පෝෂණයෙන් අනූන පහසු උදේ අහාරයක්

උදෑසන ආහාරය රසට වගේම ගුණටත් ගන්න එක ඉතාම නුවණට හුරු දෙයක්. හැමදාම බත්, පාන්, පිට්ටු, ඉඳි ආප්ප වගේ දේවල් ආහාරයට නොගෙන ටිකක් වෙනස් විදියේ පෑන් කේක් එකක් සහ පානයක් හදලා බලමුද?

බතල පෑන් කේක්

අවශ්‍ය දේවල්:

බතල ගෙඩි 1

බිත්තර 2

වැනිලා තේ හැඳි 1 

කුරුඳු කුඩු තේ හැඳි 1/2 

සාදාගන්නා ආකාරය:

මුලින්ම බතල ගෙඩිය හොඳට හෝදලා ගෑරුප්පුවක් ආධාරයෙන් හිල් කරගන්න.

එය හොඳින් තම්බා ගන්න.  

පොතු හැරගෙන නිවෙන්නට තබා බ්ලෙන්ඩ් කරන්න

මිශ්‍රණයට බිත්තර සාරු, වැනිලා සහ කුරුඳු කුඩු එකතු කරන්න.

තරමක ලොකු නොන්ස්ටික් පෑන් එකක් ලිප තබා මඳ ගින්නේ රත්කර ගන්න. 

කලින් හදාගත්ත මිශ්‍රණය රත් වූ පෑන් එකට දමා අඟල් දෙකක විතර විශ්කම්භයක් තියන රවුමකට විසුරුවාගෙන විනාඩි 2-3 ක් හෝ දුඹුරු පාට වනතුරු පිස ගන්න.

අනෙක් පස හරවා මඳ වෙලාවක් තබන්න.

එච්චරයි!

Cucumber &  Avacado Drink

අවශ්‍ය දේවල්:

පිපිඤ්ඤා ගෙඩි 1 

මින්චි කොළ කෝප්ප 1/4

කොළ ඇපල් ගෙඩි 1

කොටු කපාගත් අලිගැට පේර ගෙඩි භාගයයි

මී පැණි මේස හැදි 1

අයිස් කැට කෝප්ප 1 1/2

සාදාගන්නා ආකාරය:

පිපිඤ්ඤා සහ ඇපල් සෝදා කොටු කපා ගන්න

ඒ කැබලි සහ අලිගැටපේර බ්ලෙන්ඩ් කරන්න

එයට මිංචි ද එකතු කරන්න.

අවසානයට මී පැණි එකතු කරන්න

අයිස් කැට අවශ්‍ය නම් මිශ්‍රණයට යොදා බ්ලෙන්ඩ් කර ගන්න.

Related Articles

Don't Miss


Latest Articles