සමේ පැහැය වැඩිකරමින් බුද්ධිය වඩවන ගොටුකොළ කැඳ 

වර්තමාන කාර්‍යබහුල ජීවිතේ එක්ක මග හැරුණු නමුත් ඉතාම පෝෂණීය ආහාරය ලෙස කොළකැඳ හඳුන්වන්නට පුලුවන්. අපි ඔබට හාතාවාරිය කැඳවල ඖෂධීය ගුණ ගැන ලිපියක් පෙර සතියේදී ගෙන ආවා. 

අද අපි කතා කරන්නෙ ගොටුකොළ කැඳ ගැන.

දිගුකල් පවතින කැස්ස දුරු කරයි.

දිගුකල් පවතින කැස්ස, chronic bronchitis, tuberculosis වැනි රෝග තත්ව වලට ගොටුකොල යුෂ කිරිත් සමග පානය කිරීම මගින් සුව වන බව ආයුර්වේද පොත පතේ සඳහන්. 

ආයු කාලය වැඩි කිරීමට උපකාරී වෙයි.

පුද්ගලයකුගේ ආයු කාලය වැඩි කරන්නත්, ප්‍රතිශක්තිය වැඩිදියුණු කරන්නත් වගේම බලය ශක්තිය පෝෂණය සමේ නිරෝගිභාවයත් ගොටුකොල වලට වර්ධනය කළ හැකියි. 

බුද්ධිය වැඩි කරයි.

හැමෝම දන්නා විදියටම බුද්ධිය වර්ධනය කරන්නත් කටහඬ හොඳින් පවත්වා ගන්නත් ගොටුකොල උදව් වෙනවා. 

සිරුරේ බොහෝ අපහසුතා දුරලයි.

ජීරණ ශක්තිය වැඩි කරන්නට සමත් ගොටුකොල බැක්ටීරියා සහ දිලීර රෝග වලක්වන්නත් සමතෙක්. රක්ත පිත්ත රෝග, දියවැඩියාව, මුත්‍ර මාර්ගය ආශ්‍රිත රෝග, කැස්ස, ඇදුම, හෘද් රෝග, සමේ රෝග ආදියට හිතකර ගොටුකොල සමේ වර්ණයත් ඉහළ දමනවා.   

ආසාදන වලට ඉතා හිතකරයි.

ආසාදන තත්ව (inflammation) වළක්වන්නත් ගොටුකොල වලට හැකියාව පවතිනවා. දිනපතාම ගොටුකොල දෙකක් තුනක් වැනි ප්‍රමාණයක් විකා ගිලීම මගින් අක්මාව ආශ්‍රිත රෝග වලින් වැලැකීමට මහත් පිටුවහලක් සපයන බව ආයුර්වේද පොත පතේ දැක්වෙනවා.

මෙහෙම ගොටුකොළ කැඳ හදමු.

අවශ්‍ය ද්‍රව්‍ය

ගොටුකොළ කොළ ටිකක්

රතු නිවුඩු හාල් මිටක්

පොල් බෑයක කිරි

කපාගත් රතුලූණු ටිකක්

කපාගත් සුදුලූණු ටිකක්

තලාගත් ඉඟුරු ටිකක්

ලුණු සහ ගම්මිරිස් 

හදන්නේ මෙහෙමයි

සහල් ටික හොඳින් සෝදා, ලූණු සහ ලුණු ගම්මිරිස් දමා වතුර වැඩිපුර දමා ලිප තබා ගන්න. බත් එක හොඳින් පිසෙන්නට අවශ්‍යයි. එමෙන් ම කැඳ ගතිය ඉතිරි වෙන්නට අවශ්‍යයි. දැන් ගොටු කොළ ටික වතුර අඩුවෙන් දමා කොටා ගන්න. එහි යුෂ ටික පෙරාගන්න. ඉන්පසු උයාගත් බත් එකට කිරි දමා නටන විට ගොටුකොළ යුෂ ද එක් කර ඉක්මනින් බා ගන්න.

Related Articles

Don't Miss


Latest Articles