කවුරුත් කන්න කැමති කොස් ඇට වලින් රසවත් කෑම

නිර්මාංශ අයට කොස් ඇට කියන්නේ ඉතාම හොඳ ආහාරයක්.ඒකට හේතුව කොස් ඇට හොඳ ප්‍රෝටීන් ප්‍රභවයක් වීමයි. අද අපි ඔබට කියන්න හදන්නේ කොස් ඇට විවිධ විදියට හදන්න පුලුවන් ක්‍රම ගැනයි. මේ විදියට කොස් ඇට හදලා බැලුවොත් ඔබේ පවුලේ අය ගොඩක් කැමති වෙයි

කොස් ඇට ටොෆී

අවශ්‍ය වෙන්නෙ මේ දේවල්

කොස් ඇට කෝප්ප  2
සීනි කෝප්ප  1
බටර් මේස හැඳි 1
කරදමුංගු ඇට 2
වැනිලා ස්වල්පයක්

හදන්නෙ මෙහෙමයි

මුලින්ම කොස් ඇට වලට ලුණු ස්වල්පයක් එකතු කර හොඳින් තම්බගන්න

පසුව කොස් ඇට වල පොතු ඉවත් කර ග්‍රයින්ඩර් එකක් ආධාරයෙන් හොඳින් කුඩු කරගන්න

දැන් කුඩු කරගත් කොස් ඇට භාජනයකට දමා සීනි එකතු කර ලිප තබා හැඳිගාන්න

ඉන්පසු සීනි දියවී සියල්ල එක ගුලියක් වන විට එයට බටර්, වැනිලා හා කරදමුංගු එකතු කරන්න

අඩු ගින්දරේ තබාගමින් මිශ්‍රණය හැඳිගාන්න. මිශ්‍රණය ඝන වීගෙන එනකොට ලිපෙන් ඉවත් කර බටර් ගාගත් ට්‍රේ එකක තුනී කර අවශ්‍ය පමණට කෑලි කපාගන්න

කොස් ඇට අග්ගලා

අවශ්‍ය වෙන්නේ මේ දේවල්

කොස් ඇට කෝප්ප 2
පොල් කෝප්ප 1
හකුරු කෑල්ලක්
සීනි කෝප්ප 1/2
ලුණු ස්වල්පයක්
වතුර ස්වල්පයක්

හදන්නෙ මෙහෙමයි

මුලින්ම කොස් ඇට සෝදා පොතු පිටින්ම කබලෙ බැදගන්න

දැන් කොස් ඇටවල පොතු ඉවත් කර වංගෙඩියකට දමා සීනි, හකුරු, පොල් සහ වතුර ස්වල්පයක්ද එකතු කර කොටාගන්න. 

තරමක කෑලි සිටින සේ කොටාගෙන අවශ්‍ය නම් වතුර ස්වල්පයක්ද නැවත එකතු කරගෙන, රස අනුව ලුණු එක්කරන්න

දැන් ඔබට අවශ්‍ය ප්‍රමාණ වලින් ගුලි සාදාගන්න ගුලි හදාගන්න

කොස් ඇට කලුපොල් මාලුව

අවශ්‍ය වෙන්නේ මේ දේවල්

කොස් ඇට කෝප්ප
බැදගත් කැකුළු හාල් කෝප්ප 1
සියඹලා යුෂ මේස හැඳි 1
තලාගත් සුදුළූණු බික් 4 – 5
අබ ස්වල්පයක්
කපාගත් අමුමිරිස් කරල් 2 – 3
කරපිංචා ස්වල්පයක්
වියළි මිරිස් කරල් 2 – 3
ලුණු අවශ්‍ය පමණට
මිරිස්කුඩු තේ හැඳි 2
කබලෙ බැදගත් මිරිස්කුඩු තේ හැඳි 1
අමු තුනපහකුඩු තේ හැඳි 1
කබලෙ බැදගත් පොල් මේස හැඳි 3
කුරුඳු පොතු ස්වල්පයක්
ගම්මිරිස්කුඩු අවශ්‍ය පමණ

 හදන්නෙ මෙහෙමයි

මුලින්ම වතුර වලට සියඹලා යුෂ එක්කර කොස් ඇට හොඳින් තම්බාගන්න

දැන් තම්බාගත් කොස් ඇට යන්තම් තලාගන්න

කබලෙ බැදගත් පොල් හා හාල් වලට සුදුළූණු, ළූණු, ගම්මිරිස්කුඩු, ලුණු, කරපිංචා, කුරුඳු පොතු, අබ එකතු කර හොඳින් අඹරාගන්න

භාජනයකට පොල්කිරි ටිකද, අඹරාගත් පොල් හා හාල් මිශ්‍රණයද එකතු කර එයට කහකුඩු, මිරිස්කුඩු, තුනපහකුඩු එකතු කරන්න.

දැන් එයට කොස් ඇට ටික එකතු කර රස අනුව ලුණු, ගම්මිරිස්කුඩු හා කපාගත් වියළි මිරිස් එකතු කර ලිපේ තබා මදගින්නෙ උතුරවගන්න.

අවසානයට බැදගත් මිරිස්කුඩු උඩින් ඉසගන්න

Related Articles

Don't Miss


Latest Articles