නිවසක් ඉදි කිරිමේදී ඔබ සැලකිලිමත් විය යුතු වාස්තු දෝෂ කිහිපයක්

0
920

නිවසක් කියන්නෙ අපි බොහෝ දෙනාගේ සිහිනයක්.ඒ නිවසේ සතුටින් සැහැල්ලුවෙන් ජීවත් වෙන්න තමයි හැමෝගෙම ආසාව.ඔබ ඇතැම් විට ඔබටම කියා නිවසක් සෑදූ අයෙක් වෙන්න පුළුවන්.එසේ නොවේ නම් ඔබේම නිවසක සිහින දකින අයෙක් වෙන්න පුළුවන්.ඉතිං අපි හිතුවා ඒ දෙපාර්ශවයටම වැදගත් වන කරුණක් ගැන අද කතා කරන්න.ඒ තමයි නිවසක් ඉදි කිරීමේදී ඔබ සැලකිලිමත් විය යුතු වාස්තු දෝෂ කිහිපයක් ගැන.

ඉඩමක් තෝරා ගැනීම

නිවසක් සෑදීම සඳහා භූමියක් තෝරා ගන්නා තැන සිටම අප ඉතා කල්පනාකාරී වෙන්න ඕනි කියලයි වාස්තු විද්‍යාවේ සඳහන් වෙන්නේ .ඉඩමේ පිහිටීම, ඉඩමේ හැඩය, ඉඩමේ ඇති පස වැනි දෑ පිළිබඳව අවධානය යොමු කළ යුතුයි.ඒ වගේම  ඉඩමක උතුර සහ නැගෙනහිර දිශාව පහත්ව තිබීමත් දකුණ බටහිර දිශාව උස්ව තිබීමත් යහපත්. ඒ වගේ සැලකිලිමත් විය යුතු තව කරුණු කිහිපයක් පහතින් ,

සෑම ඉඩමකම ප්‍රේත පාද, දේව පාද, මනුෂ්‍ය පාද, බ්‍රහ්ම පාද යනුවෙන් කොටස් 4 කට බෙදා දක්වනවා. මෙමගින් නිවසක් තනා ගැනීමේදී ප්‍රේත පාදය ඉවත් කර නිවස සෑදිය යුතුයි.  වැට මායිමක් අසල නිවසක් ඉදිකිරීම තුළින් ආරවුල්, අපිරිසිදුකම, අනතුරු ආදී දේ ඇතිවන්නට ඉඩ තිබෙනවා. මේ නිසා ප්‍රේත පාදය නිවාස ඉදිකිරීමේදී අත්හල යුතු වනවා.

නිවස සෑදීමේදී මගහැරිය  යුතු වාස්තු දෝෂ


1 ඉඩමේ බ්‍රහ්ම පාදය අපිරිසිදු නොකොට තැබිය යුතුයි

ඉඩමේ බ්‍රහ්ම පාදය ඉතාම  වැදගත් අංගයක් . නිවස මත බ්‍රහ්ම පාදය පෑගීම සුදුසු නැහැ. බ්‍රහ්ම පාදයක් බිත්තියක් මතට වැටීමද සුදුසු වන්නේ නැහැ. එමගින් බිත්තියෙහි සවි ශක්තිය නැතිව යනවා. විශ්ව ශක්තිය නිවස තුළට ගලා එන්නේ බ්‍රහ්ම පාදය පිහිටි ස්ථානයටයි. නිවස පුරා එම ශක්තිය විසිරී යන්නේ ඉන් පසුවයි.

2 නිවසෙක ගිනි කතුරට අසුවන ලෙස නිවසේ කුමන හෝ උප කොටසකට දොර තබා භාවිතා කරන්නේ නම් එම කොටස පාළුවට යනවා.

