පෝෂණීය යීස්ට් රොටී සමග වට්ටක්කා කරි එකක රස බලමු

පෝෂ්‍යදායි පහසුවෙන් සකසගන්න පුළුවන් රසවත් කෑම රෙසිපියක් ගැනයි අද අපි කතා කරන්නේ. පෝෂණීය යීස්ට් රොටීයි.මෙය ඉතාම ගුණදායි නිසා කුඩා දරුවන්ටත් දෙන්න පුළුවන්. මෙය ඔබ කැමති කරි එකක් එක්ක රසවිදින්න පුළුවන්.අපි කියලා දෙනවා මෙයටම ගැළපෙන වෙනස්ම විදිහේ රසවත් වට්ටක්කා කරි එකක් සකසා ගන්න ආකාරයත්

අවශ්‍ය ද්‍රව්‍ය

  • පාන් පිටි 500g
  • සිහින්ව කපාගත් ලුණු,කැරට්,ලීක්ස්
  • පොල් තෙල් හෝ එළඟි තෙල්
  • යීස්ට්
  • ලුණු
  • වතුර

කොහොමද හදාගන්නේ ?

මුලින්ම යීස්ට් මේස හැන්දක් පමණ අරන් ස්වලප ප්‍රමාණයකින් මද රස්නේ වතුර දාලා දිය කරගෙන පිරිසියකින් වහලා පිපෙන්න තියන්න ඕන (විනාඩි 10 පමණ ප්‍රමාණවත් )

ඉන්පසු පිටි ටික අරගෙන ලුණු අවශ්‍ය ප්‍රමාණයට දාලා ඒකටම එළගි තෙල් හෝ පොල් තෙල් මේස හැඳී 2ක් පමණ දාලා අවශ්‍ය ප්‍රමාණයට වතුර එක් කරලා මිශ්‍රණය හොදට අනාගන්න ඕන.

අපි කලින් පිපෙන්න තියපු යීස්ට් ටික පිටි මිශ්‍රණයටම දාලා අවශ්‍යනම් නැවත නැවතත් වතුර එක් කරලා අනාගන්න අවශ්‍ය යි.

පසුව සිහින්ව කපා ගත් එළවලු අවශ්‍ය ප්‍රමාණයෙන් මිශ්‍ර කර ගන්න

ටිකක් ඝණ මිශ්‍රණයක් විදියට අනාගත්තට පසුව පොලීතීන් එකකින් ආවරණය කරලා පැය 3ක් විතර තියන්න ඕන.

පැය 3කට පස්සෙ ආපහු පිටි මිශ්‍රණය හොදින් අනාගන්න ඕන.

එම මිශ්‍රණය අරගෙන රොටී හදන්න අවශ්‍ය පරිදි කෑලීවලට වෙන්කර ගන්න

ඉන්පසුව රෝලකින් නැත්තම් අතින් තමන්ට පහසු විදියකට රවුමට තුනී කර ගන්න. එලෙස අපි තුනී කරගත්ත රොටිය ටීකක් රත් වුනු මැටි කබලකට දාලා නැත්තම් ෆෑන් එකකට දාලා පුච්චගන්න ඕන.රොටිය පුච්චගදිදි විටින් විට පැති මාරු කරමින් තමන්ට අවශ්‍ය තරමට එනකම් පුච්චගන්න ඕන.මෙම පෝෂණීය යීස්ට් රොටි මිශ්‍රණය රාත්‍රියේ දී සකසා ශිතකරණයක දමා පසුවදා උදෑසන සැකසීමට පුළුවන්.

වට්ටක්කා කරි

  • වට්ටක්කා 500g
  • රතුළුණු ගෙඩි 5
  • ගාගත් පොල් මේස හැදි 2
  • අබ තේ හැදි 1/2
  • ගම්බිරිස් තේ හැදි 1/2
  • සුදු හාල් මේස හැන්දක්
  • කුරුදු අගලක කැබැල්ලක්
  • පොල් කිරි කෝප්ප 1
  • මිරිස් කුඩු තේ හැදි 1/2
  • කහ කුඩු තේ හැදි 1/2
  • තුනපහ තේ හැදි 1/2
  • රම්පේ/කරපිංචා
  • ලුණු තේ හැන්දක්

සාදන ආකාරය :

වට්ටක්කා සාමාන්‍ය ප්‍රමාණයේ කෑලි වලට කපන්න.(වට්ටක්කා තෝරා ගනිද්දී හොද පිටි තියෙන එකක් තෝරා ගන්න)

ගාගත් පොල් මේස හැදි 2,අබ තේ හැදි 1/2,ගම්බිරිස් තේ හැදි 1/2,සුදු හාල් මේස හැන්ද,කහ ප්‍රමාණයෙන් භාගයක්,ලුණු ප්‍රමාණයෙන් භාගයක්,එකතු කරලා වතුර පොඩ්ඩක් දාලා හොදින් අඹරා ගන්න

වට්ටක්කා ටික භාජනයට දාන්න.(මැටි ඇතිලියක් නම් ගොඩක් හොදයි).රතුළුණු ,කරපිංචා ,රම්පේ ,කුරුදු පොතු කැබැල්ල,ඉතුරු කරගත් මිරිස් ,තුනපහ දාලා වතුර කෝප්ප 1/2 විතර දාලා මදගින්නේ පිසගන්න

වට්ටක්කා ටික හොදින් තැම්බූනාට පස්සේ මිරිකා ගත් පොල්කිරිවලට අඹරාගත් ගුලිය දීය කරලා වට්ටක්කා එකට දාන්න.ලුණු ඔබේ රස අනුව එකතු කරන්න.හොදින් උතුරන විට ලිපෙන් ඉවතට ගන්න.

සාදා ගත් පෝෂණීය යීස්ට් රොටි වට්ටක්කා කරිය සමග රසවිදින්න.රසවත් මෙන්ම වඩාත් ගුණදායි ආහාරයක් උදෑසන ආහාරයට ඔබත් එක්කර ගන්න

Related Articles

Don't Miss


Latest Articles