නිවිති කොස් ඇට ව්‍යාංජනයක් එක්ක කැරන් කොකු මැල්ලුමක් දවල් කෑමට හදමුද ?

නිතරම ලෙහෙසි පහසු ආහාර සකස් කරන ඔබට ගමේ විදියට වෙනස් කෑමක් අත්හදා බැලීමට අවස්ථාවන් ලැබෙනවා .විශේෂ අවස්ථාවක දී වගේ ම සුපුරුදු ඒකාකාරී ආහාර රටාවෙන් වෙහෙසට පත් අවස්ථාවකදීත් මේ ආහාර වට්ටෝරු අත්හදා බලන්නට පුළුවන් .රසයෙන් ගුණයෙන් ඉහළ වෙනස් රසයක් විඳීමට කැමති ඔබටයි මේ ආරාධනා ව.

නිවිති සමඟ කොස් ඇට වෑංජනය

අවශ්‍ය දේවල්

  • කොස් ඇට ග්‍රෑම් පන්සීයක්
  • නිවිති ග්‍රෑම් දෙසියක්
  • රතු ලූනු ග්‍රෑම් හතළිහක්
  • අමු මිරිස් ග්‍රෑම් විස්සක්
  • සුදු ලූණු බික් දෙකක්
  • උළු හාල් ඇට හය හතක්
  • කහ තේ හැඳි එක හමාරක්
  • තුන පහ මේස හැදි 4
  • ගොරකා බික් තුනක්
  • රස අනුව ලුණු
  • දිය කිරි මිලිලීටර් දෙසීයක්
  • මිටි කිරි මිලි ලීටර් එකසිය පනහක්
  • අබ තේ හැන්දක්
  • කුරුඳු පොතු ටිකක්
  • පොල් තෙල් මේස හැදි තුනක්
  • කරපිංචා සහ රම්පෙ

සාදන ක්‍රමය.

පළමුව මැටි බඳුනක් ගෙන එය ලිප මත තබා ගන්න . බඳුන අවශ්‍ය පරිදි රත් වූ පසු පොල් තෙල් බඳුනට දමන්න.තෙල් රත්වූ පසු ව රම්පෙ, කරපිංචා, අබ සහ කෑලි කපා ගත් රතු ළූණු එයට එකතු කර හොදින් තෙම්පරාදු කරන්න.
ඉන් පසු කොස් ඇට ,දෙකට කපා ගත් අමුමිරිස් , සුදුළුනු උළුහාල් සහ ගොරකා, කහ ,තුනපහ,කුරුඳුපොතු එයට එකතු කර දිය කිරි ද එක්කර මිශ්‍ර කර ගන්න. එයටම රස අනුව ලුණු එකතු කර විනාඩි දොළහක් පමණ තබන්න .එය මදක් සිඳුණු පසු මිටි කිරි සමග නිවිති දමන්න.විනාඩි කිහිපයක් ලිප මත තබා අවශ්‍ය පදම ආපසු බාගන්න.

කැරන් කොකු මැල්ලුම්

අවශ්‍ය දේවල්

  • සිහින්ව ලියාගත් කැරන්කොකු ග්‍රෑම් දෙසීයක්
  • ගා ගත් පොල් ග්‍රෑම් 75ක්
  • රතුළූණු ග්‍රෑම් විස්සක්
  • කහ කුඩු තේ හැඳි බාගයක්
  • ගම්බිරිස් ටිකක්
  • සුදු ලූණු බික් දෙකක්
  • අමු මිරිස් කරල් දෙකක්
  • ගොරකා කැබැල්ලක්
  • කරපිංචා ඉත්තක්
  • දෙහි ගෙඩියක යුෂ
  • ලුණු අවශ්‍ය තරමට

සාදන ආකාරය

පළමු ව කැරන් කොකු දෙහි හා කහ මිශ්‍ර වතුරෙන් සෝදා මිරිකා ගන්න. ඉන්පසු ගම්මිරිස් ,රතු ලූනු ,අමු මිරිස් ,කරපිංචා සුදුලූනු හොඳින් අඹරා ගන්න .ඊට පොල්, කහ ,ලුණු දමා නැවත වරක් අඹරා ගන්න. භාජනයක් ලිප තබා එයට එම මිශ්‍රණයත් කැරන් කොකු ත් දමා හොඳින් මිශ්‍ර කර වැඩි ගින්දරෙන් මලවා ගන්න .අවසානය ට මඳක් නිවුණු පසු දෙහි යුෂ එකතු කරන්න .

Related Articles

Don't Miss


Latest Articles