සිහින් ඉනක් ඇති ලෙස පෙනෙන ආකාරයට පෙන්වීමට අවශ්‍ය නම් උකුළ දක්වා හෝ ඊට වඩා දිග blouse, tunic විලාසිතා, හැඩට මැසූ එනම් ඉන අසලදී ලිහිල් හැඩයක් ඇති blouse හෝ ගවුම්, සාමාන්‍ය පිහිටීමට වඩා පහළින් හෝ ඉහළින් ඉන සහිත ඇඳුම් , සිහින් belts සහ කෑලි හයේ සායවල් ආදී ඇඳුම් තෝරාගැනීම සිදුකල හැකයි. නමුත් ඉන හැඩයට මසන ලද ඇඳුම්, පළල් belts, ඉන දක්වා දිග blouse එතරම් ගැලපෙන්නේ නැති අතර blouse/t-shirt සායට හෝ කලිසමට යට කර ඇඳීම සුදුසුවන්නේ නැහැ.

පිරුණු උකුළ කුඩා කර පෙන්වීමට උත්සාහ කරන්නට අවශ්‍ය නම් ලිහිල් blouse/t-shirt සුදුසු අතර ඒවා උකුල දක්වා හෝ ඊට වඩා දිගට තෝරාගත යුතුයි. ෂෝල්ඩර් පෑඩ්ස් යෙදූ blouse මෙන්ම ටයිටි සාය, A-line සාය, කුඩාවට රැළි දැමූ සායවල්, ෆ්ලෙයාඩ් සාය, ඉනට කුඩා රැළි යෙදූ කලිසම් වඩාත් ගැලපෙනවා. Pleats සහිත සාය, ඉනට ඩාටි දමා හැඩ කරන ලද ඇඳුම්, ඇලයට සාක්කු මසා ඇති ඇඳුම්, ඇඟේ හැඩයට හෝ තදට මසා ඇති කලිසම් හෝ ජින්ස් තෝරාගැනීම සුදුසුවන්නේ නැහැ.

මේ ආකාරයට ඇදුම් තෝරාගතහොත් ඔබේ ඉනෙහි අලංකාරය වඩ වඩාත් ඉසමතුකොට දැක්වීමට අනිවාර්යයෙන්ම හැකිවේවි.

– කල්හාරී –

Related Articles

Don't Miss


Latest Articles