එලෙස  භාවිත කරන්නේ නම් භාවිතා කරන අයට අනේක විධ නීතිමය ප්‍රශ්නවලට මුහුණ පාන්නට සිදුවන අතර එසේ නැතහොත් නිතර කේන්ති ඒම, නුරුස්නා ගති මෙන්ම අනේකවිධ ව්‍යාකූලතා ඇතිවනවා.

house



 3.නිවසක් සමචතුරස්‍රාකාර නොවන පරිදි දිග පළල නියමිත පරිදි යොදාගෙන සෑදිය යුතුයි

එමගින්  නිවසක අන්තිවාරම් බිත්ති මෙන්ම වහළ ස්වභාවික උවදුරු, අව්වැසි, සොර සතුරු මෙන්ම තිරිසන් සතුන්ගේද උපද්‍රවවලින් තොරව ගොඩනගා ගන්න පුළුවන් . ඒ අනුව වාස්තුවේදය  මුලිකව කතා කරන කරුණු 3ක් තිබෙනවා.

… සමබරතාවය

සමබරතාව කියන්නේ  නිවසේ බර භෞතික පොළොව මත යොදන වර්ගඵලයට සෑම තැනින්ම සමාන තෙරපීමක් හෙවත් පීඩනයක් ඇතිවන පරිදි ස්ථානගත කිරීමයි. ඒසේ සමබර නොවූ විට බිත්ති පිපිරීම ගිලා බැසීම, ඇළවීම, යන භෞතික අයහපත් තත්ත්ව ඇති වන අතරම යක්‍ෂ, ප්‍රේත, කුම්භාණ්ඩ, පිසාච ආදී ශක්තීන්ද අසමබර පද්ධති තුළ වාසයට ප්‍රිය බැවින් ඔවුන්ද ස්ථානගතවීමේ ඉඩකඩ වැඩිවන බවයි වාස්තුවේදය සඳහන් කරන්නේ.

… සමතුලිතතාවය

 සමතුලිතතාව එනම් තෙරපීම අඩු වැඩි වශයෙන් පවතින විට සම්ප්‍රේෂණයද අසමතුලිත වනවා. එවිට ඉහත කී අයහපත් ශක්තීන්ගේ බලපෑම් නිරන්තරයෙන්ම නිවසට එල්ල වනවා.

… අංගසම්පූර්ණත්වය

වාස්තු පුරුෂ සංකල්පයට අනුව නිවසේ ඊසාන, ගිනිකොන, නිරිත සහ වයඹ යන කොන් සතර අඩුවීමෙන් නිර්මාණය වන  පොරෝ හැඩතල නිවාසවල දෝෂකාරී තත්ත්ව මතුවන  මේ නිසා නිවසක අංගසම්පූර්ණත්වයද ඉතා වැදගත්.

4.නිවසක කාමර හරි හතරැස් වීමද අශුභදායක .

එමගින් වාසය කරන්නන් තුළ නිතර කේන්තිය ස්වභාවයක් ඇති වනවා. එකිනෙකා නුරුස්නා ස්වභාවයක් වර්ධනය වනවා.

5.නිවසක එක් පැත්තක් පමණක් කාමර පිහිටුවීම දෝෂ සහිතයි.

නිවසේ  සමබරතාව නැතිව යන අතර එනිසාම සමතුලිතතාවද බිඳ වැටෙනවා. මෙවැනි නිවාසවල කරන කියන දේවල සමබරතාව හා සමතුලිතතාව රැකෙන්නේ නැහැ.

නිවසක් සත්‍ය වශයෙන්ම පවුලක් සංකේතවත් කරනවා. මුදුන් බිත්ති, යට ලී, ප්‍රධාන උළුවස්ස, ගිනි කතිරය. මේ සියල්ල නිසි අයුරින් සකස් විය යුතුමයි. නිවාස  තුළද ගෘහ මූලික ශක්තිමත් නොවී සිටියහොත් පවුලේ ගරා වැටීම සිදු වනවා.

නිවසක් තැනීමේදී ගෘහ නිර්මාණ ශිල්පය, වාස්තු විද්‍යා   තුළ කිසියම් ගුප්තමය හෝ හරවත් යමක් පියවි ඇසින් නොදකින නොපෙනෙන යමක් තිබෙන බව පාරම්පරිකව පිළිගත් මතයයි. එබැවින් ඒ පිළිබඳව ද සැලකිලිමත්වෙමින් නිවාස තැනීමට යොමු වීම වැදගත් වනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here