සුවඳට රසට ගෙදරදිම දන්සැල් බත් එකක් හදමු

මේ වැස්සෙ දන්සැල් වඳින්න යන්න බැරි වෙන ඔයාලා හැමෝටම අද ගෙදර ම දන්සැල් බත් එකක් හදාගන්න හැටි කියා දෙන්නයි යන්නේ. ගෙදර තියෙන දේවල්වලින් ඉක්මනින් ම හරියට සුවඳට දන්සැල් බත් එකක් හදාගන්නෙ මෙහෙමයි 

අවශ්‍ය ද්‍රව්‍ය

කීරි සම්බා හාල්  500 g

බීලූණු ගෙඩියක්

කරදමුංගු 

කරාබු නැටි 

රම්පෙ 

කුරුඳු පොතු

කරපිංචා

ගම්මිරිස් ඇට

(කරදමුංගු, කරාබුනැටි, කරපිංචා, රම්පෙ, ගම්මිරිස් ඇට, පිරිසුදු රෙදි කැබැල්ලක පොට්ටනියක් සේ බැදගන්න.)

වතුර – 750 ml

දුන්තෙල් මේස හැඳි – 2

(නැතිනම් එළඟිතෙල් හෝ බටර් ටිකක් භාවිතා කරන්න)

ලුණු

හදන්නේ මෙහෙමයි.

පළමුව හාල් සෝදා දිය බේරගන්න. පසුව තරමක තාච්චියක් ළිප තබා එයට දුන්තෙල් දමා රත්වන විට රම්පෙ කරපිංචා සහ සිහින්ව ලියූ ලූනු දමා රන්වන් පැහැ වනතුරු බැදගන්න. දැන් සෝදාගත් හාල් ටික දමා කළවම් කරමින් හොඳින් බැදෙන්නට හරින්න. ඉන්පසු වතුර, ලුණු සහ මුලින් සාදාගත් සුවඳ පොට්ටනිය ද හාල් එකට දමා දමා වසා තබා බෙරි නොවන ලෙස බත පිසගන්න. ඉන් පසුව බත් එක වෙනත් බඳුනකට දමා කැට පොඩි කරගෙන සුවඳ පොට්ටනිය ඉවත් කර ගන්න.

මේ එක්ක කන්න සීනි සම්බෝලයක් මෙහෙම හදමු.

අවශ්‍ය ද්‍රව්‍ය:

  • රතු ළුණු හෝ ලොකු ළුණු කිලෝ 1
  • උම්බලකඩ ග්‍රෑම් 200
  • කෑලි මිරිස් මේස හැඳි 4
  • සීනි මේස හැඳි 6
  • රම්පෙ, කරපිංචා මේස හැඳි 2
  • ඉඟුරු මේස හැඳි 1
  • සුදු ළුණු මේස හැඳි 1
  • මිටිකිරි කෝප්ප 1/4 ක්
  • සියඹලා ක්‍රීම් මේස හැඳි 3
  • තෙල් බෝතල් බාගයක්
  • ලුණු රස අනුව
  • අවශ්‍ය නම් කරඳ මුන්ගු, කරාබු නැටි

සාදන ක්‍රමය:

ළුණු ලියා රන්වන් පාට වනතුරු ගැඹුරු තෙලේ බදින්න. එය තෙල් බේරෙන්න පසෙකින් තබන්න. වෙනත් බඳුනකට තෙල් ටිකක් ලිප තබා රත්කර රම්පෙ, කරපිංචා, ඉඟුරු, සුදු ළුණු දමා බැද කරඳ මුංගු, කරාබු නැටි අවශ්‍ය නම් එකතු කරන්න.

ගින්දර අඩුකර උම්බලකඩ දමා බැද එයට බැදගත් ළුණු, සීනි, මිටිකිරි, සියඹලා එකතු කර ලුණු අවශ්‍ය ප්‍රමාණයට දමන්න. බෝතල් වල වෙන වෙනම අසුරා අවශ්‍ය පරිදි භාවිතයට ගන්න.

Related Articles

Don't Miss


Latest Articles